රනිල් සදාකාලික නායකයා කරන අලුත් පෙරමුණ ගැන තව දුරටත්.. Featured

Published in පුවත්
Thursday, 01 August 2019 00:22

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එම කල්ලිය විසින් පිහිටුවීමට යන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටු වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට සිදුවිය හැකි බලපෑම ගැන තවදුරටත් පැහැදිලි කරන වාර්තාවකි මේ.

* ජනාධිපතිවරණ අපේක්ෂකයා ‍තෝරා පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ පර්ලිමේන්තු කණ්ඩායමට ඇති හිමිකම අහෝසි වීම.

මෙම පෙරමුණේ යොජිත ව්‍යවස්ථාවේ 23 (b) වගන්තිය අනුව පාර්ලිමේන්තු ,පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රී අපේක්ෂකයන් ‍තෝරා ගන්නා ආකාරය ගැන සඳහන්ව ඇතත් ජනාධිපතිවරණ අපේක්ෂකයා ‍තෝරා ගන්නා ආකාරය සදහන්ව නැත. නමුත් 62 වගන්තිය අනුව 'නයකත්ව මණ්ඩලය 'විසින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගනු ඇත.

මෙම නායකත්ව මණ්ඩලය යනු,

19 වන වගන්තිය ප්‍රකාරව මෙසේය. එය 10 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසකි. ඊට පෙරමුණේ සෑම පක්ෂයකම නියොජිතයකු පත් වන අතර පෙරමුණේ නිර්මාර්තෘවරු හැටියට රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග නිත්‍ය සාමාජිකයන් වේ.

පෙරමුණ හා සන්ධන ගතවන පක්ෂ අතරින් එක්සත් ජාතික පක්ෂයට සියයට 80 ක පමණ ඡන්ද පදනමක් හිමි වූවද නායකත්ව මණ්ඩලය නියොජනය කළ හැක්කේ එජාපයේ එක් අයකුට පමණි. එම නියෝජිතයා වෙන කවුරුවත් නොව වත්මන් නායක රනිල් වික්‍රමසිංහය.

20 වන වගන්තිය අනුව එජාප නියෝජිතයාට (රනිල්ට) තීරක බලයක්ද හිමිවෙයි. මේ අනුව 23 (e) වගන්තිය සහ 20 වන වගන්තිය අනුව රනිල් වික්‍රමසිංහට තමාගේ නම වූවද ජනාධිපති අපේක්ෂකයා ලෙස යොජනා කර ස්ථිර කර ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම ඔහු කැමති ඕනෑම කෙනෙකු නම් කිරීමෙ හැකියවද ඇත. ඊට කිසිවකුට අභියෝග කළ නොහැක.

ඒ අනුව එජපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ පාර්ලිමෙන්තු කණ්ඩායමේ හෝ මතය කිසිසේත්ම එජාප නායකයාගේ තීරණයට බලපවත්වන්නෙ නැත. මේ තත්වය එජාප සාමාජිකයාගේ අයිතිය කෙලසීමක් වන අතර පක්ෂය තව දුරටත් ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයකට යටත් කිරීමක් වෙයි.

* 16 වන වගන්තිය අනුව එජාපයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු ඉවත් කොට ඒ සෑම කොට්ඨාශයකටම මෙම නව පෙරමුණ නම් කරන සංවිධයකවරුන් පත් කිරීමේ හැකියාව නායකත්ව මණ්ඩලයට ලබා දී තිබේ.

* රනිල් වික්‍රමසිංහට මෙම පෙරමුණේ නායකයා ලෙසත් එජාපයේ නායකයා ලෙසත් ජීවිතය තිබෙන තුරුම රැඳී සිටිමේ හැකියාව.

24 වන වගන්තිය අනුව පෙරමුණෙහි නයකයා තෝරා ගැනිම නායකත්ව මණ්ඩලයට පවරා ඇත. එමෙන්ම ඔහුගේ ධුරකාලයද එම නායකත්ව මණ්ඩලය විසින්ම තීරණය කිරීමේ බලයද ඇත.

එජාපයට නායකත්ව මණ්ඩලයේ ඡන්ද බලයෙන් සියයට 50 කුත් සහ එක් නියෝජිතයකුගේ ඡන්ද බලය හිමිය. ඒ බලය ඇත්තේ රනිල් වික්‍රමසිංහ අතය. ඒ අනුව ඔහුගේ තනි ඡන්දයෙන් ඔහුට යාවජීව නායකත්වය ලබා ගත හැක.

*ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ බලය ඇත්තේ මෙම පෙරමුණෙහි විධායක කමි‍ටුවටය. එහෙත් ඒ තුල ද එජාපයට ප්‍රධාන පක්ෂය ලෙස කිසිදු වැඩි මනත් බලපෑමක් කිරීමේ හැකියාවද අහිමි කොට තිබේ.

26 වගන්තිය අනුව , ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී විධායක කමි‍ටුවේ සියයට 70 ක අනුමැතිය සහ සාමාජික පක්ෂවල බහුතරය ද යන දේඅකාරයෙන්ම එකඟතාවය ලැබිය යුතුය.මේ අනුව එජාපයට ජන පදනමෙන් සියයට 80ක තරම් ප්‍රමාණයක් තිබුණද විධායක කමි‍ටුව තුල එම බලපෑම සිදු කිරීමෙ හැකියාව අහිමි කර තිබේ. මෙය එජාපයේ ප්‍රතිපත්තීත් සාමාජික අභිලාශයනුත් පාවා දීමකි.

* පෙරමුණේ මහ ලේකම් ධුරයද එජාපයට අහිමි වේ.

26 වන වගන්තිය අනුව පෙරමුණේ නායකයා, පෙරමුණේ ලේකම් වරයා සහ භාන්ඩාගාරික වරයා යන තනතුරු 3 සඳහාම පුද්ගලයන් ‍තෝරා පත් කර ගනු ලබන්නෙ ඉහත් කී ලෙස විධායක කමි‍ටුවේ සියයට 70ක බහුතරයත් පක්ෂ සාමාජික බහුතරයේත් තීරණය මතය.

මේ අනුව ඉදිරි සියලු මැතිවරණ වල එජාපයේ නාමයොජනා සහ පක්ෂ සාමාජිකයන්ගෙ විනය පිළිබඳ බලධරයා වන්නේ පෙරමුණේ මහ ලේකම්වරයාය. . එම පුද්ගලය වෙනත් පක්ෂ සාමාජිකය්කුද විය හැකිය.

ශ්‍රි ලංකාවේ මීට පෙර දේශපාලන සන්ධාන පෙරමුණු ගොඩනැගුණු සෑම විටම ඒවායේ පරිපාලනය සම්බන්ධ තීරක බලය හිමි මහ ලේකම් ධුරය ප්‍රධාන පක්ෂය වෙත තබා ගැනිම සිදු විය. එහෙත් මෙම පෙරමුණෙහි ප්‍රධාන පක්ෂය ඒ බලය අත් හැර ඇත.

ලැබී තිබෙන තොරතුරු අනුව මෙම පෙරමුණෙහි ලේකම් ධුරයට මේ වන විටත් රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇත්තේ රාජිත සේනාරත්නවය. එය එසේ සිදුවුවහොත් සමස්ත එජාප සාමාජිකත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ රාජිත සේනාරත්න විසිනි. ඔහු එජාප සාමාජිකයකු නොවේ.

ඔහු වත්මන් ආණ්ඩුවට සම්බන්ධ වන්නේ රාජපක්ෂ පාලනයේ ඇමැතිවරයකුව සිට මෛත්‍රීපාල සිරිසේන සමඟ ඉන් ඉවතට පැමිණීමෙන් පසුවය. පසුව එක්සත් ජාතික පෙරමුණු සන්ධානයට එක් වූයේ ඔහුගේ සහ පුත්‍රයාගේ දේශපාලන පක්ෂයක් අටවාගෙනය. හෙට දිනයේදී ඔහුට එක්සත් ජාතික පක්ෂයේ පාලන වගකීමද හිමිවෙයි.

සැබැඳි පුවත :

රනිල් එජාපයට ද්‍රෝහී වෙයි.. පක්ෂයේ තීන්දු ගැනීමේ බලය පිටස්තරයන්ට..හෙට ගිවිසුම අනුමතයි !

unp front doc 1unp front doc 2unp front doc 3

Last modified on Thursday, 01 August 2019 00:24

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us