බල්ලන්ගේ මනුස්සකම.... Featured

Friday, 16 November 2018 13:29

බල්ලාගේ හිස

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී මාධ්‍යෙව්දී ජමාල් කෂෝගී මරා දැමිණි.

සල්මාන් කුමරු යටතේ ඇති විශේෂ ඒකකයක් මගින් මේ ඝාතනය සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ. ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන සවුද් අල් කටානි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතකයන් සමග සම්බන්ධ වී ඇති බවත්, ජමාල් ඝාතනය කරන්නට මොහොතකට පෙර ‘ඔය බල්ලාගේ හිස මට ගෙනැත් දෙන්න‘ යනුවෙන් ඔහු නියෝග කර ඇති බවත් අනාවරණය වී ඇත.

කුමරු නිදොස්

සෞදි රජයේ නියෝජ්‍ය නීතිපති ෂලාන් අල් ෂාලාන් ඊයේ මාධ්‍ය හමුවේ පවසා තිබුණේ ජමාල්ගේ ඝාතනය සම්බන්ධයෙන් 21 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ඉන් 11 දෙනෙකුට එරෙහිව සෘජුවම චෝදනා ගොනු කළ හැකි බවත්ය. ඒ අතරින් පස් දෙනෙකුට මරණ දඬුවම පැනවෙනු ඇතැයිද ඔහු පවසා තිබිණි. කෙසේ වුවත් මේ ඝාතනයට සල්මාන් කුමරුගේ කිසිදු සම්බන්ධයක් නැති බව තහවුරු වී ඇතැයිද ඔහු අවධාරණය කර ඇත. සෞදි රජයේ විදේශ කටයුතු ඇමැති අඩෙල් අල් ජුබෙයියර්ද මීට සතියකට පෙර මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ ජමාල්ගේ ඝාතනය පිළිබඳ කිසිවක් සල්මාන් කුමරු නොදන්නා බවත්, මෙය කිසියම් කණ්ඩායමකගේ වුවමනාවක් මත ක්‍රියාත්මක වූ අතිශය කුරිරු මෙහෙයුමක් බවත්ය.

ලසන්ත-ප්‍රගීත්

ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යෙව්දීන්ගේ ඝාතන සිදු වූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවශ්‍යතාව මත බව පැහැදිලිය. ඔවුන්ගේ පාලන කාලයේදී මාධ්‍යෙව්දීන් සහ මාධ්‍ය ආයතන සේවකයන් 44 දෙනෙකු ඝාතනයට ලක් වූ අතර, එයින් 41 දෙනෙක්ම උතුරු-නැගෙනහිර ක්‍රියාකාරිකයෝ වූහ. ඒත් යාන්තමට හෝ මේ ආණ්ඩුව යටතේ පරීක්ෂණ ආරම්භ කොට පවත්වාගෙන යන්නේ සිදුවීම් තුන-හතරකට අදාළව පමණි. එයින්ද ලසන්ත-ප්‍රගීත් සිදුවීම් සුවිශේෂී වන්නේ එම පරීක්ෂණ වලදී සෑහෙන තරම් කරුණු අනාවරණය වී ඇති නිසාය.

බබ්බු නැත

මේ ඝාතන සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් නිවැරදිකරුවන් බව එක් පාර්ශ්වයක් තර්ක කරද්දී, තවත් පාර්ශ්වයක් තර්ක කරන්නේ පොඩ්ඩන් අල්ලන්නේ නැතුව ලොක්කන් ඇල්ලිය යුතු බවයි. ඔවුන් වැරදිකරුවන්ද, නිවැරදිකරුවන්ද යන්න තීරණය කළ යුත්තේ අධිකරණයයි. එසේම ලොක්කන් ඇල්ලිය යුතුවාක් මෙන්ම මේ අපරාධ සිදු කළ පොඩ්ඩන්ට ගැලවෙන්නට ඉඩ නොදිය යුතුය. මේ ඝාතන පරීක්ෂණ වලට අදාළ අත්‍යවශ්‍ය තොරතුරු ලබාදීම හමුදාවෙන් ප්‍රතික්ෂේප කරන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් තිබෙන සහයෝගය නිසාය. අනෙක් අතට බුද්ධි අංශයේ මේ නිලධාරීන්ට ලසන්ත සමග හෝ ප්‍රගීත් සමග පෞද්ගලික ආරෝවක් තිබුණේ නැත. තමන්ගේ අපරාධකාර බලයට අභියෝග කළ මේ මාධ්‍යෙව්දීන් සමග ආරෝව තිබුණේ රාජපක්ෂලාටය.

අපේ නීතිය

රාජපක්ෂලාට එරෙහිව සිදු කළ විමර්ශන තිස් ගණනක වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කළද, නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ඒ සියල්ලට අදාළ අධිචෝදනා ගොනුකිරීම ප්‍රමාද කෙරිණි. එය සිදු වූයේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පාර්ශ්ව දෙකේම මූලික එකඟතා අනුවය. පසුගිය ආණ්ඩුව කාලයේ සිදු වූ වංචා-දූෂණ විමර්ශනය කරන්නට පත් කළ ජනාධිපති කොමිසමේ ලේකම්වරයාට අගමැති පාර්ශ්වයේ ඇමැතිවරයකු දුරකතන ඇමතුම් තිස් හයක් ලබාදී තිබිණි. ජනාධිපති පාර්ශ්වයේ නීතිඥවරයකු දුරකතන ඇමතුම් විසි පහක් ලබාදී තිබිණි. මේ සියලු දුරකතන ඇමතුම් වලින් නියෝග දී තිබුණේ රාජපක්ෂ පවුලේ දූෂණ ෆයිල් ප්‍රමාද කරන ලෙසයි.

සල්මාන් සහ මහින්ද

ව්‍යවස්ථා විරෝධී අගමැති මහින්ද රාජපක්ෂ දැන් මේ සියල්ල අමතක කර ඇත. ඔහුගේ කාලයේ ඝාතන කිසිවක් සිදු වී නැත. වංචා-දූෂණ කිසිවක් සිදු වී නැත. පැනමා පේපර්ස් මගින් හෙළි වූ කළු සල්ලි කතා, ෆෝබ්ස් සඟරාව නම් කළ දකුණු ආසියාවේ පොහොසත්ම පුද්ගලයන් අතරට එක් වූ මැදමුලනේ මහින්ද සියල්ලන්ට අමතක කරවා තිබේ. සිදු වන පරීක්ෂණ මගින් සෞදියේ වගේම ලංකාවේද පොඩ්ඩන් පිරිසක් හිරේට යනු ඇත. සල්මාන් වගේම මෙහිද ලොක්කන් තවදුරටත් එකාවන්ව රජ කරන්නට දඟලනු ඇත.

මිනිස්සු රවටන මනුස්සකම

ජමාල් කෂෝගි ඝාතනය කිරීමත් සමග සෞදි රජු සහ සල්මාන් කුමරු කෂෝගිගේ වැඩිමහලු පුත්‍රයා මුණ ගැසුණහ. කෂොගිගේ පුත්‍රයාට මේ ඝාතනය සම්බන්ධයෙන් රජ පවුලේ කනගාටුව පළ කළ බවත්, ඊට අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන් කරන බවට පොරොන්දු වූ බවත් සෞදි මාධ්‍ය වාර්තා කළේය. විවිධ කෝණ වලින් ගත් ඡායාරූප තොගයක්ද මුදා හැරිණි. ඒ සියල්ලේම රජ පවුලේ සාමාජිකයන් දෙදෙනා කෂෝගිගේ පුත්‍රයාටත් වඩා කනගාටුවෙන් සිටින බවක් පෙනෙන්නට තිබිණි. මහින්ද රාජපක්ෂද ව්‍යවස්ථා විරෝධී අගමැතිව සිටිමින් මේ කරන්නේ එයයි. තමන්ගේ තෝල්කයන් වන ප්‍රසන්න රණවීර, දිලුම් අමුණුගම වැන්නන් ලවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අන්තිම ඇණ ගසන්නට හදන්නේය. රුපියලේ අගය, ණය ගෙවීම්, විදෙස් සංචිත සියල්ල ඒ මිනී පෙට්ටියටම දමමින් ජනතාවට සහන මල්ලක් දෙන්නට සැලසුම් හදන්නේය. රට ගැනම කියන්නේය. අප ගැනම සිතන්නේය.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us