ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය ජවිපෙ...මැකොස ගේ කතාවෙන් හෙළිවෙයි

Published in පුවත්
Tuesday, 13 August 2019 20:01

ඉදිරියේදී පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය මේ වන විටත් උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබේ. එජාපය ප්‍රමුඛ සන්ධානය හා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය මෙහිදී ප්‍රධාන පාර්ශ්ව දෙක ලෙස ඉදිරිපත් වනු ඇත. මෙම කණ්ඩායම් දෙකට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානයත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශිතය.

ශ්‍රීලනීපය තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කරණු ඇතැයි කල්පනා කළ නොහැක. එම තත්වයන් හමුවේ බොහො විට තෙවැනි බලවේගය ලෙස ජවිපෙ මතු විය හැක. මීට අමතර විකල්ප අපේක්ෂකයන් ලෙස කිහිප දෙනෙකුම ඉදිරිපත් වීමට අපේක්ෂාකරන බවත් දැන් ගැනීමට තිබේ. එහෙත් ඔවුන්ගේ බලපෑම නොගිනිය හැකි තරම් කුඩා වනු ඇත.

එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 කුත් එක් ඡන්දයක වැඩි ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වනු ඇති බවට බොහො විශ්ලේෂකයන් පෙන්වා දෙයි. ඒ අනුව දෙවැනි මනාපය ගැනීමෙන් ජනාධිපතිවරයා කවුද යන්න තීන්දු විය හැකිය. එවැනි තත්වයක් හමුවේ මෙවර තෙවැනි තැනට පත්විය හැකි යැයි උපකල්පනය කළ හැකි, ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය පාවිච්චි කරන ඡන්ද දායකයාගේ ' දෙවැනි සහ තුන්වන මනාප' ජනාධිපතිවරයා කවුද යන්න තීන්දු කිරීමෙහි තීරණාත්මකම සාධකය බවට පත් වේ.

ජවිපෙ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන ඡන්ද දායකයා ගේ දෙවැනි හෝ තුන්වැනි මනාපය දැනටමත් ප්‍රකාශිත ගෝඨාභය රාජපක්ෂටද. නැතිනම් එජාප සන්ධානයේ අපේක්ෂකයාටද යන්න මත ජයග්‍රාහකයා තීරණය වනු ඇත. ජවිපෙ මෙවර පුළුල් පෙරමුණක් ලෙස මැතිරණයට පිවිසීමට අපේක්ෂා කරන අතර පසුගියදා එම පක්ෂයේ දේශපාලන සභික කේඩී ලාල්කාන්ත පවසා සිටියේ ඡන්ද ලක්ෂ 15ක් තමන් අපේක්ෂාකරන බවය. සෙසු විකල්ප අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රමාණයක් ඉතා කුඩා අගයක් ගැනීම සිදුවනු ඇති අතර ඔවුන්ගේ දෙවැනි තැවැනි මනාපයන් ජයග්‍රාහී අපේක්ෂකයා කෙරෙහි එතරම් බලපෑමක් නොකෙරෙණු ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය දෙවැනි සහ තුන්වන මනාපය ගැනීමට සිදුවුවහොත් එම ක්‍රියාමාර්ගය සිදුවන නීත්‍යානු කූල ක්‍රමවේද මෙසේ පැහැදිලි කර තිබේ.

ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සදහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් හා එකක් ලබා ගත යුතු බැවින් එ⁣ම සංඛ්‍යාව ලබා ගැනීමට කිසිදු අ⁣පේක්ෂකයකු අපොහොසත් වූ විට සිදුවන්නේ කුමක්දැයි කෙරෙන විමසීම් සම්බන්ධයෙනි . මෙය 2019-06-11දින පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමකදී ඇසූ පැනයකට මැකොස වෙනුවෙන් මා දුන් පිළිතුරකි. මෙය ප්‍රශ්නයකට පිළිතුරක් මිස ප්‍රතිඵල පිළිබඳ අපගේ උපකල්පනයක් නොවන බව සැලකුව මැනවි.

ප්‍රශ්නය:-

ජනාධිපතිවරණයක දී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුනහොත් නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද ?

පිළිතුර:-
එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ.

අපේක්ෂකයන් තිදෙනෙකුට හෝ එයට වැඩි පිරිසක් තරඟ කළහොත් පමණක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හා එකක් එනම් 50% වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වේ.

මේ පිළිබඳව උදාහරණ සහිතව මතු සඳහන් පරිදි පැහැදිලි කිරීම කරන ලදි.

ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.

A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ කරන්නේ යැයි ද සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.

A= 40, B = 35, C= 15, D= 6, E= 4

මේ අනුව තරඟය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරඟයෙන් ඉවත් කෙරේ.

පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.

අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ.

C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි. එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ.

C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ.

එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ.

ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2, 3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25ම (15+6+4)  A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.

එසේ බෙදීමෙන් A සඳහා අමතර ඡන්ද 03ක් ද B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කළ විට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද ( A= 40+3 = 43) ද B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත.

දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.

මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.

• මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.

• Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.

• A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත.

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us