8 වැනි දිනටත් එළඹේ . උමගේ සිරවූ ජිවිත 40ට කුමක් සිදුවේද ?

Published in විදෙස්
Monday, 20 November 2023 09:39

නොවැම්බර් මස 12 වනදා ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කිලෝමීටර 4.5 ක උමං මාර්ගයක කැණීම් කටුයුතු වල නිරත වෙමින් සිටි සේවක පිරිසක් මතට එයට ආසන්නයේ නාය ගිය පස් කණ්ඩියක් කඩා වැටීමෙන් සේවකයින් 40 ක පමණ පිරිසක් පිටතට පැමිණීමට නොහැකිව සිර විය.

අලුයම 4.00 පමණ මෙම අවසනාවන්ත අනතුර සිදු වූ අතර උමං මාර්ගයේ මීටර 200 ක ප්‍රමාණයකට පස් කණ්ඩිය සමග ගල් පර්වත කඩා වැටීමෙන් සේවක පිරිස පිටතට පැමිණීමට නොහැකි ව සිර වී ඇති අතර මෙම අනතුර දැන ගත් මොහොතේ සිට සහන කණ්ඩායම් සේවකයින් මුදවා ගැනීමේ කටුයුතු වල විශාල යන්ත්‍ර යොදා ගනිමින් උමං මාර්ගයේ වැසීගිය කොටස නැවතත් විවෘත කර ගැනීමේ දැඩි උත්සහහයක නිරත වන අතර ඔවුන්ට ප්‍රධානතම බාධකය වී ඇත්තේ වරින් වර පස් හා පර්වත උමං මාර්ගයට කඩා වැටීමයි ..

අනතුර දැන ගත් මොහොතේ පටන් කුඩා සිදුරු උපයෝගී කර ගෙන සේවක පිරිස සිටිනවයි සැලකෙන ප්‍රදේශයට ඔක්සිජන් සැපයීම අරඹා ඇත .

එමෙන්ම සේවකයින් සමග වෝකි ටෝකි යන්ත්‍ර මගින් සබදතා පිහිටුවා ගෙන ඇති සහන කණ්ඩායම් ආහාර පාන ද කුඩා බට මගින් යැවීමට සමත් වී තිබුණි.

 

*******දින 8 කට පසු තත්වය*********

දින 8කට පසු එනම් අද (20) දිනය වන විට තවමත් සේවකයින් 40 දෙනා උමගින් පිටතට ගත නොහැකි වී ඇති බව විදෙස් මධ්‍යවර්ථා කරයි. ..
පසුගියදා සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමත් සමග ඉදිකිරීම් බාරව සිටි ආයතනය හා ඉන්දීය ප්‍රාන්ත රජයේ මෙහෙයුම් මත සේවකයින් මුදවා ගැනීමේ කටුයුතු ඇරඹුවත් ඔවුන් යොදාගත් යන්ත්‍ර වලට එම කාර්යය ඉටු කිරීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් අගහරුවදා දින සිට ඉන්දීය මධ්‍යම රජය මැදිහත්ව නව යන්ත්‍ර දිල්ලියෙන් ගෙනවිත් සේවකයින් මුදවා ගැනීම වඩාත් පුළුල් කලත් එම යන්ත්‍ර වලටද පස් කදු හා පර්වත වැටී තිබෙන මීටර 60 ක පමණ කොටස මතු කරගෙන සේවකයින් තවමත් මුදා ගැනීමට නොහැකිව ඇත ..

ඉන්දීය රජය හා ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ මෙහෙයුම් කටුයුතු සදහා කණ්ඩායම් 6 ක් විවධ මාර්ග උපයෝගී කොටගෙන සේවකයින් මුදවා ගැනීමට දැඩි උත්සහයක් දරන බවයි ..

එතෙක් කුඩා බටයක් මගින් සේවකයින්ට නොකඩවා ඔක්සිජන් සපයන බවත් එසේම එවන් කුඩා බටයකින් දැනට සේවකයින්ට අහාර පාන , විවිධ විටමින් වර්ග හා ජලය සපයා ඇති බවත් එහෙත් සේවකයින් තවමත් පිටතට ගැනීමට තරම් විශාල විශ්කම්භයකින් යුතු බටයක් ( අඩි 4 ක් පමණ පළලින් ) සේවක පිරිස සිටින ස්ථානයට ඇතුළු කිරීමට කීපවරක් උත්සාහ දැරුවත් එම උත්සාහය දැරීමේදී වරින් වර පස් හා පර්වත කඩා වැටීම් සිදු වීම හේතුවෙන්ද එම බටයන් නොකඩවා ඉදිරියට තල්ලු කර ගැනීමට නොහැකි වීමෙන්ද මෙහෙයුම තවමත් සාර්ථක වී නොමැති බවයි .

එසේම තවත් කණ්ඩායමක් සමාන්තරව උමගක් කපා හෝ සේවකයින් මුදවා ගැනීමට ප්‍රයත්නයක් දැරුවත් එයටද බාධා එල්ල වී ඇතැයි ද මෙහෙයුම් කණ්ඩායම් පවසයි ..එයද දැනට අසාර්ථක වී ඇත

අද වන විට වාර්තා වුයේ නැවත වරක් උමග මතට විශාල පස් හා පර්වත කඩා වැටීමට යම් වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇති බවට මෙහෙයුම් කණ්ඩායම් පවසන අතර ඒ හේතුවෙන් කුමන හෝ උත්සහයක් දරමින් දින 8 ක් පුරාවට තමන් මුදවා ගන්නා ලෙස ඇවිටිලි කරමින් සිටින අහිංසක ජිවිත 40 මුදවා ගැනීමට ඉන්දීය රජය හැකි සැම පියවරක්ම ගනිමින් සිටි.

එහෙත් මෙතෙක් දින 8 පුරාවට ගත් සියලු පියවරන් අසර්ථක වූ අතර ඒ පියවරන් කිසිම විධිමත් බවකින් තොර බවටද සේවකයින්ගේ පවුල් වල පිරිස් සහ සහෝදර සේවකයින් පවසන බවයි මධ්‍යවර්තා කරන්නේ.

 1

2

3

4

-P.M

Last modified on Monday, 20 November 2023 09:45

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us