චීන ණය උගුලට එරෙහිව මෙරටට අමරිකාවෙන් ආර්ථික තහංචි වැටෙන ලකුණු

Published in පුවත්
Monday, 28 December 2020 22:37

එක්සත් ජනපදයේ සෙනෙට් සභාව විසින් සම්මත කරගෙන ඇතැයි පවසන නව පනතක් අනුව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර සම්බන්ධයෙන් වගන්ති කිහිපයක් ඇතුලත් කර තිබේ.

ඒ අනුව “මහජන චීන සමූහාණ්ඩුවේ බලපෑමට එරෙහිව” ශ්‍රී ලංකාව ස්වෛරීභාවය තහවුරු කිරීම සහ මානව හිමිකම් වැඩිදියුණු කිරීම සහ අන්තර්-ආගමික හා ජනවාර්ගික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපද මූල්‍ය සහයෝගය අඛණ්ඩව ලබා දීමට තීරණය කර තිබේ. එනම් චීනය සමඟ තව දුරටත් ගනුදෙනු පවත්වාගෙන අයේම තුල අමරිකානු මුලය ආධාර නොලැබීයාම කෙරෙහි බලපවත්වනු ඇත.

එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් සංශෝධනය කරන ලද පනත් කෙටුම්පතට ප්‍රධාන වශයෙන් විදේශ රටවල් ගණනාවකට කොරොන වයිරස් සහන සහ වෙනත් ආධාර කිරීම් ඇතුලු ඩොලර් බිලියන 900ක ආධාර පිළිබඳව අඩංගුවේ.

මෙහි “මහජන චීන සමූහාණ්ඩුවේ බලපෑමට එරෙහිව ස්වෛරීභාවය තහවුරු කිරීමට” ශ්‍රී ලංකාව ක්‍රියා කරන බව රාජ්‍ය ලේකම් විසින් සහතික කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව සඳහා අනාගත මූල්‍ය ආධාර ලබා ගත හැකි බව සඳහන්ව ඇත.

එමෙන්ම ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, පාලනයේ විනිවිදභාවය සහ වගවීම වැඩි කිරීම, “ජනවාර්ගික හා ආගමික විශ්වාසයන් නොසලකා ශ්‍රී ලංකා ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහසට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම” සහ අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවිය යුතුයැයි ද පවසයි.

චීන ණය ගැන විවේචනාත්මකව සඳහන් කරන්නේ වඩා පළපුරුදු බහුපාර්ශ්වීය ණය දෙන ආයතන මෙන් නොව, ප්‍රතිලාභ උත්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් ශක්‍යතාවයකින් තොරව ණය ලබා දීමෙන් චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් ‘ණය උගුලකට’ ඇද දමනු ඇතැයි එක්සත් ජනපද හා බටහිර රටවල් දැනටමත් අනතුරු අඟවා තිබෙන බවය.

එසේ නමුත් මෙම කොන්දේසි කිසිදු මානුෂීය හෝ ආපදා සහන, අතුරුදහන් වූවන් හඳුනා ගැනීම, මානව හිමිකම් වැඩි දියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සහ ස්වෛරීභාවය ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර හමුදා අධ්‍යාපනය සහ පුහුණුව සඳහා අදාළ නොවන බව පවසයි.

මානුෂීය ආධාර, ආපදා සහන, මානව හිමිකම් පිළිබඳ උපදෙස් සහ අදාළ විෂයමාලා සංවර්ධනය, සහ සමුද්‍රීය ආරක්ෂාව වෙරළාරක්ෂක නවීකරණය කිරීම ඇතුළු වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 15 ක් සහ තවත් නාවික හා වෙරළාරක්ෂක භටයින් සඳහා වෘත්තීයකරණය සහ පුහුණුව සඳහා ඩොලර් මිලියන භාගයක් ලබා දෙන බවත් එක්සත් ජනපදය සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුව විසින් ඉල්ලා සිටි එක්සත් ජනපද, මිලේනියම් චැලෙන්ජ් ඩොලර් මිලියන 480 ක ප්‍රදානය පිළිබඳ වත්මන් ආණඩුවේ මන්දගාමී බව නිසා එම ආයතනය ශ්‍රී ලංකාවට එම ප්‍රදානය ලබා දීම දැනටමත් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම ශ්‍රි ලංකාව අවදානම් රටක් ලෙස නම් කිරීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ණය ලබාගැනීමේ ගැටලුවක් මෙන්ම විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමේ ගැටලුවක්ද දැනටම පැන නැගී ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිවන නව යෝජනාවක් සම්මත කිරීමට සූදානම් බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්වේ. එය දුර දිග ගියහොත් ආර්ථික සම්බාධක වලට ගොදුරු වීමේ අවදානමක් ද ඇත. ඇමරිකාව සහ බටහිර රටවල් ශ්‍රීලංකාව, චීනයේ ග්‍රහණයට හසුවීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගද ඉදිරියේදී දැඩි විය හැකි බව සෙනෙට් සභාව සම්මත කර ගත් නව පනත නිසා හැඟවෙන අතර මේ හේතුව මත මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි දුෂ්කරතාවයකට වත්මන් පාලනයට මුහුණ දිමට සිදුවෙනු ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us