පවුල් 1200 ක් ආර්ථිකය ගොඩනඟන මිරිස් වගා ව්‍යාපෘතියක්!

Published in පුවත්
Saturday, 20 March 2021 12:13

පවුල් 1200 ක් ආර්ථිකය ගොඩනඟන මිරිස් වගා ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සංකල්පයක් මත පසුගියදා ආරම්භ විය.

ඒ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 1200 ක් ගොවීන් මෙම වගාව මේ වනවිටත් ආරම්භකොට තිබෙන බව වාර්තා වෙනවා.

පළමු අදියර යටතේ මෙම පිරිසට ආධාර ලබාදෙන්නේ අක්කර ¼ ක් වගාවක් සඳහා රුපියල් 206,000 ක ආධාරයක් අඩු පොළී අනුපාතය යටතේ (6.5%) රුපියල් 135,000 ක ණයක් මෙම ගොවීන්ට ලබා දී තිබේ.

කාබනික පොහොර භාවිතය, පොලිසැක් යොදා වල් පැළ හට නොගන්නා ආකාරයේ නව තාක්ෂණය, නවීන තාක්ෂණ උවදුරුවලට මුහුණ දිය හැකි පරිදි ආරක්ෂිත දැල් යොදා සකස් කිරීම ඇතුළු කෘෂිකර්මය, දේශීයත්වයත් රැකගනිමින් නවීනත්වයට ගෙන යාම මෙම මිරිස් වගා ව්‍යාපෘතියේ විශේෂත්වයයි.

මැදවච්චිය ගල්ලෑල්ලගම ප්‍රදේශයේ මෙම වැඩසටහන යටතේ මිරිස් වගා බිම් අමාත්‍ය මහින්දානන්ද සමගින් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න ඇතුළු නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ

එහිදි අමාත්‍යවරයා ගොවි ගැටළු ද සාකච්ඡා කළ අතර, ප්‍රදේශයේ කෘෂිකාර්මික ගැටළු රැසකට විසඳුම් ලබා දීමට පියවර ගෙන ඇත. අදාළ ප්‍රදේශයේ මෙම මිරිස් වෙළඳපොළට නිකුත් කිරීම දක්වා මෙම ව්‍යාපෘතිය වැඩිදියුණු කරන ලෙසද එහිදී අලුත්ගමගේ අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය (SAPP) මේ සඳහා රුපියල් මිලියන 548 ක් ආධාර ලෙස ගොවීන්ට ලබා දී ඇත. රටේ ජාතික වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙ.ටො 50,000 කි. 100% දැනට මිරිස් ආනයනය කරයි. අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක 07 ක ඉඩම් හෙක්ටයාර් 8,000 ක් හඳුනාගෙන ජාතික මිරිස් අවශ්‍යතාව 100% ක්, වසර 03 ක් තුළ සම්පූර්ණ කිරීම රජයේ ඉලක්කයයි.

ඒ ස‍ඳහා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය, එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට යාපනය, මුලතිව්, අනුරාධපුර දිස්ත්‍රික්වල මිරිස් වගාකරන ගොවිබිම්වලටම ගොස් මහින්දානන්ද අමත්‍යවරයා ගොවීන්ගෙන් කරුණු විමසා සිටියා. ඔවුන්ට අවශ්‍ය සියලු සහාය ලබාදීමටත්, ඉඩම් ඇතුළු ගැටළු නිරාකරණයටත් අමාත්‍යවරයා එහිදී පියවර ගෙන ඇත. තරුණ තරුණියන් කෘෂිකර්මයට දායක කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

m1m2m3m4m5m6

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us