ජනතාවගේ යහපත පිණිස විශාල කාර්යභාරයක් ඉටුකරමින් තිබෙනවා - ජනපති

Published in පුවත්
Friday, 19 March 2021 18:46

රජය බලයට පැමිණීමෙන් පසු ජනතාවගේ යහපත පිණිස විශාල කාර්යභාරයක් ඉටුකර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ දිනශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුවෙඩි ප්‍රකාශ කර ඇත.

මෙම හමුව ඊයේ දින ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ දී පැවැත්වී ඇත.

එම හමුව අමතා ජනාධිපතිවරයා සිදු කල කතාව මෙසේය ,

ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීමයි. ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව වන අතර ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙනි. දැනට මේ රජය පත්වීමෙන් පසු රට තුළ වගා කළහැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා කර ඇත. දැන් මේ භෝග රට තුළ වගා කිරීම ආරම්භ කර ඇති අතර ඉන් ලැබෙන ආදායම අපේ ගමේ අපේ ගොවීනට ඉදිරියේදී ලැබෙනු ඇත.

කලින් රුපියල් 32ක් වූ වී කිලෝවකට ගෙවන මිල රුපියල් 50ට වැඩි කිරීමෙන් පසු නිෂ්පාදනය සේම ගොවීන්ගේ ආදායම ද ඉහළ ගියේය. වී මිල වැඩි කිරීමේ වාසිය එක් ප්‍රදේශයකට නොව මුලතිව්, කිලිනොච්චි, යාපනය දිස්ත්‍රික්කවල ජනතාවට ද හිමි වී ඇති අතර මානව හිමිකම් ගැන කථා කරන පිරිස් ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ ගැන කිසිවක් නොකීම සැලකිය යුතු කරුණකි.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී හා මහමැතිවරණයේදී ලද ජයග්‍රහණ උදෙසා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතුය. රජයේ ප්‍රගතිය මැන බැලීමේදී, රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රතිලාභ සලකා බැලීම වැදගත් වේ.
කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු ජනතාව අතර බෙදී යයි. එමගින් නිෂ්පාදකයාට සේම පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුකිරීමට පිළිවන් වේ. අප බලයට පැමිණීමෙන් පසු විශාල වැඩකොටසක් ඉටුකොට තිබේ.
උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කිරීමෙන් රජයේ සේවකයන්ගේ ආදායම ඉහළ ගොස් ඇත. මේ ප්‍රගතිය නොදකින පිරිස් දුර්මත සමාජගත කරමින් රට යළිත් විනාශයට ඇද දැමීමට උත්සාහ කරමින් සිටී.

ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගත්විට රජයට නිහඬව සිටීමට නොහැකිය. දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ගවයනට ආහාර පිණිස තෘණ බිම් ඇතිකළ යුතුය. පාරම්පරික ඉඩම් ගොවීනට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවේ. රජය කිසිවිටෙකත් වනාන්තර කපා දමන්නට අනුබල දී නැත. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය මූලාශ්‍ර මගින් සපුරා ගැනීමට සැලසුම් කර තිබේ. පරිසර සංරක්ෂණයට එය විශාල පිටිවහලක් වනු නිසැකය. කටු පොල් වගාව නතර කිරීමෙන් දිස්ත්‍රික්ක ගණනාවක සිදු වෙමින් තිබූ පරිසර හානියට තිත තැබිණි. පරිසරය නියාමනය කරනවා සේම සංවර්ධනය කිරීම ද අවශ්‍ය වේ.

රජය බලයට පැමිණීමෙන් පසු ජනතාවගේ යහපත පිණිස විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. රටට සතුරු බලවේග මේ සත්‍යය යටපත් කිරීමට බොරු ගොතා ප්‍රචාරය කරමින් සිටිති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තිස් අවුරුදු යුද්ධය අවසන් කොට පෙර නොවූ විරු ආර්ථික සංවර්ධනයක් ඇති කළේය. එහෙත් විරුද්ධවාදීන් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයෙන් මුලා වූ ජනයා 2015 දී එතුමා පරාජය කළහ. ඉන්පසු සිදුවූයේ දැවැන්ත විනාශයකි. ජාතික ආරක්ෂාව බිඳ වැටිණ. ආර්ථිකය ද කඩා වැටිණ. රටේ ස්වාධීනත්වය පාවා දෙනු ලැබීය. දැන් නැවත වරක් අපි රට එදා තිබුණු තත්ත්වයට පත් කිරීමට වැඩකරමින් සිටින්නෙමු.

රජයේ අවංක උත්සාහය රට ගොඩනැගීමෙන් ජනතාවට සමෘද්ධිය අත්කරදීම වන අතර ඒ අරමුණ දිනාගැනීම සඳහා එක්ව වැඩ කළ යුතුය.
මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර , උවදුර මුලිමනින් තුරන් කිරීමට යම් කලක් ගතවනු ඇත.
මේ වසර තුළ කාන්තාවන් උදෙසා ස්වයං රැකියා දෙලක්ෂයක් උත්පාදනය කිරීමට නිශ්චිත පියවර ගෙන තිබෙනවා '' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

g1g2g3g4

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us