සජිත්ට ලොකුම සහය ලැබුණේ සහ ලැබෙන්නේ සිරිසේන ගෙනි

Published in පුවත්
Friday, 11 October 2019 01:43

ගොට්ටන් සිතා සිටින්නේ සිරිසේන දැන් වුන්ට සහය වුණා කියාය. නැත නැත. ඒක එහෙම නෙවෙයි .

බලයේ පවතින ආණ්ඩුවක් විශේෂයෙන්ම ජනතාව අතර අප්‍රසාදයට පත් වෙමින් තිබුණු ආණ්ඩුවක් යළි බලය අත්පත් කර ගන්න උත්සහ කිරීම ලෙහෙසි දෙයක් නෙවෙයි...ජනතාවගේ කැමැත්ත දිනා ගන්න එක ලෙහෙසි වැඩක් නෙවෙයි. 2015 අච්චර බලවත් මහින්ද රාජපක්ෂ පවා පැරදුනේ. පැවැති ආණ්ඩුව ගැන ජනතා කළ කිරීම වැඩි වෙච්ච නිසා.

තත්වයන් එහෙම තියේද්දි සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකකම ගන්න දඟලපු දැඟලිල්ල නිකම් පිස්සු වැඩක් වගේ තිබ්බේ. 2018 පලාත් පාලනයෙන් පජාත වෙච්ච එජාපයට ජනාධිපතිවරණය දිනන එක හීනයක් වගේ තිබ්බේ. ඒත් සජිත් සමඟ වූ පිරිසට දිනන්න පුලුවන් කියන විශ්වාසය තිබ්බ. ඊයේ ගෝල්ෆේස් පිටිය විතරක් නෙවෙයි ඒ අවට ප්‍රදේශයත් මහ සෙනගකින් වැහිලා ගියේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දැවැන්තම ජන ‍රැලිය බව පහසුවෙන්ම තහවුරුවක් ලබා දෙමින්.

ඒක සිද්ධ වුණේ කොහොමද?

සජිත් අණ්ඩුවේ ඇමැතිවරයක්. ඒ පවතින ආණ්ඩුවේ කොටස් කාරයෙක්. එජාපයේ නියෝජ්‍ය නායකයා... විපක්ෂය විසින් ගොඩ නගපු විශාල ජන විරෝධයක් අණ්ඩුවට එල්ල වෙමින් තිබියදී සජිත් සාර්ථක වුණේ වෙන කිසිවක් නිසා නෙවේ.. ඒ ජනාධිපති සිරිසේන එජාප විරෝධයක් අනුගමනය කිරීමත් එජාපයට ආණ්ඩුව පවත්වගෙන යෑමට පහසු අවස්ථාවක් නොදී සිටීමත් නිසාය. වරෙක අගමැති රනිල් ඉවත් කර මහින්දට ඒ ලබා දුන්නා..එමෙන්ම ජනාධිපතිවරණයේ සහයද ගොටාට ලබා දුන්නා. ජනපති හා අගමැති ගැ‍ටුම පැහැදිලිව පෙන්නුම් කළා.


එහි ප්‍රතිපලය වුණේ ආණ්ඩුව හරියාකාරව පවත්වාගෙන යෑමට ජනපති ඉඩ නොදෙන බවට කතිකාවක් නිර්මාණය වීමයි. තනි එජාප ආණ්ඩුවක් ඕනෑ බවට එජාප සාමාජිකයා තුල මතයක් නිර්මාණය වුණේ ඉන් පසුවයි. සජිත් රනිල් ගැ‍ටුම මඟින් එජාප සාමාජිකයා දේශපාලනයෙහි උනන්දු වූ අතර නව නායකත්වයක් අපේක්ෂාවෙන් සජිත්ගේ පිළ බලවත්ව නැගී සිටීම සිදුවුණා. එජාපයේ පැවැත්ම වෙනුවෙන් සජිත් විරෝධීන්ටද ඒ සජිත්ගේ පාර්ශ්වය හා එකඟගවීමට සිදු වුණා.

සිරිසේනගේ අරියාදු නිසා..මේ තියෙන්නේ අපේ ආණ්ඩුවක් නොවන බව එජාප සාමාජිකයා වටහා ගත්තා. එසේම එජාපයේ ජයග්‍රහණයට අවශ්‍ය නායකයා සජිත් ලෙසද හඳුනා ගනු ලැබුවා.


දැන් සජිත් නව චරිතයක්. එළ කොල්ලෙක්.. පෙට්ටි ගෙවල්වල සිට කෘතිම බුද්ධියෙන් ආණ්ඩු පාලනය දක්වා ඔහුගේ වැඩ පරාසය විහිද තියෙනවා. දැන් ඔහු ආණ්ඩුවේ කොටස් කාරයෙකු බව එජාප සාමාජිකයා කිසිසේත්ම කල්පනා කරන්නෙ නැත.

එජාප සාමාජිකයා දැන් ආණ්ඩු විරෝධියෙකි.. එනම් ආණ්ඩුව ජනාධිපති ගේ කරේ ගසා ඇත. මැරිලා ඉපදුනා වගේ දැන් සජිත් කතා කරන්නේත් තමන් පිහි‍ටුවන නව ආණ්ඩුව යටතේ අරවා කරනවා මේවා කරනවා යනුවෙනි.. තමන් ආණ්ඩුවේ සාමාජිකයකු බව ඔහුටම අමතක වී ඇති සෙයකි.

ඒ සියල්ල සිදුවන්නේ සිරිසේනගේ එජාප ආණ්ඩු විරෝධය නිසාය. සිරිසේන සජිත්ට සහය නොදී ගොටාට සහය දීමට ගත් තීරණයද සජිත්ගේ වාසියටම හේතු වී තිබේ.. ආණ්ඩුවේ සියලු කුණුකන්දල් සමඟ සිරිසේන ද ශ්‍රීලනීප ලොක්කෝ ද ගෝටාට හේත්තු වී තිබේ.

අසාර්ථක නායකයන්ගේ සහය ගොටාභයට හිමි වන විට ඒ අසාර්ථකත්වයද ගොටාගේ කර මතට වැටී තිබේ. ගෝටාගේ අගමැති සිරිසේන වන විට ඇමැතිකම් වලට එස්බීලා ඩිලාන්ලා රතනලා උරුමකම් කියයි. ඒ ගෝටාද තරයේ වැලඳ ගැනීම සජිත්ගේ වාසනාව මිසක් වෙන දෙයක් නොවේ.

මේ මහඟු අවස්ථාව සජිත්ට මල් බන්දේසියක දමා දුන්නේ සිරිසේනය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us