රොස්පොටේරබ්නාඞ්සෝර් ආයතනය විසින් මොස්කව්හි ට්වෙර්ස්කෝයි අධිකරණය වෙත ගොණු කළ පැමිණිල්ලක් ඉදිරියේදී විභාග කිරීමට නියමිතව ඇත.
මැක්ඩොනල්ඞ්ස් අවන්හල් තුළ අලෙවි කරන ආහාර කිහිපයක් පිළිබඳ සැකපිට වෙලිකි නොව්ගොරොද් නගරයේ පිහිටි අවන්හල් මුලින්ම පරීක්ෂාවට ලක්කරනු ලැබිණි.
රොස්පොටේරබ්නාඞ්සෝර් ආයතනය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව සීසර් රෝල් නම් ආහාර වර්ගය හා එළවළු සලාදය තුළ මිනිස් අසූචිවල ඇති ‘ඊ කෝලි’ බැක්ටීරියාව හමුවී ඇති අතර සම්මත තත්වයන්ට වඩා 10 ගුණයක් වැඩියෙන් ක්ෂුද්රජීවීන් අඩංගු බව සොයාගෙන තිබේ.
ෆයිලට් ඕ ෆිෂ් සහ චිකන් බර්ගර්ද පෝෂණ තත්වය සම්බන්ධයෙන් රුසියානු පාරිභෝගික ආරක්ෂණ ආයතනයේ සම්මතයන්ට පහත මට්ටමක ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
මේ සමග මැක්ඩොනල්ඞ්ස් අවන්හල් වසා දැමීමට රුසියාව විසින් කටයුතු කරනු ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කරන ලද නමුත් රොස්පොටේරබ්නාඞ්සෝර් විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.
එම ආයතනයේ කලාපීය ප්‍රධානි ඇනටෝලි රොසොලොව්ස්කි පවසා ඇත්තේ නඩු පවරා ඇත්තේ පාරිභෝගිකයන් ලබාගන්නා ආහාර වර්ගවල සැබෑ තත්වය සගවන ක්‍රියාකාරකම් වලට එරෙහිව පමණක් බවයි.