විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට ස්ථීර විසඳුමක් නොලැබුණහොත් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ සඳහන් කර තිබේ.
වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ඉදිරිපත් කර ඇති යෝජනාවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාව පළකර ඇති අතර ඊට අදාළ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරණු ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ප්‍රකාශ කර තිබේ.