රනිල්ගේ තීරණය 6 වෙනිදා දෙන්න පොරොන්දු වෙයි. ඒ අස්සේ ෆොනියි, දයායි අපේක්ෂකකම ඉල්ලයි. Featured

Published in පුවත්
Saturday, 31 August 2019 12:41

ඊයේ (30) සවස අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ ප්‍රධානින්ගේ ‍රැස්වීමේදී එළඹෙන සැප්තැම්බර් 6 වෙනි දින තමන්ගේ තීරණය ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තමන්ගේ තීරණය දැනුම් දෙන බව අගමැතිවරයා පක්ෂ ප්‍රධානින්ට පොරොන්දු වී තිබේ.

මෙම සාකච්ඡාවට ඇමැති සජිත් ප්‍රේමදාස ද එක්වී සිටි අතර මෙහිදී ඇමැති හර්ෂ ද සිල්වා විසින් ජනතාවගේ ඡන්ද ප්‍රකාශ කිරීමේදි බලපවත්වනු ලබන ආකල්පයන් සම්බන්ධයෙන් (Opinion poll) සමීක්ෂණ ඉදිරිපත් කරන සමාගම් කිහිපයකම නිගමනය ඉදිරිපත් කර පවත්නා තත්වය ගැන විග්‍රහයක් සිදු කර තිබේ. මෙම සමාගම් මීට පෙර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්ද සේවය සපයා ඇති පළපුරුදු සාමාගම් කිහිපයකි. මෙහිදී එජාප ජයග්‍රහණයට ඇති වාසිදායක තත්වයන් හා අඩුපාඩු සම්බන්ධයෙන් තිබෙන මහජන මතය පෙන්වා දී ඇති හර්ෂ ද සිල්වා, සජිත් ප්‍රේමදාස තමන්ට සිටින සුදුසුම අපේක්ෂකයා බව අවධාරණය කර ඇත. එම කරුණු සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් ද පිළිගැනිමට ලක් කර තිබෙන අතර තමන්ගේ විදේශ සංචාර නිමකර පැමිණීමෙන් පසු සැප්තැම්බර් 6 වෙනිදා මේ සම්බන්ධයෙන් තීරණය දැනුම් දීමට පොරොන්දු වී ඇත.

කෙසේ නමුත් බිම්මට්ටමේ ජනතාව ඡන්ද පොළට ගෙන්වා ගැනීමේ වැදගත් කම මෙහිදී අවධාරණ කෙරුණු නමුත් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි සරත් ෆොන්සෙකා පෙර කිව් සාමාගම් වල නිගමනය ප්‍රතික්ෂේප කර බිම්මට්ටමේ ජනතාවගෙන් කිසිදු වැඩක් නැති බවට අදහස් ප්‍රකාශ කර තිබේ. රටක් හදන්න අවශ්‍ය වන්නේ බිම්මට්ටමේ ජනතාව නොව උගත් බුද්ධිමත් මැද පන්තියේ ජනතාව බවත් පෙන්වා දී ඇති ඔහු . බිම්මට්ටමේ ලිං මැඩියගේ ඡන්ද එජාපයට අවශ්‍ය නොවන බව යළි යළිත් අවධාරණය කර ඇත. මැද පංතියේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ ඡන්ද වෙනුවෙන් තමන්ට වුවත් ඉදිරිපත් විය හැකි පවසා ද මෙහිදී ඇත. එහෙත් දයා ගමගේ පවසා ඇත්තේ බිම්මට්ටමේ ඡන්ද වඩක් නෑ කියල හිතනවා නම් ඒවා ගන්න උත්සහ කරන්නෙ නැත්නම් මටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බව ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීමේදි වඩාත් සාකච්ඡාව ගැනුනු කාරණය වන්නේ මෙම මැද පන්තියේ සහ බිම්මට්ටමේ කතාවය. එහෙත් තම තමන්ට වාසිදායක ලෙස ප්‍රකාශ නිකුත් කරන දේශපාලකයන් මෙන්ම මේ සම්බන්ධයෙන් කතිකා කරන බාහිර සමාජයේ පක්ෂ හිතවතුන්ද අමතක කරන කාරණාව නම් රාජ්‍ය පාලනයේදී කළ යුතු දේශපාලනය සහ පක්ෂ දේශපාලනයේදී කළ යුතු දේශපාලනයයි දෙකක් බවය. පක්ෂය අබිමුව තිබෙන්නේ මැතිවරණයක් ජය ගැනීමේ අභියෝගයයි..රට අභිමුව තියෙන්නේ රට ජයග්‍රහණය කරවීමේ අභියෝගයයි මේ දෙක දෙකක්ය. ඒවාට නිසි උපාය මාර්ග හඳුනා නොගත හොත් අත්වන්නේ නියත පාරාජයකි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us