දිනකට රු. 1105/- ක වතු කම්කරු වැටුපක් ! අවසන් යෝජනාව සැකසේ.

Published in පුවත්
Sunday, 17 January 2021 12:40

කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ මෙරට සියලූම කලාපීය වැවිලි සමාගම්හි (RPCs) සභාපතිවරු අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී වතු ක්ෂේත‍්‍රය සඳහා තිරසාර ඉපැයීම් ආකෘතියක් සහතික කිරීම වෙනුවෙන් වන අවසන් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

මෙම යෝජනාව මගින් ක්ෂේත‍්‍රයේ අනාගතය මෙන්ම වතු කම්කරුවන්ගේ ජීවනෝපායන්හි තිරසාරබව සැලකිල්ලට ගෙන ඇතැයි කලාපීය වැවැලි සමාගම් පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ වැවිලි සේව්‍ය සමූහය, ලංකා සේව්‍ය සම්මේලනයේ සභාපතිවරයා ‘‘ගරු අමාත්‍යතුමා සමඟ පැවැත්වූ ඉතා ඵලදායී සාකච්ඡාවකින් පසු අපගේ කම්කරුවන් සඳහා ලබා දිය හැකි උපරිම ගෙවීම් සිදු කරන අතරම අපට තිරසාරව ලබා දිය හැකි දේ මොනවාද යන්න පිළිබඳව කලාපීය වැවිලි සමාගම් අවසන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

අපගේ අවසන් දීමනාව තුළින් ස්ථාවර ආදායම 30%කින් ඉහළ යන අතර ඵලදායිතාව හා බැඳුනු ආකෘතීන් යටතේ කම්කරුවන්ට ඊට වඩා ඉහළ ආදායම් උපයා ගත හැකියි. මෙය අපගේ සමස්ත කර්මාන්තය නවීකරණය කිරීමේ පළමු පියවර වන අතර දිගු කාලයක් තිස්සේ පැවති සාම්ප‍්‍රදායික දෛනික වැටුප් ක‍්‍රමය අභිබවා යාමක් ද වනවා.’’ යනුවෙන් පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති සභාපතිවරයා, “අප වෘත්තීය සමිතිවල රුපියල් 1000/-ක දෛනික වැටුප් ඉල්ලීම අභිබවා ගොස් තිබෙන අතර එම වැටුප් වැඩි කිරීම පෙර ගිවිසුමට වඩා 40% ක ඉහළ යාමක් ලෙස පෙන්වා දිය හැකියි.

ඇඟලූම් හා සංචාරක අංශයන්හි වැටුප් කප්පාදු කරමින් හා සේවක සංඛ්‍යාව අවම කරමින් සිටින මොහොතක අපගේ සේවකයින් වසංගතයේ අහිතකර බලපෑම්වලින් ආරක්ෂා කරමින් සක‍්‍රීය වැටුප් වැඩිවීමක් සිදු කරන අපනයන ක්ෂේත‍්‍රයන් කිහිපයෙන් එකක්.

මෙය පහසු කාර්යයක් නොවේ. ඵලදායීතාව ඉහළ නැංවීමකින් තොරව සියලූ කලාපීය වැවිලි සමාගම්වලට මූල්‍යමය වශයෙන් තිරසාරව සිටීම අතිශය දුෂ්කර වී තිබෙනවා. අපගේ ස්ථාවරය සම්බන්ධයෙන් රජයට පැහැදිලි අවබෝධයක් අප ලබා දී ඇති අතර ඒ අනුව නිවැරදි තීරණයක් ගැනීමේ අවස්ථාව දැන් වෘත්තීය සමිති වෙත පැවරී තිබෙනවා.’’ යනුවෙන් පැවසීය.

අවසන් යෝජනාව යටතේ කලාපීය වැවිලි සමාගම් විසින් යෝජනා කළ රුපියල් 1105/-ක ස්ථාවර දෛනික වැටුප සහ නැවත හඳුන්වා දෙනු ලැබූ පැමිණීමේ සහ නිෂ්පාදන දිරි දීමනා සම්බන්ධයෙන් වෘත්තීය සමිති මීට පෙර දැඩි ලෙස විරුද්ධ වූ නමුත් මෑත කාලීන සාකච්ඡාවන් තුළින් ඔවුන්ගේ ස්ථාවරය නැවත වෙනස් කර ඇත.

නව යෝජනාව පරිදි මූලික වැටුප රුපියල් 700/-ක් ද, EPF/ETF රුපියල් 105/-ක් ද, පැමිණීමේ දිරි දීමනා රුපියල් 150/-ක් ද සහ නිෂ්පාදන දිරි දීමනා රුපියල් 150/-ක් ද වේ. නව යෝජනාවලිය යටතේ කම්කරුවන්ට ඔවුන්ගේ මාසික ආදායමට රුපියල් 6250/-ක සැලකිය යුතු වැඩිවීමක් හිමි කර ගත හැකිය.

සංශෝධිත දෛනික වැටුප් ආකෘතියට අමතරව කලාපීය වැවිලි සමාගම් විසින් අවසාන වශයෙන් කම්කරුවන්ට නිෂ්පාදන දිරි දීමනා සහ ඔවුන්ගේ නිෂ්පාදන ඉහළ නැංවීම සහතික කිරීම වෙනුවෙන් ඵලදායීතාව හා බැඳුණු ඉපැයීම් ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීමට ද යෝජනා කරනු ලබයි.

යෝජිත ස්ථාවර දෛනික වැටුප් ආකෘතිය සතියකට දින 3ක් ක‍්‍රියාත්මක වන අතර ඉතිරි දිනවලදී කලාපීය වැවිලි සමාගම් විසින් එක් එක් කලාපීය වැවිලි සමාගමෙහි උපරිම ධාරිතාවයට කෙතරම් ගැලපේද යන්න මත පදනම්ව ස්ථාවර රුපියල් 1105/-ට වඩා වැඩි මුදලක් උපයා ගැනීම සදහා ඵලදායීතාව පදනම් කරගත් ආකෘති දෙකෙන් එකක් ක‍්‍රියාත්මක කරන මෙන් යෝජනා කොට ඇත.

ඵලදායීතාව හා සම්බන්ධ යෝජනා යටතේ සේවකයන්ට නෙලා ගන්නා සෑම දළු කිලෝවකටම රුපියල් පනහක් (EPF/ETF ඇතුළුව) ලබා ගත හැකිය. රබර් සම්බන්ධයෙන් ගත් කල මෙය රබර් කිරි කිලෝවක් සඳාහා (EPF/ETF ඇතුළුව) රුපියල් 125/-ක් වේ.

විකල්ප යෝජනාවක් ලෙස ශ‍්‍රී ලංකාවේ කුඩා තේ වතු හිමියන්ගේ ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වය සමඟ දිගු කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වූ දේ හා සමානව වැඩි වැටුප් ලබා දෙමින් ආදායම් බෙදා ගත හැකි ක‍්‍රමවේදයක් මත පදනම්ව සේවකයන්ට වැටුප් හිමිවනු ඇත.

මෙම එක් ක‍්‍රමයක් සමඟ හෝ කටයුතු කිරීමට අකමැති සමාගම්වලට ඔවුන්ගේ කැමැත්ත පරිදි සම්මත දෛනික වැටුප් ක‍්‍රමය සමඟ කටයුතු කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

අද වන විට තේ නිෂ්පාදන පිරිවැය (COP) දිනකට රුපියල් 615/-ක් වන අතර එය ලෝකයේ වෙනත් තේ නිෂ්පාදනය කරන රටවලට සාපේක්ෂව වඩා ඉහළ අගයකි. ඒ අනුව සමස්ත නිෂ්පාදන පිරිවැය සඳහා වැය වන ශ‍්‍රමිකයින්ගේ පිරිවැය 63%ක් ලෙස දැක්වෙයි. යෝජිත දෛනික වැටුප වන රුපියල් 1105/- සමඟ නිෂ්පාදන පිරිවැය දිනකට රුපියල් 730ක් බවට පත් වේ.
අවාසනාවන්ත තත්වය නම් නිෂ්පාදන පිරිවැය ඉහළ ගියද දේශීය හා ජාත්‍යන්තර වෙළෙ`දපොලෙහි ස්ථාවර මිළ ගණන් ඔවුන් අපේක්ෂා කිරීමයි. ඉන් ක්ෂේත‍්‍රයේ ආර්ථික හැකියාවන් තව දුරටත් ව්‍යර්ථ වනු ඇත.

මීට පෙර කලාපීය වැවිලි සමාගම්වල තේ වෙන්දේසි මිලෙහි ඉහළම මිළ 2017 දී සනිටුහන් වූයේ කිලෝ ග‍්‍රෑම් 1කට රුපියල් 601/-ක් (ඇ.ඩො. 3.99) ලෙසය. එතැන් සිට එය කිලෝ ග‍්‍රෑම් 1කට රුපියල් 581/- (ඇ.ඩො. 3.16) ක් දක්වා පහත වැටිණි. කෙසේ වුවද කෙන්යාවේ මොම්බාසා වෙන්දේසියේදී තේ සඳහා ඇ. ඩො. 1.94 ට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ තේ සඳහා ගෝලීය වෙළෙඳපොල මිල වඩා තරඟකාරී වී ඇත.
කෙන්යාව වැනි තරගකරුවන් බෝග නිෂ්පාදනයේ 50%ක් තරම් සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම් කර ඇති අතර එමගින් ගෝලීය තේ වෙළෙඳපොලෙහි අතිරික්ත සැපයුමක් ඇති වී තේ වල මිල තව දුරටත් අඩු කිරීමට හේතු වී ඇත.

‘‘ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද අහිතකර වෙළෙ`දපොල තත්වයන් හේතුවෙන් තේ කර්මාන්තය බි`දවැටීමට ලක්ව තිබෙනවා. කොව්ඞ්-19 හේතුවෙන් පිරිහෙමින් පවතින ආර්ථික තත්වයන්, ගෝලීය අගුළු දැමීමේ තත්වයන් හේතුවෙන් ප‍්‍රවාහන හා සැපයුම් දුෂ්කරතා මෙන්ම රුපියලෙහි අගය වේගයෙන් අඩු වීම ක්ෂේත‍්‍රයේ තිරසරභාවයට ද සිලෝන් තේ වල අභිමානයට ද තර්ජනයක් එල්ල කරනවා. තවමත් ඉදිරියට යා හැකි තිරසාර මාර්ගයන් ඇතත් ඉදිරියට යාමට නම් සියලූ පාර්ශවකරුවන් මෙම තත්වයන් අවබෝධ කර ගත යුතුයි. අපට උපයන මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට නොහැකියි. ඒවගේම අපට ගෝලීය වෙළෙ`දපොල ඉහළ පහළ යාම් ද පාලනය කළ නොහැකියි. සිලෝන් තේ තිරසාර මාවතකට ගෙන යා හැකි එකම ක‍්‍රමය වන්නේ ඵලදායිතාවය ඉහළ නැංවීමයි. එසේ නොවුණ හොත් මෙම කර්මාන්තය සම්පූර්ණයෙන් විනාශයට පත් වෙනවා. ඉදිරි කටයුතු කිරීම පෙර මෙම කරුණු ඉතා හො`දින් අවධානයට ලක් කරන ලෙස අප අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි.’’

‘‘අපගේ යෝජනාවන්හි වැදගත්කම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට ලක් වනු ඇති බවටත් එය කර්මාන්තයේ තිරසාරභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කෙතරම් තීරණාත්මක වේද යන්න හඳුනා ගනු ඇති බවටත් අපට විශ්වාසයි. මේ වන විට අප යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සියල්ල වෘත්තීය සමිති විසින් ප‍්‍රතික්ෂේප කර ඇතත් ඒවාට සරිලන ඵලදායිතාව සම්බන්ධ විකල්පයක් ඉදිරිපත් කිරීමටත් ඔවුන්ට නොහැකි වී තිබෙනවා. අප ඉදිරිපත් කරන ඕනෑම දෙයකට සංකේතාත්මක විරෝධයක් එල්ල කිරීමට දේශපාලනිකව ඔවුන් පෙළඹවීමට ලක් කරන බව අප තේරුම් ගෙන තිබෙන අතර එහෙත් සේවක වැටුප් වැඩි කිරීමට අප විරුද්ධ නොවන බව ඔවුන් අවබෝධ කර ගත යුතුයි. අපගේ අඩු වන ශ‍්‍රම බලකාය සැලකිල්ලට ගෙන ශ‍්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීමට හා ර`දවා ගැනීමට ක‍්‍රම සොයා ගත යුතුයි. ඉන් අදහස් කරනු ලබන්නේ හො`දම ගෝලීය ක‍්‍රමෝපායන්ට ගැලපෙන අයුරින් අප ඔවුන්ට වැටුප් ලබා දෙන ආකාරය යාවත්කාලීන කිරීමයි. කෙසේ වුවද ඔවුන් අපගේ අවසාන ඉල්ලීමට එකඟ නොවුණහොත් එය සාමූහික ගිවිසුම අවලංගු කිරීමකට හේතු විය හැකි අතර එහි ඇති සියලූ නියාමයන් හා කොන්දේසි ද අහෝසි වනවා. ඉන් පසුව අපට යා හැක්කේ වැටුප් මණ්ඩලයකට පමණයි. එය අප බලාපොරොත්තු වන පියවරක් නොවන්නේ ඒ තුළින් වතු කම්කරුවන්ට හො`දම ප‍්‍රතිඵලයක් ලබා නොදෙන නිසයි. නමුත් සාමූහික ගිවිසුමකින් තොරව ඉතිරිව ඇති එකම විකල්පය එය පමණයි.’’ යනුවෙන් ද වැවිලි සේව්‍ය සමූහය, ලංකා සේව්‍ය සම්මේලනයේ සභාපති පැවසුවේය.

 

 

 

 

enbsl.lk

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us