සුහද ගම්ලත්ගේ චෝදනාවට අනුරගේ පිළිතුර

Published in පුවත්
Wednesday, 02 October 2019 15:27

අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති සුහද ගම්ලත් කර ඇති ප්‍රකාශ කිහිපයක් පිළිබඳව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක අදහස් දක්වා තිබේ. ඒ පසුගියදා මොනරාගල ප්‍රදේශයේ පැවති එම බලවේගයේ සම්මන්ත්‍රණයක් අමතමිනි.

“නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් ප්‍රවෘත්තියක් නිර්මාණය කර තිබෙනවා.. නේද? මං කියන්නම් ඒක ගැන. ඒක අලුත් වටයකින් ඇවිත් තියෙනවා. 2015 ජනවාරි 08 වෙනිදා පැවති පාලනය බිඳ දැමීමේදී ජනතාවගේ අපේක්ෂා කළ කරුණු අතර ප්‍රධානම ඉල්ලීම මොකක්ද? අංක එක තමයි හොරු ඇල්ලීම.”

“ඒ කියන්නේ වංචනිකයන්ට දඬුවම් ලබාදීම සහ වංචාකරන දේපළ පවරා ගැනීම ජනතාව අපේක්ෂාව වුණා. එහෙම නේද? 2015 ජනාධිපතිවරණ වේදිකාවේ වැඩියෙන්ම සාකච්ඡා වුණේ හොරකම් පිළිබඳව. හැබැයි වංචා හෝ දූෂණ ගැන කිය කිය හිටියට වැඩක් නෑ. ඒවා නිසි පරිදි රාජ්‍ය ආයතනවලට පැමිණිලි කළ යුතුයි. මොනවද මේ රාජ්‍ය ආයතන? ඒකට ආයතන දෙකක් තිබුණා. එකක් එෆ්සීඅයිඩී එක. (FCID ) ඒ කිව්වේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය. අනෙක් එක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව. තව අවශ්‍ය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව.”

අනුර කුමාර දිසානායක කියාසිටියේ මෙම ආයතන වෙත පැමිණිලි කළ හැකි බවයි. පැමිණිල්ලක් නොමැතිව කිසිඳු පරීක්ෂා කළ නොහැකි බවයි.

“පැමිණිල්ල දාන්න පහසුම කාටද? ලිපිගොනු සියල්ල තියෙන්නේ අලුත් ඇමති ලඟ. උදාහරණයක් හැටියට පහුගිය ආණ්ඩු සමයේ නිවාස අමාත්‍යංශයේ සිදු කළ යම් වංචාවක් ගැන හිටපු ඇමති විමල් වීරවංශට විරුද්ධව පහසුවෙන් තොරතුරු සොයා ගත හැක්කේ අලුත් ඇමතිට. සජිත් ප්‍රේමදාසට. ඔහු තමයි අලුත් ඇමති. ඔහු සතුව තමයි සියළු ලිපිගොණු තිබෙන්නේ. ඒත් එක්සත් ජාතික පක්ෂයේ කිසිම අමාත්‍යවරයෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කළේ නෑ. ඒක මතක තියා ගන්න.”

“හැබැයි අපේ වසන්ත සමරසිංහ ඇතුළු අපේ පක්ෂයේ කණ්ඩායම 130ක්, ඔව් පැමිණිලි 130ක්… අල්ලස් කොමිසමටත් එෆ්සීඅයිඩී එකටත් පැමිණිලි කළා. ඒ පැමිණිලි 130 හි වංචාවේ එකතුව බැලුවොත් සාමාන්‍ය අවුරුද්දකදි භාණ්ඩාගරයට ලැබෙන මුළු ධනයට සමානයි. අවුරුද්දකට සාමාන්‍යයෙන් භාණ්ඩාගාරෙට ලැබෙනවා රුපියල් බිලියන දෙදාහක්. රුපියල් ට්‍රිලියන දෙකක්. ඒ හා සමාන වංචාවන් සිදුවී තිබෙනවා.”

“මිග් ප්‍රහාරක යානා පිළිබඳ පැමිණිල්ල අපි කළේ. මැද මූලන සොහොන පිළිබඳ පැමිණිල්ල අපියි කළේ. හෙලෝකෝප් පිළිබඳ පැමිණිල්ල අපියි කළේ. හයට් හෝටල් සංකීර්ණය පිළිබඳ අප පැමිණිලි කළා.”

අනුර කුමාර දිසානායක මෙම සම්මන්ත්‍රණයේදී පැවසුවේ තමන් ඇතුළු පිරිස මෙවැනි පැමිණිලි 130ක් ඉදිරිපත් කළ බවයි. අනතුරුව පැමිණිළි සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වෙනවාද යන්න සොයා බැලිය යුතු බවත් ඔහු පැවසිය.

“අප ඉදිරිපත් කරන ලද පැමිණිලි පිළිබඳ නිසි පරිදි විමර්ශන සිදුවුණේ නෑ. අපි කිව්වා අපට මේ පැමිණිලි පිළිබඳ පොලිස්පතිවරයාගෙන් දැන ගන්න ඕන. ඔහු තමයි FCID එක බාර කෙනා. ඒ පැමිණිලි පිළිබඳ අල්ලස් කොමිසමෙන් දැන ගන්න ඕන. මේ පැමිණිලි පිළිබඳව ක්‍රියාත්මක වූ ආකාරය නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැන ගන්න ඕන. මොකද ඒ ගොල්ලො තමයි නඩු පවරන්නේ. ඒ නිසා අප මේ පැමිණිවලට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න එම කණ්ඩායම් සමග සාකච්ඡා වට දෙකක් තිබ්බා.”

“ඒක හරිද වැරදිද? පැමිණිලා දාලා නිකන් බලං ඉන්නද? පැමිණිලි දාලා ඒ පැමිණිලිවලට මොකක්ද වෙන්නේ කියලා අපි පසුවිපරමක් කළා. අන්න ඒ පසුවිපරම ගැන තමයි ඔය නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු උසස් නිලධාරියා කියන්නේ.”

අනුර කුමාර දිසානායක රැස්වසිටි පිරිස ප්‍රශ්න කරමින් අසා සිටියේ ඒ පසුවිපරම කිරීම හරිද වැරදි ද යනුවෙනි

“දාපු පැමිණිලිවලට මොකක්ද වෙන්නේ කියලා විපරම් කර බැලීමට පැමිණිලි ඉදිරිපත් කළ අයට ශුද්ධ වූ අයිතියක් තියෙනවා. ඒ සාකච්ඡාවලට අප සහභාගි වුණා. හැබැයි..මේ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කරුණු දෙකක් තිබුණා. එකක් තමයි වංචනිකයන්ට විශාල ධනයක් තිබුණා. ඒ ධනය හරහා පරීක්ෂණ කළ නිලධාරීන් මිල දී ගත්තා. දේශපාලකයන් මිල දී ගත්තා. නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් මිල දී ගත්තා. සල්ලි යොදවලා.”

“අනිත් එක…සමහර වංචනිකයන්ට දේශපාලන රැකවරණය දුන්නා. සමහර වංචනිකයන්ට රනිල් වික්‍රමසිංහලා දීපු දේශපාලන රැකවරණය සහ සමහර වංචනිකයන්ගෙන් මුදල් ලබා ගැනීඹ හරහා ඒ පැමිණිලි ගැන පරීක්ෂණ මුලුමනින්ම අඩපන වුණා. හැබැයි අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට එම වංචනිකයන්ට දඬුවම් ලබා දෙන්නත් එම දේපල යලි පවරා ගන්නත් උපරිම උත්සාහ කළා.”

“දැන් මගෙන් එක සහෝදරයෙක් ඇහුවා..ඔයගොල්ලෝ ආපුවාම මේ වැඩේ කරනවාද කියලා? ඔව්. අපේ රටේ වංචනිකයන්ට දඬුවම් ලබා දිය හැකි වන්නෙත් වංචා කරන ලද දේපළ යළි පවරා ගත හැකි වන්නෙත් ජාතික ජන බලවේගයේ පාලනයකින් විතරයි.” යයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

colombotrust.com

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us