ලංකා සීනි සමාගම වසර 35ක් තුල ලැබූ විශාලම ලාභය ලබයි..!

Published in පුවත්
Wednesday, 10 February 2021 15:02

පසුගිය සමයේ පාඩු ලැබූ ලංකා සීනි සමාගම නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ ජනක නිමලචන්ද්‍ර තරුන සභාපතිවරයෙකුගේ නව අදහස් තුලින් සහ නායකත්වය තුලින් ලංකා සීනි සමාගම මේ වන විට රටේ වැඩිම ලාභ ලබන ආයතනයක් බවට වසරක් තුල සාර්ථකත්වයට පත් වී ඇත.

තවද වසර 5 ක සේවා කාලය සම්පූර්න කල සියලු අනියම් සහ කොන්ත්‍රාත් සේවකයින් 2000කට වැඩි ප්‍රමානයකට ස්තීර පත්වීම් ලබා දී සියලු සේවකයින්ට ලැබීමට තිබූ සියලු උසස්වීම්ද ලබා දීමට සීනි සමාගම සමත් වී ඇත.අප්‍රේල් මාසයේදී මෙහි සේවය කල සියලු සේවකයින් හට ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ලබා දීමටද ලංකා සීනි සමාගම කටයුතු කර ඇත.තවද වසර ගනනක් තුල නොගෙවූ සේවක ජීවන වියදම් දීමනාවද සේවකයින්ගේ මූලික වැටුපට එකතු කර ඇත.මේ තුලින් යැපෙන ගොවීන්ට සුභ කලක් උදා කර දෙමින් ගොවීන්ගෙන් ලබා ගන්නා උක් මෙ.ටො එකක් සදහා ගැනුම් මිල 10%කින් ඉහල නංවා ඇති අතර ගොවීන් හටද ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ලබා දීමටද ලංකා සීනි සමාගම සමත් වී ඇත.මෙම ගොවීන් සදහා 50% ක බිම් සහනාධාරයක් සහ උක් බීජ සහනාධාරයක් ද ලබා දීමට සීනි සමාගම කටයුතු කර ඇත.

ලංකා සීනි සමාගම විසින් පැල්වත්ත ප්‍රදේශයේ අලුතෙන් හෙක්ටයාර 2500ක් සහ සෙවනගල ප්‍රදේශයේ අලුතෙන් හෙ.500ක් වගා කිරීම හේතුවෙන් සෘජු හා වක්‍ර රැකියා දහසකට වැඩි ප්‍රමානයක් ලබා දීමටද හැකි වී ඇත.උක් අස්වැන්න සහ සිනි නිශ්පාදනයේ අතුරු ප්‍රථිපල ලෙස සත්ව ආහාර නිශ්පාදන කිරීමේ නව අදහසක් තුලින් උපයන අතිරේක ආදායම් තුලින් ගොවීන්ට අමතර ආදායම් උපයා දීමටද ලංකා සීනි සමාගමට හැකි වී ඇත.තවද covID-19 තත්වය හමුවේ ඉමහත් සේවයක් කරමින් විසබීජ නාශක අත් සේදුම් ද්‍රව්‍ය දේශීයව නිශ්පාදනය කල සීනි සමාගම රටට අවශ්‍ය එතනෝල් ප්‍රමානයත් දේශීයව නිශ්පාදනය කරමින් රටේ මුදල් රට තුල ඉතිරිකිරීමටද ලංකා සීනි සමාගමට හැකි වී ඇත.2020 වසරේ ඔක්තෝම්බර් අග වන විට ලංකා සීනි සමාගම විසින් සීනි මෙ.ටො 40000ක ප්‍රමානයක් නිශ්පාදනය කිරීම තුලින් අපේක්ශිත ලාබයට වඩා විශාලම ලාභයක් ලැබීමට සීනි සමාගමට හැකිවීම සතුටට කරුනකි.

කලක් සීනි සමාගම පාඩු ලබන ආයතයක් සේ සලකා පෞද්ගලිකරනය කිරීමට සියලු පිඹුරු පත් සකසා තිබූ අතර මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් විසින් ලංකා සීනි සමාගම රජයට පවරා ගැනීම මගින් සහ සීනි සමාගම සංවර්ධනය කිරීම මගින් රජයට සහ රටට විශාල විශාල ආදායමක් ලබා ගැනීමට සමත් වී ඇති අතර මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් සුදුස්සාට සුදුසු තැන ලබා දීම හරහා ලංකා සීනි සමාගමේ නව සභාපති ලෙස තේරී පත් වූ ජනක නිමලචන්ද්‍ර නව තරුන සභාපතිවරයාගේ නව අදහස් යෝජනා සහ දැක්ම මගින් වසරක් තුල ලංකා සීනි සමාගම අපේක්ශිත ආදයමටත් වඩා දැඩි ලාබ ලබන ආයතනයක් බවට පත් වී තිබීම සතුටට කරුනකි.

suger 1suger 3

Last modified on Wednesday, 10 February 2021 15:04

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us