ඉතිහාසයේ පළමු වතාවට වේදිකා නාට්‍ය කලාකරුවන් සඳහා රජයේ වියදමෙන් රක්ෂණාවරණයක්

Published in පුවත්
Wednesday, 17 March 2021 10:08

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් උදෙසා රජය වියදම් දරමින් රක්ෂණාවරණයක් ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (16) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සදහන් කර තිබෙනවා .

“ප්‍රේක්ෂා” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අනාවරණය කර තිබේ.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ ටවර් හෝල් රඟහල පදනම එක්ව ක්‍රියාත්මක කරන ප්‍රේක්ෂා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්‍රදානය සඳහා ජනශක්ති රක්ෂණ සමාගම ද එක් වේ.

ඒ අනුව මෙම රක්ෂණ ක්‍රමය යටතේ සාමාජිකයෙකුගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක්, හදිසි අනතුරකින් වන මරණයක දී රුපියල් ලක්ෂ හයක්, පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයක දී රුපියල් ලක්ෂ හතරක්, අසාධ්‍ය රෝග ආවරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක්, මුදල් රහිත රෝහල්ගතවීමේ ප්‍රතිලාභය වසරකට උපරිම රුපියල් එක්ලක්ෂ පනස් දහසක්, බාහිර රෝගී අංශ ප්‍රතිකාර සඳහා වසරකට රුපියල් පහළොස් දහසක් දක්වා ප්‍රතිලාභ ලබා දෙයි.

“ප්‍රේක්ෂා” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් සංකේතාත්මකව රක්ෂණාවරණ හිමිකම් ඔප්පු ප්‍රදානය සඳහා ද අගමැතිවරයා එකතුවී තිබේ..

මෙම උත්සව අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකල කතාව මෙසේය ,

"මම සභාපතීත්වය දරන ටවර් හෝල් රඟහල පදනම ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව පිළිබඳ, නාට්‍යවේදීන් පිළිබඳව කටයුතු කරනු ලබන ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතත්වය දරන ආයතනයයි.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සමස්ත ලෝකවාසීන් මහා ව්‍යසනයකට ගොදුරුව ඇති අවස්ථාවක සියලු කලා මාධ්‍යන්හි නියුතු ශිල්පීන් සහ එම කලා මාධ්‍යන් දැඩි අර්බුදයකට ලක්ව තිබුණා.
එවැනි අවස්ථාවක ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ඉල්ලීම සලකා බලමින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා සහන පොලියක් මත රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට අපට හැකිවීම පිළිබඳව මම සතුටට පත් වෙනවා.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ටෙලි නාට්‍ය රූගත කිරීම් නැවතී තිබුණ අවස්ථාවේ නිරෝධායන නීති රීති සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ටෙලි නාට්‍ය රූගත කිරීම සඳහා අපි අවස්ථාව ලබා දුන්නා.
එම හේතුවෙන් එම ටෙලි නාට්‍ය අඛණ්ඩව රූගත කිරීමට අවස්ථාව ඔවුන්ට උදා වුණා. මෙම කොවිඩ් අර්බුදය හමුවේ වේදිකා නාට්‍යවේදීන්ට තම නාට්‍ය නිර්මාණ වේදිකාගත කිරීමට අවස්ථාවක් ලැබු‍ණේ නැහැ.
ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් රංග ශාලාවලින් ඈත්ව සිටින අවස්ථාවක ටවර් හෝල් රඟහල පදනම මඟින් සංවිධානය කළ ප්‍රේක්ෂා රංගකලා මහෝත්සවය තුළින් නාට්‍යවේදීන්ට, රංගන ශිල්පීන්ට මෙන්ම ප්‍රේක්ෂකයින්ට, තම ජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයක්. ඒ තුළින් නාට්‍ය කලාවේ නව පිබිදීමක් ඇති වුණා කියලා ඔබ සියලු දෙනා දන්නවා.
දෙවන කොවිඩ් වසංගතය හමුවේ, නැවත් සියලු කලාවන් බිඳ වැටුණු අවස්ථාවක ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉතාමත්ම පහත් තත්ත්වයන්ට බිද වැටුණා. එවැනි අවස්ථාවක මෙම ප්‍රේක්ෂා රක්ෂණාවරණය හඳුන්වා දෙමින් නාට්‍යවේදීන් 500 දෙනෙකු සඳහා රජයේ සම්පූර්ණ වියදමින් මෙම රක්ෂණාවරණය අපි හඳුන්වා දුන්නා.
රජය විසින් රක්ෂණ වියදම් ගෙවා ලබා දෙන මෙවැනි රක්ෂණාවරණයක් ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට.
එය සුවිශේෂී රක්ෂණාවරණයක්. රෝගාබාධයක දී ලබා ගන්නා ප්‍රතිකාර මෙන්ම රෝහලක නැවතී ලබා ගන්නා ප්‍රතිකාර සඳහා, ද මේ මඟින් ප්‍රතිලාභ හිමි වෙනවා. හදිසි මරණයක දී ඔවුන්ට විශේෂිත සහනයක් ලබා දෙන මෙම රක්ෂණාවරණය, සුවිශේෂී රක්ෂණාවරණයක්. මේ තුළින් රැකවරණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව පෝෂණය කිරීමට ඔබට ශක්තිය ධෛර්යය හා නිරෝගී සුවය ලැබේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
එමෙන් ම මෙම ප්‍රේක්ෂා රක්ෂණාවරණය ලබාදීම සඳහා මූලිකව කටයුතු කළ ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී, ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමාටත්, එතුමාගේ අමාත්‍යංශ කාර්යය මණ්ඩලයටත්, ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලයේ සියලු ම සාමාජික සාමාජිකාවන්ටත්, ටවර් හෝල් රඟහල පදනමේ කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත්, මෙම රක්ෂණාවරණය ලබා දෙන ජනශක්ති ආයතනයටත් මම මගේ ස්තූතිය පුද කරනවා'' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

m1m2m3m4m5m6m7m8m9

Last modified on Wednesday, 17 March 2021 10:14

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us