ස්වීඩන් රජ පවුලේ පුද්ගලයෙකු සාමාන්‍ය වැසියෙකු සමඟ විවාහ වන්නේ පළමු වරටයි.
යෝග උපදේශකවරියක් ලෙස කටයුතු කරන ඇය පළමු වරට පිලිප් කුමරුට මුණගැසී ඇත්තේ 2010 වසරේදීයි.
අද දිනයේ පැවැත්වීමට නියමිත ඔවුන්ගේ විවාහ මංගල උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගි වනු ඇති බවටයි විශ්වාස කෙරේ.
කාල් පිලිප් කුමරු ස්විඩන් රජ පවුලේ කිරුළට හිමිකම් කියන තුන් වැන්නා වේ.