ණයට හිලව්වට හරි උතුරේ ප්‍රශ්න විසඳෙනවා නම්, ඒක මරු වැඩක්.

Published in පුවත්
Saturday, 30 November 2019 19:13

ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ ඉන්දීය සංචාරයෙන් ඩොලර් මිලියන 450 ක පමණ ණය මුදලක් ලැබුණු බව සදහන්ය.ඉන් කොටසක් සෘජුවම උතුරු නැගෙනහිර පීඩාවට පත් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කිරීමද විය යුතුව තිබේ.

කෙසේ නමුත් මෙම ණය මුදල් ලබා දීම සහ ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න වග ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි පැහැදිලි හින්දි භාෂාවෙන් කියා තිබේ. ඒ පරිවර්තනය අසමින් ගොටාබය ද ඊට එකඟ විය. ඒ අනුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉ‍ටු විය යුතුය. 13 වෙනි ව්‍යවස්තා සංශෝධනය හරහා දෙමළ ජනතාවගේ ගැටලුව වෙනුවෙන් වූ විසඳුම් නියමාකාරයෙන් සිදු විය යුතුව තිබේ.

මේ අනුව ගෝටාබය රාජපක්ෂව ඉන්දියාවට කැඳවා මෝඩි විසින් ඔහුට ලබා දී තිබෙන්නේ කොන්ත්‍රාත්තුවකි. ඒ වෙනුවෙන් වන ගෙවීමද සිදු කර තිබේ. එය දැන් මඟ නොහැර කළ යුතුය. ඒ අනුව පැහැදිලි වන කාරණය නම් ඉන්දියාව නම් ලොකු අයියා විසින් ශ්‍රිලංකාව නැමැති චූටි නංගීට ( මේ නෑකම මහින්ද රාජපක්ෂ විසින් මීට පෙර ප්‍රකාශ කරන ලද්දකි) පොඩි පහේ තරව‍ටුවක් සමඟ මේ ණය මුදල් ලබා දීම කර තිබෙන බවය.

පැවැති ආණ්ඩුව විසින් දෙමළ ජනතා අභිලාෂයන් වෙනුවෙන් බොහෝ දේ කරන්න පොරොන්දු වූවද ඒවා නිසි පරිදි සිදු වූයේ නැතත් ඒ වෙනුවෙන් දැවැන්ත මුල්‍යමය සහයෝගයකද එවකට ලබා දී තිබිනි .එය ඩෝලර් බිලියන 5 කට ආසන්න සහන පොලියක් යටතේ වන ණයක්ද ඩොලර් මිලියන 550 ක පමණ ප්‍රධානයක්ද වේ. ඒ ‍තුල නිවාස 60,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්ද වේ. ඊට අමතරව සුවසැරි ගිලන් රත සේවයද ඉන්දියාවේ පරිත්‍යාගයකි. ඉන්දියාව සමඟ වන මිත්‍රශීලී සුහද ගනුදෙනුවක් පෙර ආණ්ඩුව සමයේ දී විය. එහෙත් වත්මන් පාලනය යනු ඉන්දීය හිතවාදී පාලනයක් නොවේ. එය බොහෝ විටම චීනයට සමීප පාලනයකි. ගොටාබයගේ අමරිකානු පුරවසිභාවය මත අමරිකාව විසින් නැටවිය හැකි රූකඩයක් බවට ගෝටාබය පත් වෙනු ඇති බවට පූර්ව අණාවැකි කියවුණද බොහෝ විට සිදුවනු ඇත්තේ අමරිකාව විසින් ඉන්දියාව හරහා මොහුව පාලනය කිරීමකි.

මෙම ඉන්දීය සංචාරයේ දේශපාලනික අර්ථය ද ඊට වඩා වෙනස් වන්නෙ නැත.

ඒ කොහොම නමුත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලුව විසැඳීමට ගෝටාබයට බල කරන තත්වයක් ජාත්‍යන්තරව එල්ලවීම එක අතකින් මෙරට දෙමළ ජනතාව ලත් ජයග්‍රහණයකි. දෙමළ ජනතාව කාලාන්තරයක් පුරා සටන් වදිමින් ඉල්ලා සිටි අයිතිවාසිකම් ප්‍රමාණයක් ඒ අනුව ඔවුන්ට ලැබිය හැකිව තිබේ.

එහෙත් මේ කිසිවක් ගෝටාබය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ජනතාවගෙ තුන් හිතකවත් තිබූ දේවල් නොවීම රාජපක්ෂ කඳවුරේ අනාගත දේශපාලනයට යම් ප්‍රමාණයකට බලපැවැත් විය හැකි යැයි හැඟුනත් දෙමළ ජනතාවගේ සිත් සතන් දිනා ගැනීමට හැකිවීම රාජපක්ෂලා ලබන දේශපාලන ජයග්‍රහණයක්ද වේ. මේ නිසා රාජපක්ෂවරු දෙමළ ජනතා ගැටලුවලට වඩා සංවේදී වීමක් ඉදිරියේදී තව දුරටත් දකින්නට ලැබෙනු ඇත. සිය ඡන්ද දායකයා යනු රාජපක්ෂ නමින් කුමක් ඉදිරිපත් කළත් කිසි වග විභාගයකින් තොරව රාජපක්ෂවරුන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන වහල් මානසිකත්වයකින් යුතු පිරිසක් නිසා මේ සිංහල බෞද්ධ බහුතරයේ ඡන්ද කෝටාවට බරපතල හානියක්ද සිදු නොවනු ඇත.

කොහොම නමුත් දෙමළ ජන කොටස් මේ මොහොතේදී වඩාත් උත්සුක විය යුත්තේ තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් මේ මොහොතේ දේශපාලන තත්වයන් නියමාකරයෙන් තමන්ගේ වාසියට පාවිච්චි කිරීමය. විශේෂයෙන්ම දෙමළ ජාතික සංධානය මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වීම විය යුතුව තිබේ.

ඉන්දියාවෙන් ලැබෙන ණය නිසා මේ රටේ ණය බර වැඩි වූවා යැයි ඇතැමුන් මැසිවිලි නැගුවද එය රටට වන බරකට වඩා ලොකු වාසියක් වන්නේ උතුරේ ජනතා ගැටළුව විසැඳීමට ඉන් වැඩි බරක් යෙදිමට රජයට සිදුවන නිසාය. මෙය මුල්‍යමය ණයට වඩා රටට ලැ‍බෙන අනාගත ජයග්‍රහණයකි. මේ ණය ඒ ජයග්‍රහණය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙස සැලකිය හැකිය. මේ ණය ආපසු ගෙවීමට සිදුවන්නේ මේ රටේ සමස්ත ජනතාවගෙන් අය කරන බදු මුදලින්ය. මේ අනුව උතුරේ ගැටලුව විසැඳීම වෙනුවෙන්ම මේ රටේ සෑම පුරවැසියෙකුම යම් දායකත්වයක් සැපයූවා කියා කල්පනා කිරීමද වැරදි නැත. ඒ ගැන රටේ සෑම පුරවැසියකුම සතු‍ටු විය යුතුව තිබේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us