ඒ සදහා අමෙරිකාවේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්ද සහභාගිවීමට නියමිත බව බව වාර්තා වේ.මියන්මාරයෙන් සහ බංග්ලාදේශයෙන් පැමිණෙන සංක‍්‍රමණිකයින් සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබද මෙහිදී වැඩි අවධානයක් යොමුකරනු ඇති.
මෙම අර්බුදය නිර්මාණය වූවේ අදාළ සංක‍්‍රමණිකයින් බෝට්ටු මගින් තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවලට සංක‍්‍රමණයවීමත් සමගයි.
මේ අතර ඕස්ට්‍රේලියානු පුවත් පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා සිය රටේ වෙසෙන වාර්ගික රෝහින්ග්‍යා ජන කොටස්වලට උදව් කිරීම සඳහා තවදුරටත් ක්‍රියා කරන ලෙස නොබෙල් සාම ත්‍යාගලාභී ඕන් සාන් සූකී ගෙන් ඉල්ලා තිබේ.
මියන්මාරයේ වැසියන් ලෙස පිළිනොගන්නා රෝහින්ග්‍යා ජනයා පිළිබඳව අදහස් පල නොකර සිටීම ගැන ඕන් සාන් සූකී ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක් විය.