113 කගේ බහුතර සහාය අපිට තිබෙනවා. වෙලාව ආවම අපි ඒක පෙන්වනවා. - මහින්ද (Daily Mirror) Featured

Friday, 30 November 2018 16:00

රටේ පවතින වර්තමාන තත්වය සහ ලබන දෙසැම්බර් 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුවෙන් පසු රටේ පාලනය සිදු කරගෙන යාමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට ජනාධිපති සිරිසේනගේ තීරණයක් අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ මහින්ද රාජපක්ෂ සමඟ Daily Mirror පුවත්පතේ මාධ්‍යවේදි කැළුම් බණ්ඩාර සිදුකළ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසක්.

ප්‍ර: දැන් මේ රට අරාජික වෙලා තිබෙනවා. රටේ දේශපාලන අස්ථාවරබව හමුවේ මේ ඇති වී තිබෙන අර්බුදය අවසන් කිරීමට සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

පි : මේ රටේ කිසිම අස්ථාවරබවක් ඇති වෙලා නැහැ. එවැන්නක් සිද්ධ වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ පමණයි. එච්චරයි. මේක මේ මුළු රටටම බලපාපු කාරණාවක් නෙවෙයිත සාමාන්‍ය ජනතාව තමන්ගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා. රාජ්‍ය සේවකයෝ සුපුරුදු පරිදි සේවයට වාර්තා කරනවා. මම රට පුරා ගමන් කරන කෙනෙක්. ඒ නිසා මම දන්නවා සිද්ධ වෙන දේ. මම මේ කියන්නේ මම දැකපු දේවල්. ඒ වගේම රට පුරා රැස්වීම් හා පෙළපාලි පවත්වනවා.

මීට පෙර පැවති පාලන කාලයේචි අපි දැක්කා පාතාලය රජ කරපු හැටි. දවස ගාණේ මිනිස්සු හතරක් හෝ පහක් ඝාතනය වුණා. දැන් ඒ තත්වය වෙනස් වෙලා තිබෙනවා. ඇත්තටම කිව්වොත් රටේ විවිධ අංශවල යහපත් වෙනස්කම් සිදු වී තිබෙනවා.

ප්‍ර: දැන් පාර්ලිමේන්තුව තුළත අර්බුදයක් පැන නැගිලා තිබෙනවා. රටේ තීන්දු තීරණ ගැනීමට මේ තත්වය බාධාවක් වෙලා තිබෙනවා. මෙය තව් මාසයක් දෙකක් තුළ රටට අහිතකර වෙන්නේ නැද්ද?

පි : ඒක මොකක් වුණත් අපි දෙසැම්බර් 7 වෙනිදා ශ්‍රේෂ්ඨෘධීකරණ තීන්දුව ලැබෙනතුරු ඉන්න ඕනෙ. මෙතන තිබෙන ගැටළුව තමයි තවමත් මෙය අධිකරණයේ විභාග වන කාරණයක් වීම. අධිකරණය තීන්දුව දුන්නාට පස්සේ අපිට පුළුවන් මේ ගැන කතා කරන්න. එතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් කියන්න බැහැ.

ප්‍ර: ඔබ මොනවද කරන්න සැළසුම් කරගෙන ඉන්නේ?

පි : අධිකරණය තීන්දුව දුන්නට පස්සේ අපි තීරණය කරනවා මොනවද කරන්නෙ කියලා. අපි ඉන්නේ ජයග්‍රහණය කරන මට්ටමේ. අපි රජය ගන්නවා. අපි හැමදාම ඉල්ලුවේ ඡන්දයක්. අපි මැතිවරණයක් ලබා දෙන්න කියලා උද්ඝෝෂණ පවා කළා. මැතිවරණයක් පැවැත්වුවත් නැතත් අපිට කමක් නෑ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කගේ බහුතර සහාය අපිට තිබෙනවා. නියම වෙලාව ආවම අපි ඒක පෙන්වනවා.

ප්‍ර: ඔබ කොහොමද හරියටම කියන්නේ ඔබට පාර්ලිමේන්තුවේ 113කගේ සහාය තිබෙනවා කියලා?

පි : බැරි වෙලාවත් මැතිවරණයක් කැඳෙව්වොත් අපි ඒක පාර්ලිමේන්තුවේදි පෙන්වන්නම්.

ප්‍ර : දැන් ජවිපෙ සහ එජාපය කියනවා ඔවුන් ඕනෑම මැතිවරණයකට සූදානම් කියලා. නමුත් ඔබේ ආණ්ඩුවක් යටතේ එය සිදු කරන්න බැහැ කියලා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මැතිවරණයක් පවත්වනවා නම් එය ඔබේ ආණ්ඩුවක් නොවන වෙනත් ආණ්ඩුවක් යටතේ පවත්වන්න. ඔබ මොකද ඒ ගැන හිතන්නේ?

පි: අද ජවිපෙ සහ එජාපය කතා කරන්නේ එකම දේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ හොරණෑවක්. ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ මේ පක්ෂ දෙකම එකම අදහසක් ප්‍රකාශ කරන එක ගැන.

ප්‍ර: ඇතැමුන් අතර යම් මතයක් ගොඩ නැගී තිබෙනවා ඔබට මැතිවරණයකට ඉදිරිපත් වී එය ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබියදීත් ඔබ හොර පාරෙන් ඇවිත් ආණ්ඩුවට එක් වුණා කියලා. ඒ ගැන මොකක්ද ඔබේ අදහස?

පි : හොර පාරෙන් ඇවිත් බලය අල්ලා ගත්තා කියන එකේ කිසිම පදනමක් නැහැ. යම්කිසි දේශපාලන පක්ෂයක් සදාකාතිකවම විපක්ෂයේ ඉන්න ඕනෙ කියලා නියමයක් නැහැ. ඔවුන් ඉඩක් ලද වහාම ආණ්ඩු පක්ෂයේ කටයුතු කරන්න අවස්ථාවක් තිබෙනවා නම් ඒ අවස්ථාව ගන්න ඕනේ. වෙසක් පෝය දෙකකින් මේ රජය පෙරළනවා කියලා අපි රටට පොරොන්දු වුණා. එක වෙසක් පෝයක් ඉවරයි. ඊළඟ වෙසක් පෝයට කළින් අපි මේ ආණ්ඩුව පෙරළුවා. අපේ රාජකාරිය වෙන්නේ ඉඩ ලද අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළීම. ඒක මේ රටේ හැම කෙනෙක්ගෙම අවශ්‍යතාවක්. පහුගිය රජය මේ රටේ ජාතික සම්පත් කොල්ල කෑවා. ඒක දිගටම සිද්ධ වුණා නම් අපිට අපේ කියලා කියන්න කිසිම දෙයක් ඉතුරු නොවෙන්න තිබුණා. රට බෙදන ව්‍යවස්ථාවක් ගේන්න දරපු උත්සාහය අපි අසාර්ථක කරලා දැම්මා. එහෙම නොකළා නම් ඒකත් පාර්ලිමේන්තුවේ හඬ අනුව හායි හූයි ගාලා සම්මත කරන්න ඉඩ තිබුණා. මේ සන්දර්භය ඇතුළේ රටේ යහපත වෙනුවෙන් අපිට සිද්ධවෙලා තියෙනවා නිවැරදි තීරණයක් ගන්න. අපේ කාලෙත් අපිට සිද්ධ වුණා නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ ගැටළුවලට මුහුණ දෙන්න. කළින් රජය මේ රට ගැන හිතුවේ නැහැ. තමන්ගේ පෞද්ගලික වාසිය සහ විදේශ රටවල්වල අවශ්‍යතාවයන් මත ඔවුන් වැඩ කළා.

ප්‍ර: එකවරම රජය වෙනස් වීම බටහිර රටවල් ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවගේ විවේචනයට ලක් වුණා. ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයක් නැතිව කොහොමද රජයක් ගෙනියන්නේ ?

පි: අපිට කිසිම තරහක් නැහැ බටහිර රටවල් එක්ක. මේ වෙනකොටත් බටහිර රටවල් අපි දිහා බලන්නේ වෙනම කෝණයකින්. අපි ඒ වැරදි කෝණය නිවැරදි කරන්න ඉදිරියේදි පියවර ගන්නවා.

ප්‍ර: ඒ සම්බන්ධයෙන් මොකක්ද ඔබේ උපාය මාර්ගික සැළසුම ?

පි: අපි දැනටමත් ඒ දේවල් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අපි ඔවුන් එක්ක එකමුතු වෙමින් ඉන්නවා. ඔවුන්ට තිබෙනවා අපි ගැන නිදහස් අදහසක්. අළුත් තානාපතිවරයෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කළාම ඔහු රඳා පවතින්නේ ඔහුට පෙර සිටි අය ලබා දෙන තොරතුරු මත. ඉතින් ඒ අනුව ඒ අයගේ මතය හැඩ ගැහෙනවා. ඔවුන්ට සැබෑ තත්වය පෙන්වලා දෙන්න අපි උත්සාහ කරනවා. තානාපතිවකාර්යාල වල පාර්ශ්වයන් කිහිපයක් නියෝජනය කරන ඇතැම් පුද්ගලයන් ඉන්නවා.මේ පාර්ශ්වයන් ඉදිරිපත් කරන අදහස් ශ්‍රී ලාංකිකයන්ගේ පොදු මතය නෙවෙයි. නමුත් අවාසනාවට මේ අයගේ අදහස් බොහෝ වෙලාවට තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල විසින් ශ්‍රී ලාංකිකයන්ගේ පොදු මතය කියලා සළකනවා. ඉතාම සුළු රටවල් ප්‍රමාණයක් තමයි අපි එක්ක සබඳතා ගොඩ නාගාගෙන තිබෙන්නේ. මැදපෙරදිග රටවල්වලට අපි එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි බටහිර රටවල් කිහිපයක් අපි එක්ක ප්‍රශ්න හදාගෙන තිබෙනවා. අපි ඒවා නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා. චීනය හිතනවා ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා කියලා. රුසියාවත් එයම සිදු කරනවා.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us