පළමු වටයේදී රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා සුදුසුකම් නොලැබූ උපාධිධාරීන් යොමු කළ අභියාචනා සැලකිල්ලට ගෙන මෙම පිරිස බඳවාගත් බවයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි සඳහන් කළේ.
ඔවුන්ගේ පත්වීම් ලිපි ස්ථිර පදිංචිය ඇති ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කළ බවත් මේ වනවිට රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගෙන ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 ක් බවත් ලේකම්වරයා සදහන් කරනවා.
-පංචාලි අබේසේකර