ශ්‍රී මහබෝධින් වහන්සේ රැකගන්න කටයුතු කළ කර්නල්ට එරෙහිව හමුදාවෙන් විනය පරීක්ෂණයක්..

Published in පුවත්
Thursday, 11 June 2020 11:24

ශ්‍රී මහබෝධින් වහන්සේට ගිරවුන්ගෙන් වන හානිය වලක්වා රැක ගන්න කටයුතු කළ කර්නල් රවීන්ද්‍ර මීගමආරච්චිට එරෙහිව යුද හමුදාව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. ඒ, ඔහු විසින් නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව විදේශ රටකින් මෙරටට භාණ්ඩ ගෙන්වීමේ සිද්ධියකට අදාළවයි. මේ වන විටත් එම භාණ්ඩ ශ්‍රී මහාබෝධින් වහන්සේ වෙනුවෙන් ගෙනැවිත් පුජා කර අවසන්ය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආරක්ෂාව සඳහා නියමිත ක්‍රියාපටිපාටියට අදාළව මෙම උපකරණ කට්ටලය නිදහස් කර ඇති බව රේගුව සඳහන් කරන නමුත් ඒ සදහා ජනාධිපති කාර්යාල බලතල භාවිතා කර ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ. එහෙත් මෙම භාණ්ඩ කට්ටලයට අඩුම වශයෙන් තීරුබදු ගෙවිමක් සිදු කිරීමක් කළ යුතු නැත. මෙය තීරුබදු වලින් නිදහස් භාණ්ඩ වලට අයත් උපකරණ කට්ටලයකි.

කෙසේ වෙතත් මෙම උපකරණ කට්ටලය මෙරටට ගෙන්වා ඇති බවට එල්ල වන චෝදනා මත අදාළ විනය පරීක්ෂණය සිදු කරන බවට යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ශාඛාවල ගිරවුන් විසින් බෙණ සෑදීම හේතුවෙන් බෝ සමිඳුන්ට ඇති විය හැකි හානි වළක්වා ගැනීමට ගිරවුන් පලවා හැරිය හැකි උපකරණ කට්ටලය කර්නල් රවීන්ද්‍ර මීගමආරච්චි අදාළ භාණ්ඩ මෙරටට ගෙන්වා මේ වනවිටත් ඔහු විසින් එම භාණ්ඩ කට්ටලය ශ්‍රී මහ බෝධින් වහන්සේට පුජා කල බවට ඔහුගේ සමාජා ජාලා ගිණුමේද(facebook) සටහනක් තබා තිබෙන වටපිටාවක ආණ්ඩු හිතවාදී පෞද්ගලික මාධ්‍ය කිහිපයක පමණක් මේ ගැන ඉහළ ප්‍රචාරයක් ලබා දී තිබීම විමතියට කරුණක්ව තිබේ.

තතුදත් ආරංචි මාර්ග අනුව මේ ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ගැටුමක ප්‍රතිපළයකි. කර්නල් මීගමආරච්චි, ගෝටාබය රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානියකු වන අතර මෙහි තවත් ප්‍රධානියකු හා කාලාන්තරයක් මුළුල්ලේ වන ගැටුමක ප්‍රතිපලය ලෙස ආණ්ඩුවේම හිතවත් මාධ්‍ය කිහිපයක් හරහා මීගමආරච්චිට එරෙහිව මෙම තොරතුරු ලබා දී ඇත.

කර්නල් රවින්ද්‍ර මීගමආරච්චි විසින් එම භාණ්ඩ ගෙන්වීමට කටයුතු කළ හේතුව ඔහුගේ මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබේ.

උපුටා ගැනීම.

කිව්ව වගේම කරා හෙට පූජා කරනවා

අදටත් ගෝනි වලින් වසා දැල්වලින් ආවරණය කර ඇති ගිරවුන්ගේ බෙන, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා පරිවාර බෝධීන් වහන්සේලාට වී ඇති හානිය මනාව පිළිබිඹු කරයි. සිය ගණනින් ගිරවුන් බෝධීන් වහන්සේ අසලට ගෙනගොස් භාර ඔප්පු කිරීමට නිදහස් කිරීම තුළින් මෙම තත්ත්වය වඩ වඩාත් වියවුල් වී ඇත. පරිවාර බෝධීන් වහන්සේලාගේ අවුරුදු තුන් හාරසීය ඉපැරණි අතු මෙම බෙන හේතුවෙන් කඩාවැටීමට ලක්වී ඇත. ආවරණයක් ලෙස ක්‍රියාකරන එම අතු කඩා වැටීම හේතුවෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිරාවරණය වන්නේ උන්වහන්සේට ඇති එකම අනතුරවන සුළඟටය.

යුද හමුදාව පොලිසිය යොදා ආරක්ෂාව සැපයුවද සුළඟින් ආරක්ෂා කිරීමට කිසිවකු සමත් වී නැත. මම මෑතකදී සඳහන් කළ පරිදි මේ වන විට බෝධීන් වහන්සේ අසල රතිඤ්ඤ පත්තු කිරීම ,උස් හඩින් ඝෝෂා කිරීම කැට පොල්ලෙන් විදීම වැනි ක්‍රියා තුළින් ගිරවුන් එලවීම සිදුකරනු ලබයි. එම ක්‍රියා එම ස්ථානයේදී උචිත නොවේ. එබැවින් මේ සඳහා සුදුසුම විකල්පය සොයාගත් මා අද දින එම උපකරණ ලංකාවට ගෙන එනලදී.

මා විසින් මෙම නිෂ්පාදන සමාගම සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර ශාකවලට හා සතුන්ට මෙමගින් කිසිදු හානියක් සිදු නොවන බවට ඔවුන් ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර තත්ත්ව සහතික ද ඉදිරිපත් කරමි. Ultrasonic තාක්ෂණය මෙන්ම Flashing light මේ සදහා යොදා ගෙන ඇති අතර කුරුලන් පැමිණි විට පමණක් Motion detector මගින් මෙම උපකරණය ක්‍රියාත්මක වේ. සොබාදහමට සියලුම දේ අවනත විය යුතු නමුත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමට සොබාදහමේම කොටස්කරුවන් ලෙස අප බැඳී සිටින්නෙමු. මෙම උවදුර මෑතකදී දී ඇති වූවක් මිස අතීතයේ සිට පැවතුණාවූ උවදුරක් නොව නතර ඒ සඳහා විසඳුමක් සොයා ගැනීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි.

sri1sri2sri3sri4sri5sri6

Last modified on Thursday, 11 June 2020 12:10

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us