සිරිසේන මොන අයිතියකටද ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් දෙන්නේ නෑ කියන්නේ ? Featured

Published in පුවත්
Wednesday, 19 December 2018 14:12

සිරිසේන ජනාධිපතිවරයා ඊයේ පැවැති ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයට සහය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීන් 21 දෙනාට ඇමැතිකම් දැරීමට ඉඩ නොදෙන බව පවසා ඇත. එහිදී මේ වන විටත් එජාප ආණ්ඩුවට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින විජිත් විජයමුණු සොයිසා, ඉන්දික බණ්ඩාරනායක පියසේන ගමගේ මනූෂ නානායක්කාර ඒ එච් එම් පවුසි සහ ලක්ෂ්මන් සෙනවිරත්නගේ නම් සඳහන් කරමින්ම ඔවුන්ට ඇමැතිකම් දීම තමන් අනුමත නොකරන බව පවසා ඇත.

පක්ෂයක් ලෙස ආණ්ඩුවට සහය වීම ප්‍රතික්ෂේප කිරීම අයිතිය එම පක්ෂයට තිබිය හැකිය. ඒ අනුව එහි නායකයාට කටයුතු කිරීමටද සිදු විය හැකිය. නමුත් එම පක්ෂයේ මන්ත්‍රීවරයකු තීරණය කරනවා නම් ආණ්ඩු පක්ෂයට සහය දීමට හෝ ඇමැතිකමක් දැරීමට ඊට එරෙහිව කටයුතු කිරීමට එම පක්ෂයට කටයුතු කළ හැක්කේ පක්ෂ ව්‍යස්ථාවට හො ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව කටයුතු කළ හැක. නමුත් මෙහිදී එහෙම නීත්‍යානුකූල බාධාවක් නැත. එමෙන්ම සිරිසේන යනු ශ්‍රීලනීප නායකයා පමණක් නොව ඔහු ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා ලෙස ඔහුට තමන්ගේ පාක්ෂික බාවයන් අනුව හෝ තමන්ගේ ගොබ්බ හිතුවක්කාරකම් අනුව හෝ තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නැත. එසේ කටයුතු කිරීමේ පල විපාකද පසුගියදා දකින්නට ලැබිණි. 

අගමැතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් තමන්ගෙ ඇමැති මණ්ඩලය මෙයයැයි ඉදිරිපත් කරනවා නම් එය ජනධිපතිවරයාට පිලිගැනිමට සිදුවෙයි. ඒ සම්බන්ධයෙන් ගැටලු ඇතොත් සාකච්ඡා කර විසඳා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ඇත. ඇමැතිධුරයක් දැරීමට තරම් නොසුදුසු කමක් තිබේ නම් ඒ අනුව කටයුතු කළ හැකිය. ඔක්තෝර්බර් 26 වෙනිදායින් පසුව ඔහු පත් කළ මහින්ද රාජපක්ෂගේ ඇමැති මණ්ඩලය තුල ඇමැතිවරුන් ලෙස කටයුතු කළ අයට රනිල්ගෙ නායකත්වයෙන් යුතු ඇමැති මණ්ඩලයේ ඇමැතිකම් දැරීම නුසුදුසු වන්නෙ කෙසේද යන්න ගැටලුවකි. එම කුමන්ත්‍රණයේ දී මුදල් දී මිලදී ගත් එජාප මන්ත්‍රීවරුන්ටද ඔහු ඇමැතිකම් පිදුවේ කිසිදු හිරිකිතයකින් තොරවය. එම ඇමැති මණ්ඩලය නියොජනය කරන්නේ කවර පක්ෂයක්ද යන කාරණය ඔහු අදාල කර ගත්තේ නැත. අල්ලස දී මිලදී ගත්තා කියා එය ප්‍රශ්නයක් කරගත්තේ නැත..වෙනත් චෝදනා කිසිවක් ගැන ඔහු කල්පනා කළේ නැත ..තමන් කරන්නේ බරපතල කුමන්ත්‍රණයක් සහ අපරාධමය වරදක් බව ඔහු කල්පනා කළේ නැත.

පාර්ලිමේන්තුව නඩත්තු කරන සම්ප්‍රදාය තුළත් ව්‍යවස්ථාව තුළත් වෙනත් පක්ෂයක නියොජිත්යකුට ආණ්ඩු පක්ෂයට සහය දීමෙ නොහැකියාවක් නැත. අවශ්‍ය නම් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයකුට විපක්ෂය නියෝජනය කිරීමේ හැකියාවද ඇත. මෛත්‍රීපාලගේ නායකත්වයෙන් පසුගිය වසර 4 දී ශ්‍රීලනිපය මේ දෙපාර්ශවයම නියොජනය කළේය.

සිරිසේන්ට මුහුණ දී ඇති ඇත්ත ගැටළු වන්නේ තමන්ගේ පක්ෂයේ පිරිස ආණ්ඩුවට සහය දීම ගැන නොවේ. ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසුව වැඩකට නැති ගොබ්බ පඹයෙක් බවට විධායක ජනාධිපති ධුරයත් තමන්ගේ දේශපාලන සහ පෞද්ගලික් ප්‍රතිරූපයත් විනාශ කර ගැනීමෙන් වූ අපවාදයෙන් මිදෙන්නට සිරිසේනට ඕනෑ වී තිබීමය. මේ මොඩ ගොබ්බ තිරණය ගන්නේ ඒ නිසා බව පැහැදිලිය.

අනෙක් කාරණය ඔහු ජනාධිපති පු‍ටුවේ වාඩි වී සිටින්නේ රාජ්‍ය නායකයා ලෙස පමණක් නොවේ. ආණ්ඩුවේ නායකයා ද ලෙසය. ඒ අනුව ආණ්ඩුව ලෙස ගන්නා සියලු පියවරයන්ට ඔහුගේ වගකීමක්ද වෙයි. අගමැතිවරය තීරණය කරනවා නම් අදාල ධුරයට සුදුස්සා කවර හෝ මන්ත්‍රීවරයකු බව එය නොසලකා හැරීමට ජනාධිපතිවරයාට නොහැකිය.

සිරිසේන දැන් අමතක කර තිබෙන අනෙක් ඇත්ත කතාව නම් ඔහු ඔය ජනාධිපති පු‍ටුවේ වාඩි වී සිටින්නේ එජාප පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් බව කියන කාරණයය. මේ අනුව ශ්‍රීලනිප මන්ත්‍රීන් ආණ්ඩුවට සහය දීමට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කිරෙමට ඔහුට කිසිදු සදාචාරාත්මක අයිතියක් ද නැත.

කොහොම නමුත් ඊයේ පැවැති මධ්‍යමකාරක සභාවේදී සිරිසේනගේ ස්ථාවරයට එරෙහිව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කරුණු දක්වා තිබේ. “ 2015 ජනාධිපතිවරණයේදී ඔබතුමා ජයග්‍රහණය කරවීම සඳහා,මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැස්සේ ද තනතුරු වෙනුවෙන් නොවේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය,නීතිය,සාමය සහ මානව හිමිකම් සුරකිමින් රට සංවර්ධනය කර ජනතාවට සෙත සලසන යහා පාලනයක් වෙනුවෙනුයි.
එදා වගේම අද මම මේ තීරණය ගන්නේත් ඒ යහා පාලනය,රට සහ ජනතාව වෙනුවෙන් විනා තනතුරු වෙනුවෙන් නොවෙයි.ඒක නිසා මට ඇමතිකම් දුන්නත් නැතත් මම ප්‍රතිපත්තියක් මත එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සහය පළ කරනවා” යනුවෙන් තද ප්‍රකාශයක් ඔහු සිදුකර තිබේ.

මෙය බරපතල කාරණයකි. මේ අනුව සිරිසේන සමඟ ඔහුගේ සහයට සිටි පිරිස දැන් ඔහුගේ හතුරන් බවට පත්ව තිබේ. මහින්ද පාර්ශ්වයේ සහය ඔහුට ලැබෙන්නෙ ඒ පාර්ශ්වයට බලය ලබා ගැනීමට හැකිවෙන තාක් පමණය. මේ නිසා සිරිසේන කියන්නේ වෙල මැදක හිටවපු පඹයකුට වඩා දෙයක් නොවේ. එහ සිරිසේන දැන් තේරුම් ගත යුතුය. විලි ලැජ්ජාවක් තිබේ නම් දැන්වත් වගකිව යුතු දේශපාලකයකු ලෙස තමන්ගේ නම්ඹුවවත් ‍රැක ගැනිමට කටයුතු කළ යුතුය.

Last modified on Wednesday, 19 December 2018 14:19

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us