ජනාධිපති බලතල වලින් පෙර වැරදි වසා ගත්තත් චෝදනාවෙන් නිදහස් නැත ! Featured

Published in පුවත්
Thursday, 21 November 2019 15:03

ජනාධිපති ගොටාබය රාජපක්ෂ පසුගිය රාජපක්ෂ සමයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි සමයේදී රජයේ මුදල් අවභාවිතා කරමින් සිය මාපියන් වෙනුවෙන් ඉදි කෙරුණු සොහොන සහ කෞතුකාගාරය සම්බන්ධ නඩුවෙන් ඔහුව නිදහස් කිරීමට අද ත්‍රීපුද්ගල මහාධිකරණය තීන්දු කර තිබේ.

 

මේ සඳහා වන නීති තර්කය ලෙස නීතිපතිවරයා විසින් ගෙන හැර පා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35.1 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට නඩු නොදැමිය හැකි බවට තිබෙන මුක්තියේ අයිතිවාසිකම පෙන්වා දෙමිනි.

මෙය අපූර්ව තර්කයකි. එය ගෙඩි පිටින්ම අධිකරණය ද පිළිගෙන තිබේ.. ඊට කිසිවකු හෝ අභියෝග කරන්නට අවස්ථාවක්ද නැත. මොකද මේ නඩුව පවරා තිබුණේද නීතිපතිවරයා විසින්ම වීමයි.

මේ නිසා මේ තීන්දුවට එරෙහිව වෙනත් පාර්ශ්වයකට මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීමේ අවස්ථාව තිබේ..ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන සලසා ඇත.

එසේම ජනාධිපතිධුරය ලබා ගැනීමට පෙර කරන ලද වැරැද්දක් සම්බන්ධයෙන් ජනාධිපති ගෝටාබය එම චෝදනාව යටපත් කිරීමට මේ ආකාරයෙන් ජනාධිපති ධුරයේ බලතල උපයෝගී කර ගැනීම අතිශය පිලිකුල් සහගත කටයුත්තකි. එය සදාචාරාත්මක නැත. තමන්ට එරෙහිව තිබෙන චෝදනාවක් අධිකරණයේ ස්වාධීනත්වයට යටත්ව බේරා ගැනීමට පසුගිය කාලයේදීත් තිබූ අවස්ථාවන් සියල්ල මඟ හැර යෑමට , කට්ටි පැනීමට ගෙන තිබූ උත්සාහයන් අනුව ජනාධිපති ගොටාබය මෙලෙස අද කටයුතු කිරීම ගැනත් එතරම් පුදුම වීමට කාරණාවක් නොවේ.

ඒ කොහොම උනත ස්වාධීන අධිකරණය, නීතියේ ආධිපත්‍යය ගැන රාජපක්ෂ්වරුන් ලබා දී තිබෙන ආදර්ශයන් අනුව, මේ තීන්දුවට එරෙහිව අභියෝග කිරීමට කිසිවකු ඉදිරිපත් වීම සැක සහිතය. ඒ සමයෙහි අධිකරණ විනිසුරුවරුන් පවා තමන්ගේ ජීවිතය ගැන තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතය ගැන තිබෙන ආසාව හේතුවෙන් රට හැර ගොස් තිබිණි. මේ නිසා සිදුවන දේ බලා සිටිනවා හැර ඊට එරෙහිව ඉදිරිපත් වීමට හයියක් ඇති මිනිසුන් ගැන හීන දැකීම පමණක් ඉතුරුව තිබේ.

එහෙත් නිශ්චිතව කිව හැකි කාරණය නම් ගොටාබය මෙම චෝදනාවේන් නිදොස් කොට නිදහස් වීමක් සිදු වූයේ නැති බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්

ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව.

(35.1) යම් තැනැත්තකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවක දී, ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේ ය :

එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගත යුත්තේ ය:

එසේම තවදුරටත්, ජනාධිපතිවරයා විසින් 33(2)(උ) ව්‍යවස්ථාව යටතේ බලතල ක්‍රියාත්මක කිරීම මත ප්‍රඥාපනය කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නොතිබිය යුත්තේ ය.

(2) කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව, කවර හෝ විස්තරයක නඩුවක් පැවරිය හැකි කාලය සීමාකරමින් නීතියෙන් විධිවිධාන සකසා ඇති විට, ඒ තැනැත්තා යම් කිසි කාලයක් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ධූරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාල සීමාව ලෙස නීතියෙන් නියමව ඇති කාලය නිශ්චය කිරීමේ දී ඒ තැනැත්තා ජනාධිපති ධූරය දැරූ කාලය නොගැනිය යුත්තේ ය.

--------------------------------------------------------------------------------------------
126. (1) iii වැනි පරිච්ඡේදයෙන් හෝ iv වැනි පරිච්ඡේදයෙන් හෝ ප්‍රකාශ කොට පිළිගන්නා ලද යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කිරීමට අත්‍යාසන්නව පැවතීම හා සම්බන්ධ කවර වූ හෝ ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේ ය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us