පාදඩයන් වේදිකාවට නංවා ගෝඨාගේ තරුණ සමුළුව අල කළේ කවුද? Featured

Published in පුවත්
Sunday, 25 August 2019 01:23

ඊයේ(24) පැවැති පොදුජන පෙරමුණේ තරුණ සමුළුවේ ප්‍රධාන නිවේදකයන් ලෙස මුල්‍ය අපරාධ චෝදනා සහ වෙනත් අපරාධ චෝදනා එල්ල වී ඇති දිළුම් අමුණුගම සහ සේනානි සමරනායක නැමැති දෙදෙනාව සහභාගී කරවීම සිතා මතාම සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි ගෝඨාභය පාර්ශ්වයේ මිලිටරි පාර්ශ්වකරුවන් පිරිසක් එම සංවිධාන කටයුතු සිදු කළ අයට චෝදනා කර තිබේ.

 මෙම තරුණ සමුළුව නිසා ගෝඨාභයට ලැබීමට නියමිත වූ තරුණ ඡන්ද සංඛ්‍යාවක් තිබුණානම් එයත් අහිමි වූ බව  මිලිටරි පාර්ශ්වකරුවන්ගේ චෝදනාව වී තිබේ.  ඊයේ දිනයේ සිටම සමාජ ජාලාවන් හී තරුණ තරුණියන් ද මේ සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල කරමින් තිබේ.

මෙම තරුණ සමුළුව සංවිධානය කිරීමේ කටයුතු වලට දෙරණ රූපවාහිනී අධිපති සහ ට්‍රයඩ් ඇඩ් සමාගමේ අධිපති දිලිත් ජයවීර සහ එම සමාගමේ සේවය කරන ගෝඨාභයගේ මාධ්‍ය ප්‍රකාශක යැයි කියනු ලබන මිලින්ද රාජපක්ෂ නැමැති අය සම්බන්ධ වී ඇතැයි පැවසේ. දිලුම් සහ සේනානි මෙම කටයුත්තට යෝදාගෙන ඇත්තේ මිලින්දගේ යෝජනාවක් අනුව යැයිද කියැවේ.

කලින් සූදානම් කළ නාට්‍යානුසාර පිටපතක් අනුව මෙම තරුණ සමුළුවේ කටයුතු සිදු කෙරුණු අතර මෙහිදී ගොඨාභයගෙන් කරන ප්‍රශ්න කිරීම සහ පිළිතුරු ප්‍රකාශයන් ද පෙර පුහුණුවීමක් අනුව සිදු කර තිබේ.

දිලුම් අමුණුගම යනු ඇමැති සරත් අමුණුගමගේගේ ඥාති පුත්‍රයකු වන අතර දෙරණ අධිපති දිලිත් ජයවීරගේ මස්සිනා වන අයකු වේ. ඔහුට එරෙහිව ඇති චෝදනා අතර පසුගියදා මහනුවර තෙල්දෙණියේ ඇතිවූ මුස්ලිම් විරෝධී ජාතිවාදී ප්‍රහාර සැලසුම් කිරීම සම්බන්ධ චෝදනාවක්ද වෙයි. බේබදු සල්ලාල ජීවිතයක් නඩත්තු කරන දිලුම් නිත්‍යානුකූල විවාහයේ බිරිඳ හා දරුවා අනාතකර දමා නීතියෙන් වෙන් නොවී තවත් විවාහයක් සිදු කරගෙන ඇති බවටද පසුගිය කාලයේ තොරතුරු හෙළි විය. එමෙන්ම නිළියන් කිහිපදෙනෙකු සහ තවත් තරුණියන ගනනාවක් සමඟ පෙම් සබඳතා පැවැත්වීම ගැනද දිළුම් ප්‍රසිද්ධ අයෙකි. මේ ගැහැනු හුටපට නිසා ප්‍රසිද්ධියේ ගුටිකෑමටත් අපහාසයටත් ඔහු ගොදුරුවූ අවස්ථාද තිබිණි. එමෙන්ම ඔක්තොබර් 26 කූප්‍රකට ආණ්ඩු මාරුවෙන් පසුව පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන් අවස්ථාවක්දී කලහකාරීව හැසිරෙමින් කතානායකවරයාගේ මේසයේ මයික්‍රෆොනයක කඩා දැමීම සිදු කරනු ලැබුවේ දිලුම් විසිනි. එය රුපියල් ලක්ෂ 3ක් ක පමණ වටිනාකමකින් යුතු බවත් හෙළිවිය.

සේනානි සමරණායක කියන්නේ නාමල් රජපක්ෂගේ සුරතලියකව සිටි තරුණියකි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ජනාධිපති කාර්යාලයෙන් නීතිවිරෝධි ලෙස එකවර වැ‍ටුප් දෙකකට හිමිකම් කී ඇය එවකට නාමල් රාජපක්ෂගේ ගවර්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙසද කටයුතු කළේය. එහිදී එම සමාගම් හරහා සිදු කෙරුණු මුල්‍ය අපරාධ කිහිපයකටම ඇය හවුල් වී සිටියාය. මේවන විට සේනානි මිලින්ද රාජපක්ෂගේ සමීපතම ලැබැඳියක්ව සිටින අතර කොළඹ මහ නගර සභාවට මිලින්ද සමඟ ඇයද තරග කළේ එකටය. මේ අනුව දිලුම්ට සහ සේනානිට මෙම උත්සවයේ ප්‍රධාන භුමිකාවන් හෙබවීමට ඉඩ සෑදෙන්නේ කොහොමද යන්න පැහැදිලිය.

මෙවැනි චෝදනාවන් එල්ලවී ඇති අය බව දැන දැනම මේ අයව මෙම සමුළුවේ වැදගත් කර්ත්‍යවයක් වෙනුවෙන් යොදා ගැනීම කෙතරම් මරි මොඩ වැඩක් දැයි ගෝඨාභය පාර්ශ්වය ප්‍රශ්න කරයි. තරුණ තරුණියන්ට ආමන්ත්‍රණය කිරීමේදී විශ්වාසවන්ත පිරිසිදු නව්‍ය තාරුණ්‍ය ගුණයකින් යුතු අය ඉදිරිපත් කිරීම විය යුතු බවද මෙම කණ්ඩායම පෙන්වා දෙයි.

එක් එක් අයගේ පෞද්ගලික රුචි අරුචිකම් නිසා ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයට හානි වීමට තවත් ඉඩ නොදියයුතු බවත් මැතිවරණ හා සම්බන්ධ සියලු ප්‍රචාරක කටයුතු සංවිධානය තමන්ගේ අතට ගත යුතු බවත් ගොඨාභයගේ අභ්‍යන්තර සහයක කණ්ඩායම නියෝජනය කරන විශ්‍රාමික ආරක්ෂක අංශ නිළධාරීන් තරයේ කියා සිටී.

පසුගියදා මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මැතිවරණ මෙහෙයුම් කටයුතු වලින් ගොඨාභය සහ ඔහුගේ මිලිටරි කණ්ඩායම ඉවත් කිරීමට පියවර ගැනීම ගැන ද මෙම කණ්ඩායම සිටින්නෙ බරපතල නොසන්සුන් තාවයකය.

එමෙන්ම මෙම තරුණ සමුළුවේ දී තවත් විශේෂ දෙයක් සිදුවිය. ඒ රාජපක්ෂ පාලන සමයේදී තරුණ්‍යයට හෙටක් සහ නිල් බලකාය මෙහෙයවූ නාමල් රාජපක්ෂව කපා දැමීම කැපී පෙනුන දෙයක් වීමය. මේ හේතුව නිසාම නාමල් රාජපක්ෂට තමන්ගේ තරුණ නියෝජනය සහ සිය දේශපාලන හයිය පෙන්වීම සඳහා වෙනම ඡායාරූප රැගෙන ප්‍රසිද්ධ කරන්නට සිදුව තිබිණි. සිය පියා සමඟ, දිලුම් අමුණුගම සමඟ සහ තවත් තරුණයන් සමඟ සිටින ඡායාරූප කිහිපයක්ම ඊයෙ පස්වරුවේ නාමල් රාජපක්ෂ විසින් සිය සමාජ ජාලා ගිණුම් වලට මුදා හැර තිබිණි.

Last modified on Sunday, 25 August 2019 01:33

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us