දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින හදුනානොගත් ගව වෛරස් රෝගයට ලක්වූ ගව ගාල් නිරීක්ෂණය කිරීමේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මේ බව පවසා තිබේ.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී රෝග වලට ලක්ව සිටින ගොවිපල හිමියන්ගෙන් ඔවුන්ගේ අත්දැකීම් හා නිරීක්ෂණ ගැන අමාත්‍යවරයා විමසා සිටියා.
එළැබෙන සතිය වන විට මෙම රෝගය සදහා පත් කල කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා හට ලැබීමට නියමිතයි. රෝගය පාලනයට අවශය පියවර මේ වන විටත් ගෙන ඇති අතර ,මේ පිළිබද සම්පූර්ණ වාර්තාවක් මාධ්‍ය වෙත ලබා දෙන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ.
-පංචාලි අබේසේකර