එය එරට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. නමුත් එරට ව්‍යවස්ථාව ට ගරුකරන බව එරට හමුදා නායකයෝ සෙනසුරාදා පවා පැවසූහ.
එරට හමුදාව සහ රජය අතර මත ගැටුම් කලක සිට පැවතිනි.
පසුගිය මහ මැතිවරණයේදී හමුදා සහාය ලබන USDP පක්ෂය ට ලැබුණේ අඩු ආසන සංඛ්‍යාවකි. නමුත් නොවැම්බර් මස පැවති මහ මැතිවරණයේදී 2015 වසරට වඩා හොඳ ජනතා ප්‍රතිචාරයක් අවුන් සාන් සුකී නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂයට ලැබුණි.
හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇත්තේ මැතිවරණයෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිය මේ සතිය ඇරඹීමට නියමිතව තිබූ අතර එහිදී නව රජයට අනුමැතිය ලැබීමට ද නියමිතව තිබුණි.
හමුදා කුමන්ත්‍රණයට එරට ජනතා විරෝධය ඇතිවිය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති. කොවිඩ් -19 වසංගත බලපෑමද නොතකමින් 70%ක් පමණ ඡන්ද දායකයින් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කළ අතර ඉන් අවුන් සාන් සුකී ගේ පක්ෂය ට පහසු ජයක් ලැබුණි.
සාමාන්‍යයෙන් එඩිතර චරිතයක් ලෙස සැලකෙන අවුන් සාන් සුකී, හමුදා නායකයින් ට සිය සහය දෙතැයි බලාපොරොත්තු විය නොහැක. ව්‍යවස්ථානුකූලව එරට තුළ හදිසි නීතිය පැනවීමට බලය ඇත්තේ ජනපති වින් මයින්ට් ට පමණි. ඔහුද මේ වනවිට අවුන් සාන් සුකී සමග රඳවාගෙන සිටී.
මේ අතර, රාජ්‍ය බලය අල්ලා ගැනීමට හේතුව හමුදාව සතු රූපවාහිනී සේවාව මගින් විකාශය කළේය. එහිදී පැවසුණේ රට තුළ හදිසි තත්ත්වයක් උද්ගතවූ බැවින් එවැනි තීරණයක් ගත් බවය.
පසුගිය නොවැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී වංචා සිදුවූ බවට හමුදා අංශ චෝදනා කළ අතර ඒගැන කටයුතු කිරීමට පාලක පක්ෂය අපොහොසත් වීමත් කොරෝනා වෛරසය හේතුවෙන් මැතිවරණය කල්දමන ලෙස කළ ඉල්ලීම් නොසලකා හැරීමත් මෙම හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට හේතුව ලෙස මියන්මාර හමුදාව පවසයි.
මේ වනවිට එරට ප්‍රධාන නගරවල අන්තර්ජාල සබඳතාවලට බාධා ඇති අතර නගරයේ බැංකු සහ ATM යන්ත්‍ර අසල ජනතාව පෝලිම්වල සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ මියන්මාරයේ සිදුවී ඇත්තේ "ප්‍රජාතන්ත්‍රවාදය ට සිදුකළ පහරදීමක්" බවය.
-දෙරණ