අයවැයට පෙර ආණ්ඩුවෙන් බදු සහනයක් Featured

Published in පුවත්
Tuesday, 06 August 2019 15:55

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය යෝජනාවලිය මගින් ඉදිරිපත් කරනු ලැබූ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඊට අදාළ ව ඉදිරිපත් කරන ලද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතට සහ එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත් කෙටුම්පතට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්, සංචාරක නිකේතන, ආපන ශාලා ව්‍යාපාර සඳහා දේශීය බැංකුවක් හරහා විදේශීය මුදල් ලැබෙන්නේ නම් එම මුදල් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කෙරේ. එසේ ම විනෝදාස්වාදය සහ ක්‍රීඩා සඳහා වන යාත්‍රා සහ නැව් ආනයනය කිරීම ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කෙරේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උප කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දෙනු ලබන ජාතිය ගොඩනැගීමේ බදු නිදහස ප්‍රධාන කොන්ත්‍රාත්කරුට ද ලබා දෙනු ලැබේ. මීට අමතරව සැකසුම් නොකරන ද මැණික් ආනයනය කිරීමේ දී ද බදු නිදහස හිමි වන අතර පිරිපහදු නොකළ පාම් තෙල් යොදාගෙන දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාම් තෙල් බද්දෙන් නිදහස් කෙරේ.

එකතු කළ අගය මත බද්ද අය කිරීම ද සංශෝධනය කරනු ලැබේ. බදු කාල පරිච්ඡේදයක් අවසානයේ එළඹෙන මාසයේ 15, 20 සහ මාසයේ අවසාන දින එකතු කළ අගය මත බදු ගෙවීම් යෙදී තිබීමෙන් බදු ගෙවන්නට සේම බදු පරිපාලනයට ද සිදුව තිබූ අපහසුතාව වළක්වාලමින් බදු ගෙවීමේ දිනය එළඹෙන මාසයේ 20 වැනි දින ලෙස සංශෝධනය කෙරේ.

සහාධිපත්‍ය (Condominium) නිවාස සැපයීමේ දී පනවා තිබූ එකතු කළ අගය මත බදු ද සංශෝධනය කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 25ට අඩු නිවාසවලින් යුතු නිවාස ව්‍යාපෘති සඳහා VAT බදු අය නොකෙරේ.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත බලාත්මක කිරීමට පෙර නොතාරිස් ආඥා පනත අනුව විකිණීමේ ගිවිසුමක් මගින් ලියා අත්සන් කර ඇති හෝ අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුකූලතා සහතිකයක් ලබා ගෙන ඇති සහාධිපත්‍ය නිවාස ඒකකයක් සැපයීමේ දී ද එකතු කළ අගය මත බද්ද අය නොකරේ.

මීට අමතරව දේශීයව නිෂ්පාදනය කරන ලද සහල්වලින් සැකසූ නිවුඩු තෙල් සැපයීම ද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර ඇත.

එසේම 2019 අයවැය මගින් යෝජනා කළ පරිදි අපනයන අභිමුඛ ආයෝජන මණ්ඩල සමාගම් ඇඳුම් දේශීයව විකිණීමේ දී ඒකක මත අය කෙරෙන එකතු කළ අගය මත බදු ප්‍රමාණය ඒකකයට 75/= සිට 100/= දක්වා ඉහළ දැමේ.

මෙම නව සංශෝධන සියල්ල නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us