ලොව සුපිරි බලවතා සේ සැලැකෙන ඇමරිකාවේ ජනපති බැරක් ඔබාමාගේ වැඩිමහල් දියණිය වන මාලියා ඔබාමා (Malia Obama) නිෂ්පාදන සහකාරියක් බවට පත්වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
ඇය මෙසේ නිෂ්පාදන සහකාරියක් බවට පත්ව සිටින්නේ ලොව විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අධ්යක්ෂවරයකු වන ස්ටීවන් ස්පිල්බර්ග්ගේය.
ස්පිල්බර්ග්ගේ අලුත්ම රූපවාහිනී වැඩසටහන වන ' ද එක්ස්ටන්ට්' හි ඇය මෙසේ නිෂ්පාදන සහකාරියක ලෙස සේවය කර තිබේ.
ඇය මේ රස්සාව කර ඇත්තේ අමතර සුළුමුදලක් (පොකට් මනී) උපයා ගැනීමට බවද පැවසේ.
මාලියා සිය 16 වැනි වියට එළෙඹියේ පසුගිය ජුලි 04 වැනිදා වන අතර ඉන් පසුව ඇගේ සිහින රැකියාව වූ මේ රැකියාවට කෙටි කලකට එක්ව තිබේ.
(srilankamirror)