නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නෑ..! -රජය තීන්දුවක් ගත්තලු

Published in පුවත්
Saturday, 30 January 2021 16:20

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමට රජය තීන්දු කර ඇති බව වාර්ථාවේ.

ඒ අනුව බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරියේදී රජය ගනු ලබන රටට යහපත් ආයෝජන ක්‍රියාවලියකට එකඟත්වය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ඉදිරිපත් කළ යෝජනාවලියට රජය එකඟත්වය පළකර ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් මෙම නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ වන ඒකාබද්ධ ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීන්දු කර තිබිණි. එහිදී ඉන්දියාව සහ චීනය සමඟ වන ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතා තුලනය කර ගැනීමක් ලෙස මෙම ජැටියෙහි ආයෝජන අවස්ථාව ඉන්දියාවට දීමට සිදුවන ජනාධිපතිවරයා වෘත්තීය සමිති සමඟ පෙර සිදු කළ සකච්ඡාවේදී අවධාරණය කර තිබිණි. එසේම පසුගිය සතියේ ගම සමඟ පිළිසඳරක් වැඩ සටහන අවස්ථාවේදී මේ කරුණ ගැන කතා කළේය. මේ අනුව ජනාධිතිවරයාට තමන් විසින් ක්‍රියාවට නැංවීමට තීරණය කළ ව්‍යාපෘතියක් වෘත්තීය සමිති විසින් එල්ල කළ පීඩනය හමුවේ හකුලා ගැනීමට සිදුවීම එක අතකින් ඔහු ලැබූ පරාජයක් ලෙස සැලකිය හැකි නමුත් අනෙක් පාර්ශ්වයෙන් රට ලැබූ ජයග්‍රහණයක් ලෙසද සැලකිය හැකිය.

මෙම තත්වයන් පූර්වාදර්ශයට ගෙන හෙට දිනයේදී විවිධ බලපෑම් වලට යටවී ජනාධිපතිවරයාට කටයුතු කිරීමට සිදුවුවහොත් එය ආණ්ඩුවෙහි පැවැත්මට හානිදායක විය හැකිය. තවත් බලවත් වෘත්තීය සමිති ක්‍රියාවලියක් පවතින රේගු දෙපාර්ථමේන්තුවෙහි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත්ව සිටින අතර ඊටද එම වෘත්තීය සමිති වල විරෝධය දැන්ටමත් එල්ල වී තිබේ. එහි දූෂණ වංචා පි‍ටු දැකීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පරාජයට පත් වීමේ අවදානමක්ද ඇතිවිය හැකිය.

ඒ කොහොම නමුත් නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් වෘත්තීය සමිති යෝජනා හයක් ඉදිරිපත් කර ඇති අතර නැගෙනහිර පර්යන්තය දැනට ඉදිකර ඇති කොටස පූර්ණ වශයෙන් වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ යුතු බව එහි සඳහන් වේ.

වරාය අධිකාරියේ සංචිතවල ඇති ඩොලර් මිලියන 250 ක මුදලින් ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර පර්යන්ත කොටස පූර්ණ වශයෙන් ඉදිකිරීමටත් එය වසර තුනක් තුළදී අවසන් කළ යුතු බවට එම යෝජනාවේ සඳහන් වේ.

දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය (SAGT) සමග ඇති ගිවිසුම 2029 වසරේදී අවසන් වීමෙන් පසු එම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කිරීමට ද යෝජනා කර ඇත. එහිදී නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය එකවර ලබා ගැනීමට ද යෝජනා කර තිබේ.

මෙම යෝජනාවලියට එකඟ වන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ඉවත්වන බව සඳහන් කරමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, ටක් යාත්‍රා ස්වාධීන සේවක සංගමයේ සභාපති එන්. පී. රූපසිංහ ඇතුළු වෘත්තීය සමිති 22 ක් එම යෝජනාවලියට අත්සන් තබා ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us