'Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021' ට පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වන්න -විමල් වීරවංශ

Published in පුවත්
Thursday, 11 February 2021 15:30

පෙබරවාරි 13 සහ 14 දෙදින කොළඹ 07, පදනම් මාවතේ ඉදිරිපිට පැවැත්වෙන 'Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021' වෙත පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වමින් ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම උරගා බලන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීයත්වය අගය කරන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (11) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනය ඉදිරිපිට පදනම් මාවතේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

"ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය මීට සති 6කට පමණ පෙර ජනගත කරනු ලැබුවා. මේ වන විට 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය ලබාගෙන ඇති සහ ඉදිරියේ දී ලබා ගැනීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන්ට පුළුල් වෙළඳපොළක් නිර්මාණය කරදීම කර්මාන්ත අමාත්‍යාංශය සතු වගකීමක්. ඒ වගේම අපගේ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ඒ සඳහා සුවිශේෂී ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කරනවා. එහිදී මේඩ් ශ්‍රී ලංකා සන්නාමය ලබාගෙන ඇති සහ ඉදිරියේදී එය ලබා ගැනීමට නියමිත නිෂ්පාදන සඳහා පුළුල් වෙළඳපොළක් නිර්මාණය කරදීමට 'මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනයක්' අප අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අනුග්‍රාහකත්වයෙන් පැවැත්වීමට සූදානම්ව සිටිනවා. 'Made in Sri Lanka Trade Fair 2021' ලෙස නම් කර ඇති එම වෙළෙඳ ප්‍රදර්ශනය පෙබරවාරි 13 සහ 14 යන දෙදින පුරා උදේ 10:00 සිට රාත්‍රී 8:00 දක්වා කොළඹ පදනම් මාවත දෙපස සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට නියමිතයි. මෙහිදී නාගරික ජනතාවට උසස් ප්‍රමිතියෙන් යුතු දේශීය නිෂ්පාදනය මිලදී ගැනීමේ ඉඩකඩ ලැබෙනවා.

'දේශීය නිෂ්පාදකයා සවිබලගැන්වීම'

ඉවක් බවක් නොමැතිව පිටරට භාණ්ඩ නොගෙන්වීමේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව දේශීය නිෂ්පාදකයන් පෙර නොවූ විරූ උනන්දුවකින් මෙතෙක් කලක් අවධානය යොමු නොවූ නිෂ්පාදන ක්ෂේත්‍රවලට පවා යොමු වෙමින් ඉහළ ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ නිපදවීමට පෙළඹී සිටිනවා. එය තුළ ඇතිවී තිබෙන උනන්දුව සහ විශ්වාසය තවදුරටත් වඩවාලන්න මෙම 'මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනය 2021' උපකාරී වේවි. ඒ නිසා නාගරික ජනතාවට පමණක් නොවෙයි අපි මේ රටේ දේශීයත්වය අගය කරන සියලු ජනතාවට ඇරයුම් කරනවා ' එම වෙළඳ සැණකෙළියට පැමිණෙන්න. එමගින් දේශීය නිෂ්පාදකයාව දිරිගන්වන්න. ඔවුන්ගේ නිෂ්පාදනවලට තිබෙන වටිනාකම උරගා බලන්න' කියා."

මෙහිදී අදහස් දැක්වූ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා,

" පාස්කු ප්‍රහාරයෙන් පසුව සහ කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවුණා. මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය හඳුන්වාදීම, එමගින් දේශීය නිෂ්පාදකයන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හඳුන්වා දීම අප මුල් අදියරේ දී සිදු කරනු ලැබුවා. 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සංකල්පය හඳුන්වා දීමේ වැඩපිළිවෙළ දෙවන අදියර යටතේ තමයි, මෙම මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළද ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ. මේක වෙනදා පවත්වනු ලබන සාම්ප්‍රදායික වෙළඳ ප්‍රදර්ශනයක් නොවෙයි. මෙමඟින් ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා හමුවීම වෙනුවට ව්‍යාපාරිකයා සහ තවත් ව්‍යාපාරික අවස්ථා හඳුන්වා දෙනවා. මෙවැනි වෙළඳ ප්‍රදර්ශන එකක් නොව වසර පුරා ඉදිරියේදී කිහිපයක්ම පැවැත්වීමට කටයුතු කරනවා" යනුවෙන් පැවසීය.

w1w3

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us