වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1000 දක්වා වැඩි කෙරේ

Published in පුවත්
Tuesday, 09 February 2021 09:05

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩිකිරීමට තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා තීරණය කර තිබෙනවා.

ඊයේ (08) රැස් වූ වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ තේ සහ රබර් සදහා වන පඩිපාලක සභාවලදි මෙම තීරණයට එළඹි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

පසුගිය මාස කිහිපයක මෙම වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව සාකච්ඡා වට 12කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබේ. දෙපාර්ශවය ඉදිරිපත් කළ කොන්දේසි වලට දෙපාර්ශවයේම ඇති වූ පරස්පර විරෝධීතාවයන් නිසා එම සාමූහික ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි වූ නිසා, පඩි පාලක ස්ථාපිත කොට ඒ අනුව රජයේ නියමයන්ට අනුකූලව දෛනික වැටුප් තලයන් හි වතු කම්කරුවන්ගේ වැටුප් පිහිටුව අද (08) දින එම වැටුප් තීන්දුව ප්‍රකාශයට පත් කළ බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී වෘත්තී සමිති නායකයන් විසින් ඉදිරිපත් කළ යෝජනාව වූයේ රුපියල් 900ක මූලික වැටුප සහ රුපියල් සීයක අයවැය යෝජනා දීමනාවක් ලබාදීමයි. මෙම යෝජනාව සදහා හාම්පුතුන් එකග නොවූ අතර ඒ අනුව එම යෝජනාව පිළිබදව පැවැත් වූ ඡන්ද විමසීමේ දී ඡන්ද 11ට අටක් ලෙස වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව සම්මත විය.

 rs1000 1rs1000

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us