මේ හේතුවෙන් කැනඩාවේ අගනුවර ඔටාවා හි නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
අදාළ තුවක්කුකරුවා කැනඩා යුද ස්මාරකය අසල සිට වෙඩි තබමින් එරට පාර්ලිමේන්තු පරිශ‍්‍රයට ඇතුල්වී ඇත.
පසුව ආරක්ෂක අංශ සහ තුවක්කුකරු අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් තුවක්කුකරු සහ ආරක්ෂක අංශයේ නිලධාරියකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
අග‍්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කිසිදු අවස්ථාවක ත‍්‍රස්තවාදයට හිස නොනමන බවයි.