ගැටුම් හේතුවෙන් ටි‍්‍රපොලි ගුවන් තොටුපල පසුගිය මාසයේ සිට වසා දමා තිබිණ.
ගුවන් තොටුපල අල්ලා ගත් සන්නද්ධ කැරළිකරුවන් ගුවන් යානා මත නැගී සිය ජයග‍්‍රහණය සැමරූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
2011 වසරේදී ගඩාෆිගේ පාලනය බිඳ දැමීමෙන් පසු ලිබියාව තුළ මෙතෙක් ස්ථාවර තත්ත්වයක් ගොඩනැගී නොමැත. බලය උදෙසා සටන් කරන විවිධ සන්නද්ධ කල්ලිවල ගැටුම් හේතුවෙන් පසුගිය කාලයේදී ජීවිත සිය දහස් ගණනක් අහිමි විය.
ටි‍්‍රපොලි ගුවන් තොටුපලේ බලය අත්පත් කරගෙන ඇත්තේ අන්තවාදී ඉස්ලාමීය කැරළිකරුවන් පිරිසකි.
ගුවන් තොටුපල වැටලූ කැරළිකරුවන් වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කළද ඔවුන් මැඩලීමට නොහැකි ඇත.