ගුවන් මගීන් 1409 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා ඇති බවයි ගුවන්තොටුපළේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.
එම කාලසීමාව තුළ ගුවන් යානා 18 කින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, ඕමානයේ, සෞදි අරාබියේ රියාද්, කුවෙට්, දකුණු කොරියාවේ ඉන්චියෝන්, කටාර් රාජ්‍යයේ දෝහා සිට ගුවන් මගීන් 762 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
එමෙන්ම එම කාලසීමාව තුළ ගුවන් මගීන් 647 දෙනෙකු ගුවන් යානා 18 කින් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් ඇති බව ද කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේය.
-පංචාලි අබේසේකර