එජාප ජනාධිපති අපේක්ෂකයා ඒකමතික තීන්දුවකින් ! පොහොට්‍ටු නන්දේ ෂුවර් නැහැ. Featured

Published in පුවත්
Saturday, 14 September 2019 12:52

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ශ්ව තුනක්, සජිත් ප්‍රේමදාස - රනිල් වික්‍රමසිංහ හා කරූ ජයසූරිය වෙනුවෙන් පෙනී සිටීම මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ නොවිසඳුනු ගැටලුවක්ව තිබුණද එළඹෙන සතිය තුල එජාපයේ ඒකමතික තීරණයක් ලෙස අපේක්ෂකයා නම් කිරීම සිදු වෙනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මෙම තුන් කොන් සටන නිසා එජාප කෘත්‍යධිකාරි මණ්ඩලයේ ඡන්ද විමසීමෙන් අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමට සූදානම් වනු ඇති බවට මත පළවී තිබුණත්. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ මතය වී ඇත්තේ එසේ ඡන්ද විමසීමකට ගිය හොත් පක්ෂය දෙකඩ වෙනු ඇති බවය. එම නිසා තව දුරටත් සාකච්ඡා කිරීම මඟින් අපේක්ෂකයා ඒකමතිකව කෘත්‍යධිකාරි මණ්ඩලය විසින් අනුමත කිරීමට හැකි වන පරිදි එජාප ජේෂ්ඨයන් ඒකමතික තීරණයක් ගැනීමට නියමිතය. කෙසේ නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ එජාප ජේෂ්ඨයන් හා පවසා තිබුණේ සජිත් ප්‍රේම්දාසගේ සහ කරූ ජයසූරිය අපේක්ෂකත්වයට තරග කරනව නම් එයට එකඟ බවය. එසේම එවැනි තත්වයකදි තමන් ඒ වෙනුවෙන් තරග නොකරන බවත් පවසා ඇත.

සජිත් ඒකමතික අපේක්ෂකයා

කෙසේ නමුත් මේ වන විට එජාප අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කළ යුතු බවට එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ තුනෙන් දෙක්ක ප්‍රමාණයක් ලිඛිතවම අගමැතිවරයාගෙන් ඉල්ල තිබේ. එජාප ආරංචි මාර්ග පවසන ලෙස කෘත්‍යධිකාරී මණ්ඩලයේ බහුතරයද සජිත් ප්‍රේමදාසට කැමැත්ත පළ කරනු ඇතැයි පැවසේ. ඒ අතර පසුගියද එජාපයේ පලාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුද සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනුනි.

සජිත් ප්‍රෙමදාස පසුගිය කාලවකවානුවේදී තමන් නියත වශයෙන්ම එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට සහභාගී වූ සෑම ජනහමුවකදීමත් මාධය හමුවකදීමත් පවසා තිබිණි.

ඒ අතර එජාප නායකයා ,සජිත් ප්‍රේමදාසට පවසා තිබුණේ එජාපය සමඟ සන්ධාන ගතවීමට කැමැත්තෙන් පසුවන අනෙකුත් කණ්ඩායම් වල කැමැත්ත ලබා ගැනීමට කටයුතු කරන ලෙසය. ඒ අනුව මේ වන විට ඒ සියලු කණ්ඩායම් වල කැමැත්ත සජිත් ප්‍රේමදාසට හිමිව තිබෙන බවත් දැන ගැනිමට එජාප අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර සිටියත් දේශපාලන අරංචි මාර්ග පවසන්නේ එම සන්ධානයද සජිත් ප්‍රේමදාසව බලාපොරොත්තු වන බවය. ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සිටින ස්ථාවරය ඔවුන්ගේ අගය කිරීමට ලක්ව තිබෙන අතර නන්දසේන ගෝඨාබය වැනි ජාතිවාදී දෙමල ජන සංහාරකයකුට වඩා සජිත් ප්‍රේමදාස වැනි පුර්වැසියන්ගේ සමාන අයිතිවාසිකම් පිළිගන්නා පුද්ගලයකු රටේ ජනාධිපතිවරය ලෙස පත් වීම දෙමළ ජනතාවගේද අභිලාශය වන බව එම පක්ෂයේ මන්ත්‍රීවරු ගනනාවක් පසුගියද අදහස් ප්‍රකාශ කර තිබිණි.

නන්දසේන චීන ඒජන්තයෙක්

මේ අතර මෙරට දේශපාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව වන සොයා බැලීම පිළිබඳ ලැබෙන තොරතුරු මාර්ග පවසනේද සජිත් ප්‍රේමදාසගේ ඉදිරිපත් වීම ඔවුන් බලාපොරොත්තු වන බවය. විශේෂයෙන්ම ඉන්දියනු රජය එය බලාපොරොත්තු වන බව දැන ගනීමට තිබේ. ඒ අනුව 2015 දී රාජපක්ෂ පවුල් ආණ්ඩුව පෙරලා දැමීම අපෙක්ෂා කළ සියලු රටවල් එජාප ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය මෙවරද බලාපොරොත්තු වන බව පැවසේ. අමරිකාවේ සහය ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ නන්දසෙන ගොඨාභය විශාල උත්සාහයක් දරුවත් තවමත් එය සාර්ථක වී නොමැත. විශේෂයෙන්ම නන්දසෙන චීනයේ අභිලාශය සහ අනුග්‍රහය මත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මීට වසර ගනනාවක ඉහතදීම කටයුතු සැලසුම් කර තිබිණි. එම නිසා ඔහු සම්බන්ධයෙන් පවතින්නේ චීන ඒජන්තයකු යන මතයයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහයද නන්දසේනට ලබාගැනීම වෙනුවෙන් චීනය පසුගිය කාලයේ වෙහෙස විය. ඒ පිටුපස සිටියේ චීනයේ CICIR-China Institutes of Contemporary International Relations  ආයතයනයි.

ජනාධිපතිවරයගේ ජාතයන්තර කටයුතු පිළිබඳ උපදේශ්කයකු ලෙස කටයුතු කරන පර්ත් පයින්ඩර් ආයතනයේ සභාපති මිලින්ද මොරගොඩ  මෙම ගනුදෙනුවේ අතර මැදියකු ලෙස කටයුතු කළ අතර  ඔහු චීනයේ CICIR ආයතනය සමාඟ සම්බන්ධතා පවත්වනකුද වේ.

චිනයේ CICIR  ආයතන්යේ මැදිහත් වීම හා වුවමනාව මත චීන රාජ්‍යය හා සමීප රාජපක්ෂ පවුලේ සාමාජිකයක නන්දසේන මෙරට නායකත්වයට ගෙන එම චිනයේ කලාපීය භූ දේශපාලනික සැලසුම් සර්ථක කර ගැනිම සඳහා අතිශය වැදගත් සාධකයක්ව ලෙස චීනය කල්පනා කරයි.

මෙම ආය්තනය චිනයේ විදේශ ප්‍රතිපත්ති සැකසිම වෙනුවෙන් වඩාත්ම බලපැම් සහගත ආයතනය ලෙස සැලකෙන අතර එය  චින පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ අධීක්ෂණය යටතෙ ක්‍රියාත්මක වන බුද්ධි මණ්ඩලයකි.  මෙහි  400  දෙනෙකු පමණ සේවය කරන අතර ජේෂ්ඨ විශ්ලේෂකයන් 150 දෙනෙකු සේවය කරයි.  ප්‍රධාන දෙපාර්තමේන්තු 11 යටතේ චිනයේ ජාතික ප්‍රතිපත්තින් සම්බන්ධයෙන් විශේලෙෂනයන් හා නිර්දේශයන් සිදු කිරීම කරනු ලබන මෙම ආයතනය ශ්‍රිලංකාව පිලිබඳ අධයනයක් ද සිදු කෙරේ.   මෙය චීනයේ ආරක්ෂක අමාතයංශ්ය හා විදේශ අමාතංශ්ය සමඟ සම්බන්ධිත මෙය  චීනයේ  බුද්ධි අංශවල වුවමනාවන් සපුරාලීම සිදුකරයි. පසුගිය කාලයේ නන්දසේන ගෝඨාභය මෙම ආයතනයේ මැදියත් වීම මත චීනයට ගොස් මාස එකහාමාරක පමණ කාලයක් එහි රැඳෙමින් දේශපාලනය සම්බන්ධ පාඨමාලවක්ද හැදැරීමට කටයුතු කළේය.

රවීගේ සහය නන්දෙට

ඒ කෙසේ නමුත් එජපයේ සජිත් විරෝධී පිලට තවමත් පණ පොවන රවී කරුණානයක ඇතුලු තුන් හතර දෙනෙකුගේ කණ්ඩායමක් කරූ ජයසූරිය එජාප අපේක්ෂකයා ලෙස කරන යෝජනාව මෙතෙක් හකුලාගෙන නැති අතර ඔහුගේ මාධ්‍ය කණ්ඩයම් යොදවා සජිත් ප්‍රේමදාසට මඩ ගැසීමේ කටයුතුද නවතා නැත. යම හෙයකින් සජිත් ප්‍රේමදාස ට එජාප අපෙක්ෂකත්වය හිමි වුවහොත් රවී කරුණානායක ඇතුලු එම කිහිපදෙනා නන්දසේනට සහය පළ කරමින් එජාපයෙන් ඉවත් වෙනු ඇති බවත් මේ වන විටත් ඒ සම්බන්ධ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් පොදුජන පෙරමුනට සම්බන්ධ තොරතුරු මාර්ග පවසයි. මහින්ද රාජපක්ෂද රවී ඇතුලු කණ්ඩායම සහය දෙනවා නම් එය බාර ගන්නා බවට මීට පෙර ප්‍රකාශයක් සිදු කර තිබිණි.

Last modified on Saturday, 14 September 2019 13:00

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us