එජාප ආණ්ඩුව ශක්තිමත් කිරීමේ 'සජිත් - මලික් - මංගල' මෙහෙයුම Featured

Published in පුවත්
Tuesday, 18 December 2018 18:24

ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එකතුව සිදු කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව එජාප ආණ්ඩුව පිහි‍ටුවා එය ශක්තිමත් කිරීමේ මෙහෙයුමක්ද දියත් විය.

ඒ අනුව අද දින පාර්ලිමේන්තුවේදී ශ්‍රිලනිප මන්ත්‍රීවරු වන විජිතමුණු සොයිසා , පියසේන ගමගේ, ඉන්දික බණ්ඩාරනායක, සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන ආය ආණ්ඩු පක්ෂයට එක විය. ඉදිරි දින කිහිපයේදී තවත් ශ්‍රීලනීපයේ සහ පොහොට්‍ටු පක්ෂයේ මන්ත්‍රීවරු ගනනාවක් ආණ්ඩු පක්ෂයට එක් වීමට නියමිතය.

පසුගිය සතියේ අවසන් දින කිහිපයේදී මේ මෙහෙයුම ආරම්බ වූ අතර මීට සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර යන මන්ත්‍රීවරු සෘජුවම සහභාගී වී තිබිණි. මංගල සමරවීර ඇමැතිවරයාගේ කොළඹ නිල නිවසේදී මේ සාකච්ඡා ගන්නාවක් පැවැත්වූ අතර මෙයට රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී තිබිණි. මෙම ශ්‍රී ලනීප කණ්ඩායම සමඟ ඉදිරි දේශපාලන කටයුතු සඳහා වන ප්‍රතිපත්තිමය එකඟතාවයකටද එළඹ තිබේ.ජනවාරි 08 යහපාලන පොරොන්දුව ඉ‍ටු කිරීමේ අභිලාශය ඇතිව ඊට පක්ෂපාත විශාල පිරිසක් ජනවාරි 08 මිතුරෝ නමින් සංවිධානාත්මක කණ්ඩායමක් ලෙස ආණ්ඩුවට සහය දිමට ඉදිරිපත් වන බව අප විසින් මීට පෙර හෙළි කරනු ලැබුවේය.

මේ අතර අද විජිතමුණි සොයිස මහතා ආණ්ඩුවට එක්වීම ශ්‍රීලනිපය දෙදෙරීමකට ලක්වීමට තරම් හේතුවක්ව තිබේ. පැරණි ශ්‍රීලනීප සාමාජිකයකු වන සොයිසා මහතා ශ්‍රීලනිපයෙ උප සභාපතිවරයකුද වීමත් ඔහු අද පාර්ලිමේන්තුවේ දී පැවැත් වූ කතාව ශ්‍රී ලනීප පාක්ෂිකයාගේ ඇස් ඇරවන්න සමත් වීමත් ඊට හේතුවී තිබේ. අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රී ලනිපයෙ උප සභාපතිවරයකුව සිටිය්දී එජාප ආණ්ඩුවට සහය දැක්වීමට පැමිණිමෙන් පසුව ශ්‍රි ලනීපයේ ප්‍රබලයකු එජාපයට සහය දැක්වීමට ඉදිරිපත් වූයේ මෙවරය. එසේම තවත් ප්‍රබල ශ්‍රීලනීප ජේෂ්ඨයන් ගනනාවක්ව ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුවට එක්වීමට නියමිත අතර මෙය ශ්‍රි ලනිපය මහා සෝදා පාලුවකට ලක්වීම ආරම්බවීමක් ලෙස සැලකිය හැකියි. මේ වන විට ශ්‍රිලනිපයේ තවත් පිරිසක් පොහොට්‍ටු පක්ෂයේද සාමාජිකත්වය ගෙන තිබේ,

විජිත් විජයමුණි සොයිසා විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණ කළ කතාවෙන් කොටසක්

අද ශ්‍රීලනිපය හැටියට මමත්, ලක්ෂ්මන් සෙනවිරත්න මන්ත්‍රීතුමත්, ඉන්දික බණ්ඩාරනායක මන්ත්‍රීතුමත් මේ රජයට සහාය ලබා දෙන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය හැටියට එකතු වෙලා තියෙනවා. එහෙම එකතු වෙන්න බලපාපු කරුණු රාශියක් තිබෙනවා. මේ රටේ දේශපාලන ඉතිහාසයේ විශාල අස්ථාවරත්වයක් වුණා. එය දුප්පත් ජනතාවට විවිධ ක්‍රමවලින් දැනෙනවා. තවදුරටත් මේ රටේ වගකිව යුතු දේශපාලන පක්සයක් හැටියට ශ්‍රීලනිපයට , මන්ත්‍රීවරුන් හැටියට අපිට ලොකු වගකීමක් තිබෙනවා.

සමහර කුඩා දේශපාලන පක්ෂවල විඥානය ගැන අපි ගෞරව කළ යුතුයි. අපේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, අනුශාසක මහින්ද රාජපක්ෂ සමඟ කටයුතු කිරීමේ කිසිම ගැටලුවක් නෑ. දැන් නම් එතුමා වෙන පක්ෂයක සාමාජිකයෙක් කියලා මම මාධ්‍යවල දැක්කා.

ශ්‍රීලනිපය හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි ශ්‍රීලනිප පාක්ෂිකයක් ආරක්ෂා කළ යුතුයි. අපි ශ්‍රීලනිප පාක්ෂිකයන් හැටියට අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මැදින් පීදුණු අයට පක්ෂය ගැන හැගීමක් නෑ. අපි උපතින් ශ්‍රීලනිප අය. මම 1971 ශ්‍රීලනිපයෙන් නගර සභාවට ඉල්ලුවේ කවුරුත් නැති, අපේකෂකයො නැති කාලේ. මම අපේකෂකයෙක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙද්දි කිසිම නායකයෙක් අපිට ඡන්දෙ දෙන්න කියලා.

අපි තනියම ගිහින් ශ්‍රීලනිප නිල්පාට කොඩිය ගත්තේ. රාජ්‍ය නීතියටත්, කැලෑ නීතියටත් එරෙහිව අපි නිල්පාට කොඩිය අරගෙන සිරිමාවෝ මැතිණිය අගමැති කරන්න වෙහෙසුණා. චන්ද්‍රිකා ජනාධිපති කරන්න අපි ගත්තු මහන්සිය මංගල සමරවීර, එස්බී දිසානායක දන්නවා.

එදා පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් මගේ තාත්තා ඉල්ලුවා. තාත්තයි පුතයි මේ වෙලාවේ ඡන්දෙට දාන්නේ ඇයි, උඹට දෙන්නම නැති වෙනවා කියලා අම්මට කට්ටිය කිව්වා. අපි ප්‍රජා අයිතිය නැති සිරිමාවෝ වෙනුවෙන් පෙනී සිටියා. රංජත් මද්දුමබණ්ඩාරයි මමහි ගහගෙන අපේ කීප දෙනෙක් එල්ලුම්ගහට ගියා. අද මේ නයාටයි පොළඟටයි එකට වාඩි වෙන්න සිද්ධ වුණා. එහෙම වුණේ ඇයි? අපේ සංවිධාකවරු 100ක් විතර මට කතා කළා. අපි අපිව වැටට තියලා අමුඩේ ගහලා. අපිට ඉස්සරහට යන්නත් බෑ. පස්සට යන්නත් නෑ. එක්කො අමුඩේ ගලවන්න ඕනා. නැතිනම් වැට කපන්න ඕනා.

2001 වසරේ මැතිවරණයේ හම්බන්තොට, අත්තනගල්ල පරදිනකොට අපි මොනරාගල විතරයි ශ්‍රීලනිපය ජයග්‍රහණය කළේ. මම හිටපු ජනාධිපතිතුමාට ගරු කරනවා. ඔබතුමා සමග ඉන්න වෘක්කයන් හා සුනඛයන් එන්න මේ ගමන යන්න බෑ. වෙල්ලස්ස දියුණු කරන්න මොනවද දුන්නො ඇමැතිකම්, මට කැලෑ ඇමැති, පුෂ්පෙට පොල් ඇමති, සුමේධට කිහිලිකරු ඇමති. මේ රටේ ජනතාව අරයා අගමැති කළා, මෙයා ජනාධිපති කළා, අහිංසක මිනිස්සු රජ වුණේ නෑ.

අපේ ආණ්ඩු කාලේ මට වැඩ කරන්න දුන්නේ නෑ. හැබැයි මට රංජිත් මද්දුමබණ්ඩාරවත්, ආනන්ද කුමාරසිරිවත් විරුද්ධ වුණේ නෑ. අපි වැව් 200ක් හැදුවා. බණ්ඩාරවෙල ගිල්වලා වතුර ටික හම්බන්තොටට ගෙනියන්න හැදුවා.

(මෑතකදී කළ වැඩ ලැයිස්තුවක් කියයි.)

අපිට ඕනෑ අපේ දිස්ත්‍රික්කයට වැඩ කරන්න ඕනා. ඔහෙලා හිතන්නෙපා මම යූඇන්පියට ආවා කියලා. අපි මේ අස්ථාවරත්නය නැති කරන්නයි ආවේ. අපි අද ජයග්‍රාහී පෙරමුණකට සම්බන්ධ වෙලා තියෙනවා.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us