මුම්බායි සිට බ්‍රසල්ස් නගරය දක්වා ගමන් කරමින් තිබූ යානය තුර්කියට ඉහළින් පියාසර කරමින් තිබිය දී ප්‍රධාන නියමුවා නින්දේ පසුවිය. ඒ අතර හදිසියේම යානය අඩි 5000ක් පහළට කඩා වැටිණි. එයට හේතුව සහාය නියමුවා ද අඩ නින්දේ පසුවීම යැයි සැකයක් අැතිවීම හේතුවෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සහාය නියමුවා බලධාරින්ට පවසා ඇත්තේ ඒ අවස්ථාවේ තමන් කාර්ය බහුලව සිටි හෙයින් ගුවන් යානයේ වූ වෙනස ගැන අවබොධයක් නොතිබූ බවයි.
අඩි 34000 ක් ඉහළින් ගමන් කල යුතු යානය පහළට වැටුනේ ඇයිද යන්න ගැන විමසීමට ඇන්කරා හි ගුවන් ගමන් පාලක විසින් යානයට හදිසි ඇමතුමක් ලබාදෙන තුරු එවැනි කඩා වැටීමක් ගැන නියමුවන් ෙනාදැනුවත්ය.
මේ යානා තුර්කියට ඉහළින් පියාසර කරන්නේ ඉරාකයේ හා යුක්රේනයේ යුද ගැටුම් පවතින ප්‍රදේශ මගහැර යමිනි.
මේ සිදුවිම ගැන ගුවන් ගමන් පාලක නියමුවන්ට ඇමතුමක් දී ඇත්තේ යානය පාලනයකින් තොරව ගමන් කරන බවට ලැබුණු නිර්ණාමික ඇමතුමක් හේතුවෙනි. එම ඇමතුමත් සමග ක්‍රියාත්මක වූ ගුවන් ගමන් පාලක යානය වහාම අඩි 32000ක් ඉහළට ලෙස දැනුම් දී තිබේ. කලබලයට පත් සහාය නියමුවා ඒ අවස්ථාවේ දී ප්‍රධාන නියමුවා නින්දෙන් අවදිකර ඇත.
මුම්බායි සිවිල් ගුවන් සේවා අධිකාරිය පරික්ෂණ නිමවෙන තෙක් නියමුවාගේ සහ සහාය නියමුවා සේවය තාවකාලිකව අත් හිටුවා අැත. අන්තර්ජාතික ගුවන් සේවා නියමයන්ට අනුව ලෝකයේ දීර්ඝ ගුවන් ගමන් වල යෙදිද්දී ගුවන් නියමුවාට තම ගුවන් නියමු කුටියේ දි කෙටි නින්දක් ලබා ගැනීමට බාධාවක් නොමැත.
එවැනි නින්දක යෙදෙන අවස්ථාවක සහය නියමුවා යානයේ ගමන් මාර්ගය හා හැසිරීම් ස්වභාවය ගැන මනා අවබෝධයෙන් සිටිය යුතුය.