රන්ජන්ට පාර්ලිමේන්තු එන්න බෑ - කතානායක

Published in පුවත්
Wednesday, 10 February 2021 16:43

බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබාදීමේ හැකියාවක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. අධිකරණ කටයුතු අවසන් වනතුරු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවයි කතානායකවරයා අද පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.අභියාචනාධිකරණය සිදුකළ නියෝගයට අනුව කතානායකවරයා කටයුතු කළයුතු බවත් රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී නෙමැති බැවින් ඔහුට රැස්වීම් සඳහා සහභාගිවීමට අවස්ථාව ලැබිය යුතු බවත් විපක්ෂ නායකයා සඳහන් කරනවා.

ප්‍රේමලාල් ජයසේකර මහතාට හිමි වරප්‍රසාදය ඒ අයුරින්ම රන්ජන් රාමනායක මහතාටද අදාල වන බවත්, එම අවස්ථා දෙකේදී එකිනෙකට වෙනස් ආකාරයෙන් කටයුතු කිරීමට කතානායකවරයාට අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකයා පවසනවා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us