ඔහු පවසා ඇත්තේ මෙම දේශපාලන විරසකය සමග රටවල් අතර ගණුදෙනුවේදී ඇමරිකානු ඩොලරය මග හැර තම ජාතික මුදල් ඒකක වලින් සෘජුව ගණුදෙනු කිරීමේ පෙළඹුමක් හටගෙන ඇති බවයි.
මෙමගින් පීඩනය යළි ඇමරිකාව වෙත යොමුවන බව තෝන්ටන්ගේ අදහසයි. ජාත්‍යන්තර ගණුදෙනුවලදී මෙන්ම මහ බැංකුවල සංචිත පවත්වා ගැනීමේදීද ඇමරිකානු ඩොලරය භාවිතා කිරීම ඇමරිකාවේ අවශ්‍යතාවය බව ඔහු පවසා ඇත.
රුසියාව, ඇමරිකාව සහ යුරෝපය අතර ඇති දේශපාලන ගැටුම්කාරී බව නිසා ජාත්‍යන්තර ගණුදෙනුවලදී ඩොලරයේ තත්වය මෙන්ම මහ බැංකු සංචිත මුදල් ඒකකයක් ලෙසද එය පිරිහෙමින් ඇතැයි මාක් තෝන්ටන් සඳහන් කර තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ ඇමරිකානු ඩොලර් හරහා වෙනුවට රූබල් සහ යුආන් හරහා ගණුදෙනු කිරීම වර්ධනය කිරීම වෙනුවෙන් රුසියාව හා චීනය අතර අත්සන් කළ ගිවිසුම පිළිබඳ අදහස් දක්වමිනි.
ඇමරිකාව සහ යුරෝපා සංගමය විසින් පණවා ඇති සම්බාධක තවත් දැඩි කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් රුසියාව මෙම පියවර ගෙන තිබේ.
එහිදී රුසියානු නියෝජ්‍ය අගමැති ඉගෝර් ෂුවාලෙව් පවසා ඇත්තේ තෙවන පාර්ශ්වයක මුදල් ඒකකයක් භාවිතයෙන් තොරව ගණුදෙනු කිරීමට දෙරටේ සමාගම් වෙත දිරි දෙන බවයි.