ලොක්කට කියල හරි මූට අච්චු කරනවා - ශක්තිකව හිරකරන නීතිපතියේ කුණු ගංගාව

Published in පුවත්
Sunday, 21 July 2019 11:35

අයුක්ති සහගත ලෙස සිරගත කොට ඇති ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගනු පිණිස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් හඬක් නැගෙද්දී ඔහුට අනිවාර්යයෙන් ම දඬුවම් දියයුතු ම බව කියමින් ඒ වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ලෙස බලපෑම් කරන නිලධාරිනියක් පිළිබඳව වාර්තාවේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඇය රාජපක්ෂවාදියකු ලෙස ආයතනය තුල ද ප්‍රසිද්ධියේ ක්‍රියා කරන්නියකි.

''බුද්ධාගමට නිගාකරන දේවල් මාධ්‍යවල පලකරන්න කිසිම බුරුලක් දෙන්න බැහැ. මේවගේ අයට අච්චු කරන්න තීන්දුවක් ගන්නම ඕන. නිදහසක් දෙන්න බැහැ. '' යයි ඇය පසුදා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු හමුවේ අවධාරණය කර ඇති බවත්, ශක්තික සත්කුමාර නිදහස්වීම වැලැක්වීමට කටයුතු කරන්නැයි දිගින් දිගටම ඉහල නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බවත් වාර්තාවේ.

''නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ බුද්ධාගම ආරක්ෂා කරන පන්සලක් නෙමෙයි. එකට හාමුදුරුවරු, උපාසක උපාසිකාවෝ ඉන්නවා. අපට තියන්නේ නීතිය අනුව කටයුතු කිරීම පමණයි'' යයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පසුගිය දා ඇයට පවසා ඇති බවත් එයින් කෝපයට පත් ඇය, ''මම ලොක්කට කියල හරි මූට අච්චු කරනවා'' යයි ප්‍රතිචාර දක්වා ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියා සිටියි.

අනතුරුව ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හමුවේ කරුණු දක්වමින්, ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව තීන්දුවක් ගැනීමට දැඩි උත්සහයක් ගෙන තිබු බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

අස්ගිරි භික්ෂුවට වලංගු නැති 'ICCPR' පනත:

2017 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනතේ (අයි.සී.සී.පී.ආර්. පනත) 3 (1) වගන්තිය හා දණ්ඩ නීති සංග්‍රහයේ 291B වගන්තිය යටතේ ආගමික ද්වේශය ඇවිස්සීම හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය කඩකිරීමේ චෝදනා සත්කුමාරට එරෙහිව එල්ල කර තිබේ.

අප්‍රේල් මාසයේ 1 වැනිදා පොල්ගහවෙල පොලිසිය මගින් ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ, ෆේස්බුක් ජාලයේ ඔහු විසින් 'අර්ධ' මැයෙන් පළ කළ කෙටි ප්‍රබන්ධයකින් බෞද්ධාගමට අපහාසයක් සිදු කළේය යන පදනම මත බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අඟුළුගහ ජිනානන්ද භික්ෂුව විසින් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ සත්කුමාර අත් අඩංගුවට ගන්නා මෙන් ඉකුත් පෙබරවාරි මාසයේදී පොලිස්පතිවරයාගෙන් කරන ලද විවෘත ඉල්ලීමකට පසුව ය.

ඒ අනුව අත්අඩංගුවට ගත් සත්කුමාර මෙවනවිටද රිමාන්ඩ් භාරයේ පසුවේ.

ලේඛක ශක්තික සත්කුමාරගේ නඩු විභාගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානයක් යොමුව ඇති අතර මේවනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින, සාමකාමී රැස්වීම් සංගමයන් පැවැත්වීමේ නිදහස පිලිබඳ ජගත් සංවිධානයේ (United Nations Special Rapporteur on the rights of freedom) විශේෂ නියෝජිත ක්ලෙමන්ට් නයලෙට්සෝසි (Clément Nyaletsossi ) ද මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන් ගෙන් කරුණු විමසීමක් සිදුකර තිබේ.

ජුලි 18 දා දිවයිනට පැමිණි ක්ලෙමන්ට් නයලෙට්සෝසි, ලබන 26 වන දින දක්වා මෙරට රැදී සිටිනු ඇති අතර එම කාලය තුල රජයේ නිලධාරීන්, අධිකරණ, ව්‍යවස්ථාදායක, මාධ්‍ය, සිවිල් සමාජ හා වෘත්තීය සමිතිවල නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ද හමු වීමටද නියමිතය.

එසේම ඔහු එක්සත් ජාතීන්ගේ පද්ධතියේ සහ වෙනත් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් මෙන්ම රටේ අනෙකුත් පාර්ශවකරුවන් ද හමුවනු ඇත.

තම නිරීක්ෂනයන්ගෙන් අනතුරුව ඒ මහතා විශේෂ තක්සේරු වාර්තාවක් 2020 ජුනි මාසයේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත් බවද වාර්තා වෙයි.

the leader.com ඇසුරෙණි

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us