13 වැනි ශතවර්ෂයට අයත් පෞරාණික නටඹුන් රාශියක් මෙම නගරයේ තිබු බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. නගරය ආශ්‍රීත ප්‍රදේශයේ බලය මේ වන විට පවතින්නේ අයි.එස් සටන්කාමීන් සතුවයි. නගරය විනාශ කිරිමෙන් පසුව අදහස් දක්වා ඇති අයි.එස් සටන්කාමීන් පවසා ඇත්තේ පෞරාණික නටඹුන් සහ ප්‍රතිමා සියල්ලම මිත්‍යාවන් බවයි.
අයි එස් සටන්කාමීන් උතුර ඉරාකයේ සිදු කර ඇති සංස්කෘතික පුරාවස්තු විනාශ කිරීම තරයේ හෙළා දකින බව ඉරාකයේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති අතර උතුරු ඉරාකයේ පෞරාණික නගර ආරක්ෂා කිරීම සඳහා විශේෂ පියවර ගන්නා බව අවධාරණය කර ඇත. ලෝක උරුමයක් ලෙස නම් කර ඇති එම නගරය විනාශ කිරීම පිලිබඳ යුනෙස්කෝ සංවිධානයද විරෝධය පල කර තිබේ.
මීට පෙර ද අයි.එස් සටන්කාමීන් විසින් මෝසූල් නගරයේ පිහිටි කෞතුකාගාරයක පෞරාණික කලාකෘතින් විනාශ කරනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබුණි.