නන්දසේනගේ අතුරුදන් යැයි කියන ද්විත්ව පුරවැසි ලේඛන ලැයිස්තුව මෙන්න Featured

Published in පුවත්
Wednesday, 02 October 2019 21:39

නන්දසේන ගොඨාබය මෙරට ද්විත්ව පුරවැසි භාවය ඉල්ලුම් කිරීමේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලබා දී තිබිය යුතු ලේඛන කිසිවක් එම දෙපාර්තමේන්තුව සතුව නොමැති බව අද ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි..මේ ලේඛන මොනවාද? ද? සහ එය අයදුම් කරන පිළිවෙල ගැන පහත විස්තරයක් සඳහන් වේ.

 

01. ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්කළ හැක්කේ -

1948 අංක 18 දරන පුරවැසි පනතේ අංක 19, 20 සහ 21 වගන්ති යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු පුද්ගලයෙකුට හෝ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි වීමට ආසන්න පුද්ගලයෙකුට පමණි.

පනතේ 19(2) වගන්තියේ විධිවිධාන යටතේ වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු අයෙකුට හෝ

පනතේ 19(3) වගන්තියේ විධිවිධාන යටතේ වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීමේ අවශ්‍යතාවය මත ශ්‍රී ලාංකික පුරවැසිභාවය රඳවා ගැනීමට අවශ්‍ය වු අයෙකුට පමණක් ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලා අයදුම් පත්‍ර ඉදිරිපත් කළ හැකිය.

02. අයදුම්පත්‍රය සම්පුර්ණ කිරීමට අදාල උපදෙස් -

අයදුම්පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් සම්පුර්ණ කළ යුතු වේ. (කරුණාකර ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිත කරන්න.)

අයදුම් පත්‍රයේ * සළකුණ යොදා ඇති සෑම අවස්ථාවකදීම අදාල නොවන වචනය හෝ වචන කපා හරින්න.

අයදුම් පත්‍රයේ අදාල නොවන කොටස් වේ නම් අදාල නොවන බව නිශ්චිත ස්ථානයන්හි සඳහන් කරන්න.

එකම පවුලක වුවද සෑම අයදුම්කරුවෙකු සඳහාම වෙන් වෙන්ව අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු වන අතර ඒ සමඟ 3.5 x 4.5 cm ප්‍රමාණයේ වර්ෂ ඡායාරූප 3 ක්ද ඉදිරිපත් කළ යුතු වේ. ඉන් එක් ඡායාරූපයක් අයදුම් පත්‍රයේ දකුණු පස ඉහල කෙළවර ඡායාරූපය ඇලවීම සඳහා වෙන්කර ඇති කොටුව තුල අලවන්න.

ද්විත්ව පුරවැසිභාවය අයදුම් කිරීම සඳහා අයදුම් පත්‍රයේ අංක 1 යටතේ දක්වා ඇති A සිට G දක්වා ඇති සුදුසුකම් අතුරින් එක් සුදුසුකමක් පමණක් සම්පුර්ණ කර තිබීම ප්‍රමාණවත් වේ. ඒ අනුව අදාල සුදුසුකම ඉදිරිපස දැක්වෙන කොටුව තුල ( \ ) සලකුණ යොදන්න.

අයදුම්පත්‍රයේ 6 පිටුවේ දක්වා ඇති දිව්රුම් ප්‍රකාශය අයදුම්කරු විසින් සම්පුර්ණ කර යුතු වන අතර එය සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ දිවුරුම් කොමසාරිස්වරයකු විසින් සහතික කළ යුතු වේ.

පරිගණක දත්ත පත්‍රිකාව ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් පිරවිය යුතුය.

වයස අවුරුදු 22 අඩු අවිවාහක අයදුම්කරුවන් පමණක් අයදුම්කිරීමේ දී අයදුම්පත්‍රයට අමතරව ඇමුණුම 03 පිරවිය යුතු අතර වයස අවු 21 මාස 6 කට පසුව ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් මෙම ගණය යටතේ භාර ගනු නොලැබේ.

03. ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම්කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි -

අයදුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ එහි සහතික කළ පිටපත් (අංක 01 සටහන බලන්න.) (අයදුම්කරු ලියාපදිංචියෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන ඇත්නම් පුරවැසි පනත යටතේ නිකුත් කරන ලද සහතිකය හෝ එහි පිටපතක් ඉදිරිපත් කරන්න.)

අයදුම්කරු විවාහක නම්, විවාහ සහතිකයේ මුල් පිටපත හෝ එහි සහතික කල පිටපත (අංක 01 සටහන බලන්න.)

අයදුම්පත්‍රය ඉදිරිපත් කරනු ලබන්නේ පුරවැසි පනතේ 19(2) වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු අයකු නම්, පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.

(a) විදේශිය පුරවැසි සහතිකය හෝ එහි සහතික කළ පිටපත (අංක 01 සටහන බලන්න.)

(b) දැනට විදේශීය පුරවැසිභාවය දරනු ලබන රටෙහි විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ සහ සංශෝධන කිරීම් වලට අදාල පිටුවල සහතික කළ පිටපත් (අංක 01 සටහන බලන්න.)

(c) දැනට පුරවැසිභාවය දරනු ලබන රටෙන් ලබාගත් පොලිස් නිශ්කාෂණ සහතිකය (අදාල සහතිකය අයදුම්පත්‍රය ඉදිරිපත් කරනු දිනට මාස 03කට නොවැඩි කාලයක් තුල ලබාගත් ඉංග්‍රීසි භාෂාවෙන් යුතු සහතිකයක් විය යුතු අතර එම සහතිකය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කර නොමැති නම් ඊට අදාල ඉංග්‍රීසි පරිවර්තනය ද සමඟ ඉදිරිපත් කරන්න.)

(d) ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ සහ සංශෝධන කිරීම්වලට අදාල පිටුවල පහතික කළ පිටපත් (අදාල ගමන් බලපත්‍රය තිබේ නම් පමණක්)

සටහන :

01. අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කරනු ලබන ලේඛන සහතික කළ හැක්කේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයේ නියෝජ්‍ය / සහකාර පාලකවරයාට හෝ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයේ තෙවන ලේකම් හෝ ඊට නොඅඩු නිලයක් දරන අයකුට පමණි.

02. පවර්තිත ලේඛන මුල් පිටපත ලෙස සලකණු නොලැබේ. (උදා : උප්පැන්න සහතික, විවාහ සහතික වල ඉංග්‍රීසි පරිවර්තන හා පොලිස් වාර්තාවේ ඉංග්‍රීසි පරිවර්තන ආදිය.)

03. අදාල පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත හෝ විදේශයන්හී පිහිටි විදේශ දූත මණ්ඩල වෙත අයදුම්කරු විසින්ම භාරදිය යුතුය.

04. ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂාවලට අමතර වෙනත් භාෂාවකින් ඇති ලේඛන ඒවායේ ඉංග්‍රීසි පරිවර්තනයන් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.

04. අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි පිළිවෙල -

නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍ර සෘජුවම අයදුම්කරුට පැමිණ ආගමන හා විගමන පාලක ජනරාල් වෙත හෝ අයදුම්කරු විදේශගතව සිටි නම් තමන් පුරවැසිභාවය / වාස වීසා දරන රටෙහි විදේශ දූත මණ්ඩල වෙත භාරදිය හැකිය. විදේශ දූත මණ්ලය වෙත භාරදෙනු ලබන අයදුම්පත්‍ර සහ ඒවාට අමුණා ඇති සහතික වල ඡායා පිටපත් (අංක 03 හි දැක්වෙන ලේඛන වල) විදේශ දූත මණ්ඩල ප්‍රධානියා හෝ ඔහු / ඇය විසින් බලය පවරන ලද දූත මණ්ඩල තෙවන ලේකම් හෝ ඊට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් සහතික කළ යුතුය. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලබන අයදුම්පත්‍ර සහ ඒවාට අමුණා ඇති සහතික වල ඡායා පිටපත් පුරවැසි අංශයේ නියෝජ්‍ය පාලක හෝ සහකාර පාලක විසින් සහතික කරනු ලැබේ.

5. ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අදාල ගාස්තු -

ප්‍රධාන අයදුම්කරු -රු. 345,000.00
කලත්‍රයාට - රු. 57,500.00
වයස අවුරුදු 22කට අඩු අවිවාහක එක් දරුවකුට- රු. 57,500.00

ඉහත දක්වා ඇති ගාස්තු අය කරනු ලබන්නේ, අදාල අයදුම්පත්‍ර පරීක්ෂා කර බලා විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර නියමිත අනුමැතිය ලද පසුව වේ.

නියමිත ගාස්තු ගෙවීම සඳහා දොපර්තමේන්තුව විසින් අයදුම්කරු වෙත දැනුම්දීමක් සිදු කරනු ලබන අතර, එම නියමිත ගාස්තුව බත්තරමුල්ල "සුහුරුපාය" ආගමන හා විගමන දෙපර්තමේන්තුවේ 04 වන මහලේ පුරවැසි අංශයේ සරප් වෙත මුදලින් (ශ්‍රී ලංකා රුපියල්) ගෙවීම සිදු කළ යුතුවේ.

 

මේ මුදල් ගෙවීමේ රිස්ට් පතවත් නන්දසේන සතුව තිබුණානම් නඩුව නිකම්ම ගොඩය.

 මුලාශ්‍රය - http://www.immigration.gov.lk

Last modified on Wednesday, 02 October 2019 21:42

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us