ප්රකට ස්වාධීන විගණන සමාගමක් වන KPMG සමාගම එම ආයතන විගණනයට ලක්කර ඇති බව ද සඳහන් වේ.
එම සහතිකය නිකුත්කර ඇත්තේ QR කේතයක් ද සමගිනි.
එසේ සහතික කළ සේවා සපයන්නන් තමාට ලැබුණු සහතිකය දේශීය හෝ විදේශීය සංචාරකයින්ට පහසුවෙන් ප්රවේශ විය හැකි හෝ ස්ථානවල ප්රදර්ශනය කළ යුතු බවද ශ්රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි.
ඒ අනුව "Safe & Secure" සහතිකය ලත් සංචාරක හෝටල් 55ක තොරතුරු ශ්රී ලංකා සංචාරක මණ්ඩලය මගින් ප්රකාශයට පත්කර තිබේ.
"Safe & Secure" සහතිකය ලබාදී ඇති හෝටල් සහ සේවා සපයන්නන්ගේ තොරතුරු පහත දැක්වෙන වෙබ් යොමුව (Link) එක ඔස්සේ ලබාගත හැකිය.
අදාළ වෙබ් යොමුව මෙසේය, shorturl.at/hCKUX
-අද දෙරණ