මෙරට කුඹුරු අක්කර 125,000 ක් පමණ පුරන් වී ඇති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න සඳහන් කළේ.
වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාත හා තවත් තොරාගත් දිස්ත්රික්ක කිහිපයක පුරන් කුඹුරු අස්වැද්දීමට නියමිත බව ඔහු ප්රකාශ කර තිබේ.
කොමසාරිස්වරයා ප්රකාශ කළේ, පුරන් කුඹුරු අස්වැද්දීමේදී බිත්තර වී සහනදායී මිලකට ලබා දෙන අතර ඇළ වේලී සකස් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්රහයෙන් සිදු කෙරෙනු ඇති බවයි.
-පංචාලි අබේසේකර