තියෙන හැටියකට ලෙවකාල හරි හිටපියව් ! භාණ්ඩාගාර ලේකම් චක්‍රලේඛයක් ගහයි.

Published in පුවත්
Monday, 28 December 2020 15:09

2021 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර තිබෙන සීමාව අභිබවා රාජ්‍ය ආයතන වියදම් සීමාව ඉක්මවා ගියහොත් නිළධාරීන් පෞද්ගලිකවම ඊට වගකිව යුතු බවට භාණ්ඩගාර ලේකම් එස් ආර් ආටිගල මහතා සියලුම රාජ්‍ය ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සියලූම අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ, පළාත් ස, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඊට අයත් වේ.

මෙම චක්‍ර ලේඛය අනුව වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර දී ඇති පුනරාවර්තන හා ප්‍රග්ධන ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම ප්‍රධාන ගනන් දීමේ නිලධාරීන්ගේ මෙන්ම ගනන් දීමේ නිලධාරීන්ගේ ද වගකීම බව තරයේ අවධාරණය කරම්. යනුවෙන් මෙහි සඳහන් කර තිබේ.

එමෙන්ම 2021 වර්ෂය තුල නව බැඳීම් වලට එළැඹීමට පෙර 2020 වර්ෂයට අදාල වූ ගෙවිය යුතු බිල්පත් පවතීනම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර ගෙවීම් නිරවුල් කළ යුතු බවත් සෑම විටම බැදීම් ඇතිකර ගැනීමට පෙර ඒ සඳහා ප්‍රමාණවත් අයවැය ප්‍රතිපාදන පවතින බව තහවුරු කරගත යුතු බවත් සඳහන් කරයි. ප්‍රතිපාදන රහිතව ගනු ලබන බැඳීම සදහා භාණ්ඩාගාරයේ වගකීමක් නොමැති බැවින් එවන් වියදම් සඳහා අදාල නිලධාරීන් පෞද්ගලිකව වගකිය යුතු බවද වැඩිදුරටත් සඳහන්ය.

එසේම කොවිඩ් 19 ව්‍යවසනය හමුවේ ඇතිවී තිබෙන අවිනිශ්චිත බව හා වාර්ෂිකව ස්වභාවික ව්‍යවසනයන් හේතුවෙන් පැන නගින වියදම් සඳහා වෙන් කිරීමට සිදුවන ප්‍රතිපාදන ප්‍රමාණය සළකා බලන විට අයවැයෙන් ඔබ වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණයට අමතරව ප්‍රතිපාදන ලබා දීම ඉතා අසීරු වනු ඇති බවත් එබැවින් 2021 වර්ෂයේ වියදම් කළමනාකරණය කර ගත යුතු බවත් අවධාරණය කර ඇත.

රජයේ මුල්‍ය කළමනාකරණය විධිමත්ව දැඩි පාලනයකට යටත්ව සිදු විය යුතු බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එහෙත් භාණ්ඩාගාර ලේකම් වරයාට මෙවැනි අවධාරණාත්මක චක්‍ර ලෙඛයක් නිකුත් කිරීමට සිදුව ඇත්තේ රජය මුහුණ පා සිටින දැඩි මුල්‍ය දුෂ්කරතා හේතුවෙන් බව වටහාගැනීම අපහසු නැත. මෙම චක්‍ර ලේඛය අනුව පැහැදිලි වෙන කාරණය නම් රාජ්‍ය මුදල් වෙනදා මෙන් දේශපාලනික සංදර්ශන වෙනුවෙන් වැය කිරීමට ඇමැතිවරුන් ප්‍රමුඛ රාජ්‍ය ආයතන ප්‍රධානින්ට තිබූ ඉඩ කඩ අහුරා තිබීමය. මෙම චක්‍ර ලේඛයෙහි 4 වන වගන්තිය අනුව 2021 අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ඒ ඒ අයවැය යෝජනාව සම්බන්ධයෙන් වෙන වෙනම අදාල ආයතන වෙත ඉතා ඉක්මනින් දැනුම් දෙනු ඇති. බවත් සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ කිසිදු ඇමැතිවරයකුට හෝ රාජ්‍ය ආයතන ප්‍රධානියකුට තමන්ගේ ආයතන මට්ටමින් වන සැලසුම් යෝජනා පරිදි ඒ කිසිදු ප්‍රතිපාදනයක් වැය කිරීමට ඇති හැකියාව අහෝසි කර ඇති බවය.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ විෂය පථ හා කාර්යභාරයන් වෙන් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදන අනුවත් ඇමැතිවරුන්ගේ තීරණ ගැනීමේ හැකියාව මොටකර තිබූ අතර මෙම චක්‍ර ලේඛය මඟින් තවදුරටත් ඇමැතිවරුන්ගේ කාර්යභාරය සීමා කර තිබේ.

මේ අනුව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා(මුදල් ඇමැති) නැතිනම් ආර්ථිකය නගාසිටුවීම සම්බන්ධ ජනාධිපති කාර්යසාධන් බලකා ප්‍රධානියා වන බැසිල් රාජපක්ෂගේ කැමැත්ත මිස වෙනත් තීන්දු තීරණ කිසිවක් ඇමැතිවරුන්ට ක්‍රියාත්මක කළ නොහැකි බවත් පැහැදිලිය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us