වසර 10 කට පසුව කොටස් වෙළඳපොළ ඉහළම වර්ධනයක. ලෝකෙන් දෙක! Featured

Published in පුවත්
Friday, 15 January 2021 17:37

2021 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ලොව ඉහළ කාර්යසාධනයක් වාර්තා කර තිබෙන කොටස් වෙළෙඳපොළ අතර දෙවැනි ස්ථානයට කොළඹ කොටස් වෙළෙඳපොළ පත්ව තිබෙන බවට බ්ලූම්බර්ග් වාර්තාවක් උපුටා දක්වමින් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, සිය සමාජ ජාලා ගිණුමක සටහනක් තබා ඇත..

මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2020 දෙසැම්බර් 31 සහ 2021 ජනවාරි 13 කාලපරිච්ඡේදය තුළ දී 9.88% වර්ධනයක් සනිටුහන් කර ඇත.

ඒ කෙසේ නමුත් මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි. මෙය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ වැඩිම අගයයි.

තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශක අගය වැඩිම ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිය දිනය ලෙසින් අද දින ඉතිහාසයට එක්වනු ඇත. මීට පෙර 2011 පෙබරවාරි 15 දින ඒකක 255 ක ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වීම මෙතෙක් තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම වර්ධන අගය ලෙසින් වාර්තා පෙන්වා දේ.

මේ අතර අද දින රු. බිලියන 12.46 ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් සටහන් වීමද විශේෂත්වයකි.

තවද කොළඹ කොටස් වෙළෙඳපොළ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ගනුදෙනු සංඛ්‍යාවේ වාර්තාව නැවත වරක් අලුත් කරමින් අද දින කොටස් ගනුදෙනු 60,818 ක් වාර්තා වී තිබේ.

මීට පෙර පසුගිය බදාදා (13) දිනයේ දී 51,862 ක ගනුදෙනු ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබුණි.

කොළඹ කොටස් වෙළඳ පොළ මේ රටේ අවිනිශ්චිත ආර්ථික තත්වයන් හමුවේ වූවද පසුගිය මාස කිහිපය තුළ අඛන්ඩව වර්ධනය වීම සුවිශේෂි තත්වයකි. පසුගිය වසරේ මුල් මාස දෙකතුනේදී හැර මේ දක්වා අපට කටයුතු කරන්නට සිදුවූයේ වසංගත තත්වයන් මතය. එහි දරුණුම ප්‍රතිවිපාක අත්වින්ඳේ මෙරට ආර්ථිකයයි. එහෙත් ඒ වැටුණු වළ කටින්ම ගොඩඒමට අද හැකිව තිබේ.

කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයාමට ආරම්බ වූ මුල් වකවානුවේදීම මෙය ලෝකයේම ආර්ථිකය කණපිට ගැස්ස්විය හැකි තරම් ප්‍රබල අවස්ථාවක් බවට ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් මතයන් ඉදිරිපත් කර තිබිණි. විශේෂයෙන්ම රජයයන් වලට ස්වදේශිය ආර්ථිකය ශක්තිමත් කරගැනීමට සිදුවනු ඇති බවට බොහෝ දෙනෙක් පෙන්වා දෙනු ලැබිය. ඒ අනාවැකි අද සත්‍ය වෙමින් තිබේ.

වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය විසින්ද ඒ නියමාකාරයෙන් තේරුම් ගෙන ඊට අනුව රටේ ආර්ථිකය හැඩ ගැස්වීම වෙනුවෙන් කඩිනම් පියවරයන් ගනු ලැබීය. ඒ අනුව කොරෝනා වසංගතය නිසා රටට සිදුවිය හැකිව තිබූ බරපතල ආපදා තත්වයන්ගෙන් බේරාගෙන අලුත් ගමනකට පාර කපා ගැනිමට හැකි විය.

මේ දිනවල වැලේ වැල් නැතිව සිටින විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා උලුප්ප උලුප්පා මහා බයංකර තත්වයක් ලෙස පෙන්වා දෙන්න හදන ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාව පහලම අඩියකට ඇද දැමීම ගැන කතාව ද වැඩකට ඇති ගැටළුවක් නොවේ. මන්ද අපව එසේ පහළට ඇද දැමූවද එය අපට පමණක් මුහුණ දීමට සිදුවූ අමුතු තත්වයක් නොවන නිසාය. ලෝකයෙ සෑම රාජ්‍යක්ම පාහේ ආර්ථික අවපාතයන්ට ලක්ව තිබෙන තත්වයන් හමුවේ සිදු වූ විපර්යාසයකි. නමුත් අලුත් තත්වයන් හමුවේ අපට අපේ ආර්ථිකය ජය ගැනීමට හැකි වාතාවරණය දැනටමත් රජය සකසෙමින් තිබෙන බැවින් මේ විවේචනවල ගත යුත්තක් නැති බව අද කොටස් වෙළඳපොළ නැඟීම විසින් පෙන්වා දී තිබේ.

කොටස් වෙළඳපොළ යනු මේ රටේ මහා පරිමාණ ව්‍යාපාරයන් හී හැකියාවන් කියවිය හැකි තැනකි. ඔවුන් ව්‍යාපාරවලට ආයෝජනය කරන්නේ රටේ ආර්ථිකය ගමන් ගන්නා දිසාව ගැන කිරා මැන බලාය. සරළව කිවහොත් රට බංකොලොත් වේ යැයි සැකනම් ඔවුන් ආයෝජනයට පෙළඹෙන්නේ නැත. එහෙත් අද තත්වය එහෙම නොවන බව ඔවුන්ගේ කොටස් වෙළඳපොළ ගනුදෙනුවලින් පෙන්වා දෙයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us