ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විශේෂ මණ්ඩලයක් ද පත්කර ඇති අතර නිලධාරීන්ගේ උසස් වීම් ලබා දීමට අදාළ මුලික කටයුතු මේ දිනවල සිදුවන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් ප්‍රකාශ කර තිබේ.
මේ අතර විවිධ චෝදනාවලට ලක්ව ඇති පොලිස් නිලධාරීන්ට එරෙහිව පනවා ඇති නඩු විභාග කඩිනම් කරන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා සඳහන් කළේ, චෝදනාවලට වැරදිකරුවන් වන නිලධාරීන්ට දැඩි දඬුවම් නියම කරන්නැයිද නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.
-පංචාලි අබේසේකර