මේ අතර අද මංගල සමරවීර මහතා වෙතින්ද චම්පිකගේ දේශපාලන වුවමනාව සම්බන්ධයෙන් පොඩි ටොක්ක ඇණීම සිදුකර තිබේ.
''..විපක්ෂයේ ඉන්න සමහරුන් සර් ෆේල් නිසා ස' ගේ සපත්තු දෙකම දාගෙන සර් ටත් වඩා තනි සිංහල ආණ්ඩුවක් වෙනුවෙන් දැන් ඉඳලම දත් මදිනවා.නමුත් මිත්රවරුණි මම කියනවා 'සර් නෙවෙයි ෆේල්. සර් නියෝජනය කරන මතවාදය තමයි යළි වතාවක් ෆේල් වෙලා තියෙන්නේ..'' යයි මංගල සමරවීර මහතා පැවැසූවේ අද (20 ඉරිදා ) මාතර පැවති 'මාතර හමුවට' එක්වෙමිනි.
මේ අනුව පෙනී යන්නේ චම්පික ගොඩනගනවාය කියන නව ජාතික බලවේගයට මංගල සමරවීරගේ සහය නොලැබෙන බවය. මංගල මේ වන විට එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරන බැවින් එජාපයේ සහයද චම්පිකට නොලැබෙනු ඇතැයි බවද කල්පනා කළ හැකිය.
සමරවීර මහතා මෙහිදී පෙන්වා දීමට උත්හස ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයකින් පසුව සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාදය පරාජය වී ඇති බවත් බුද්ධ දර්ශනයට සමීප ලිබරල් ප්රජාතන්ත්රවාදී ක්රමවේදයක් ඔස්සේ රට ගමන් කළ යුතු බවය.
එම විඩියෝව
https://www.youtube.com/watch?v=qF_ERV5115M&feature=emb_logo