මේ සමග පැසිපික් බලඇණියට අයත් නෞකාවන්, වර්යාග් නියෙමු මිසයිල ප්‍රහාරක නෞකාව සහ මාර්ෂල් ෂාපොෂිනිකොව් ඩිස්ට්‍රොයර් නෞකාව සහ එහි පරිවාර යාත්‍රාවන් වහාම ඕස්ටේ්රලියාව අසලට ගමන් අරඹා ඇතැයි පැවසේ.
මේ බව සැලවූ වහාම ඕස්ටේ්රලියාවද සිය පැරාමට්ටා සහ ස්ටුවර්ට් නෞකාවන් අදාළ ප්‍රදේශය වෙත යවා ඇති නමුත් උණුසුම්කාරී තත්වයක් නැතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයක දැක්වේ.
නොවැම්බර් 15-16 දිනවල බි්රස්බේන්හි පැවැත්වෙන G-20 රටවල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පුටින් ඕස්ටේ්රලියාව බලා පියාසර කිරීමට නියමිතව ඇත.මේ අතර ඔහු ගමන් ගන්නා ගුවන් යානයට පහරදී විනාශ කිරීමට ඔබාමා පාලනය සැලසුම් කරමින් ඇති බව රුසියානු FSB ඔත්තු සේවය විසින් දැනුම් දී ඇත.
මෙම ගුවන් ගමනේදී ඉල්-96 වර්ගයේ රුසියානු රාජ්‍ය නායක යානය පසුගිය මාර්තු මසදි අභිරහස් ලෙස අතුරුදන් කෙරුණු මැලේසියානු ගුවන් සේවයේ MH370 යානය ගමන් ගත් මාර්ගය ආසන්නයෙන් පියාසර කිරීමට නියමිතය.
මෙම වර්යාග් නෞකාවේ ඇති M-300 මිසයිල ආරක්ෂණ පද්ධතිය පුටින්ගේ යානය එවැනි අනතුරකින් ගලවා ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය වනු ඇතැයි වාර්තා වේ.