සේවා කාලය දිගු ගුරුවරුන්ට විදුහල්පති සේවයට එක්වීමට කැබිනට් අනුමැතිය  

Published in පුවත්
Tuesday, 02 March 2021 11:42

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට පැවැත්වු තරග විභාගය වෙනුවට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තුළින් සුදුස්සන් තෝරාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේනවා.

රජය පවසන්නේ මේ වන විට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තරඟ විභාගයක් සහ සම්මුණ පරීක්ෂණ පවත්වා විධිමත් පත්වීම් ලබාදීමට වසරකට ආසන්න කාලයක් ගත වන බවට නිරීක්ෂණය වී ඇති බවයි.

ඒ අනුව දැනට දීර්ඝ කාලයක් ගුරු සේවයේ සුදුසුකම් ලත් අයට සහ සේවා ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් පිරිසට ද විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් විය හැකිය.

විදුහල්පති සේවයේ I, II හා III ශ්‍රේණි සඳහා පුරප්පාඩු 4,600ක් පවතී.

ඒ අනුව වත්මන් තත්ත්වයට පමණක් සීමා වන පරිදි ව්‍යුහගත පරීක්ෂණයක් තුළින් බඳවා ගැනීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us